ශ්‍රී ලංකාවේ දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියන සිංගර් 1877 දී සරල මහන මැෂින් නිෂ්පාදන සමාගමක් ලෙස ආරම්භ විය. අද වන විට මෙරට ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ පුරෝගාමියකු ලෙස සිය සාර්ථකත්වය සනිටුහන් කරමින් ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාම 60කට අධික සංඛ්‍යාවකට අයත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ 600කට අධික ගණනක් සහ ගෘහ උපකරණ 1200කට අධික සංඛ්‍යාවක් පාරිභෝගිකයන් වෙත පිරි නමමින් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සන්නාමය බවට පත්ව තිබේ.
සියලුම පාරිභෝගික අවශ්‍යතාව මැනවින් හඳුනා ගනිමින් සැමට එක ලෙස සේවා සපයන, වසර ගණනාවක් පුරා සාර්ථකත්වයක් අත්විඳින සමාගමක් ලෙස 2021 වර්ෂයේ දී ශ්‍රී ලාංකීය ජන ජීවිතය නගා සිටුවීම සහ සශ්‍රීක කිරීමේ ප්‍රමුඛයා වීම ‘ යන සිය ‘නව දැක්ම‘ හඳුන්වා දෙන ලදී.
සිංගර් හි නව දැක්ම සපුරාලීමට අවශ්‍ය මාර්ගෝපදේශ රැසක් සමාගම විසින් සිය කාර්ය මණ්ඩලය වෙත මෑතක දී හඳුන්වා දුන් අතර වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට නව්‍ය ක්‍රම සොයා ගැනීම, අභ්‍යන්තර කටයුතුවල දී අඛණ්ඩව වගකීම් දැරීම සහ අවංකව සේවය කිරීම, සාමූහික සාර්ථකත්වය වැනි වැදගත් කරුණු රැසක් එහි අන්තර්ගත වේ. තව ද සිය සමාගම තුළ සහ පාරිභෝගිකයන් සහ සියලුම පාර්ශ්වකරුවන් අතර දයාව සහ ගෞරවය ප්‍රවර්ධනය කිරීමට ද සිංගර් පෙරමුණ ගනු ඇත.
සිංගර් හි නව දැක්මේ වඩා වැදගත් අංගය වනුයේ සිංගර් සන්නාමය අනාගතයේ දී සිදු කරනු ලබන සෑම කටයුත්තක් සඳහාම ‘හදවතේ නිවහන’ යන සිය නවතම තේමාව පෙරදැරි කර ගැනීමයි.
මෙම නව දැක්ම සහ තේමාව පිළිබඳ අදහස් දක්වමින්, සිංගර් ශ්‍රී ලංකා සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙලෙස පවසයි. ”මෙය සිංගර් ඉහළම තලයකට ගෙන යාම වෙනුවෙන් අපගත් ප්‍රයත්නයේ තවත් එක් පියවරක්. අපගේ නව දැක්ම සහ වටිනාකම්, නවීකරණය කරන ලද ප්‍රදර්ශනාගාර, වැඩි දියුණු කළ පාරිභෝගික සේවා සහ නව සන්නාම යෝජනාව අනාගතයේ දී සිංගර් සන්නාමය සහ අපගේ පාරිභෝගිකයන් නව තලයකට ගෙන යනු නොඅනුමානය.”
-සටහන- චමින්ද මුණසිංහ
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සිංගර් සිය නවතම තේමාව හඳුන්වා දෙයි