සිංගර් සහ ZTE කෝපරේෂන් එක්ව ZTE ස්මාර්ට්ෆෝන් වෙළඳ නාමය නිල වශයෙන් මෙරට වෙළඳපොළට හඳුන්වා දී ඇත.
මෙම වැඩසටහන මාර්ගගත ක්‍රමයට පැවැත්වූ අතර එහිදී ZTE සන්නාමයේ මෙරට අලෙවි නියෝජිත වශයෙන් සිංගර් නිවේදනය කළේ ප්‍රවේශ මට්ටමේ සිට මිඩ්රේන්ජ් සහ ෆ්ලැග්ශිප් යන මාදිලිවලින් සමන්විත පුළුල් පරාසයක ZTE ස්මාර්ට්ෆෝන් පෙළක් හැකි ඉක්මනින් මෙරට වෙළඳපොළ වෙත ඉදිරිපත් කරන බවයි.
මෙම මාර්ගගත වැඩසටහනේදී සිංගර් විසින් ZTE හි ZTE V30 ස්මාර්ට්ෆෝන් මාදිලිය එළිදැක්වූ අතර නවීන අංගවලින් හා ආකර්ෂණීය පෙනුමකින් සමන්විත ZTE V30 සහ ZTE V30 Vitaද ඒ අතර විය.
ZTE සන්නාමය නවීන පාරිභෝගික අවශ්‍යතාවලට ගැළපෙන පරිදි ස්මාර්ට්ෆෝන් තාක්‍ෂණය වැඩි දියුණු කිරීමට කැපවී සිටින අතර වේගය, ක්‍රියාකාරීත්වය සහ කැමරාව කෙරෙහි වැඩි අවධානයක් යොමු කරයි.
මෙම නවතම ZTE ස්මාර්ට්ෆෝන් සන්නාම හඳුන්වාදීම පිළිබඳ සිය අදහස් දක්වමින්, සිංගර් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙසේ පැවැසීය.
‘‘අප පාරිභෝගිකයන් වෙනුවෙන් පුළුල් පරාසයක තෝරාගැනීමේ පහසුකම් සහිත ලොව සුපතල ස්මාර්ට්ෆෝන් සන්නාමයක් ශ්‍රී ලංකාවට ගෙන ඒමට හැකිවීම අපිට ආඩම්බරයක්. ZTE හි නව ස්මාර්ට්ෆෝන් වේගය, කාර්යසාධනය, ඉහළ ගුණාත්මකභාවය, කැමරා නවෝත්පාදන යන සියලුම අංශවල ඉහළ දියුණුවක් අත්පත් කරගෙන ඇති අතර ස්මාර්ට්ෆෝන් පරිශීලකයන් සඳහා විශිෂ්ට අත්දැකීමක් ලබා දෙයි. මෙම හඳුන්වාදීමත් සමඟම සිංගර් විසින් නවතම තාක්‍ෂණය සහිත ZTE ස්මාර්ට්ෆෝන් සියලුම පාරිභෝගිකයන්ට තරඟකාරී මිල ගණන් යටතේ ලබාගැනීමට පහසුකම් සපයා ඇති අතර සැප්තැම්බර් මාසයේ සිට නව ZTE ස්මාර්ට්ෆෝන් පරාසය හඳුන්වා දීමට අපි බලාපොරොත්තු වෙනවා.”
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිංගර් ZTE ස්මාර්ට්ෆෝන් සන්නාමය මෙරටට හඳුන්වා දෙයි