X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


සිග්නේචර් රග්බි බල ගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඟලුම් සන්නාමයක් වන Signature, එක්සත් රාජධානියේ බර්මින්හැම් හි පැවැත්වෙන 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වන ශ්‍රී ලංකා රග්බි පිරිමි සහ කාන්තා ජාතික සත් සාමාජික කණ්ඩායම්වල ක්‍රීඩා “නිල ඇඳුම් සහකරු” ලෙසින් අනුග්‍රාහකත්වය දැක්වීමට ඉදිරිපත්ව සිටී.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි මස 28 වැනිදා සිට අගෝස්තු මස 8 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. මේ වන විටත් ජාතික රග්බි තේරීම් කමිටුව විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 දෙනකුගෙන් යුත් සංචිතයක් තෝරා පත් කර ගෙන තිබේ. ශ්‍රී ලංකාවේ අංක 1 පිරිමි ඇඟලුම් සන්නාමය වන හමීඩියා විසින් සැමට දැරිය හැකි මිල ගණන් යටතේ ගුණාත්මක පිරිමි ඇඟලුම් පාරිභෝගිකයන් හට ලබාදීම සඳහා 1990 දී Signature සන්නාමය ශ්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වා දෙන ලදී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Signature සන්නාම කළමනාකරු අම්ජාඩ් මරික්කාර් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

“ශ්‍රී ලාංකීය තරුණයන් අතර වඩාත් ප්‍රචලිත පිරිමි ඇඳුම් සන්නාමය ලෙසින් 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලංකා රග්බි සංචිතයේ “නිල ඇඳුම් සහකරු” වීමට ලැබීම ගැන අපි ආඩම්බර වනවා. මෙම තරඟ ඉසව්ව අපගේ රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔවුන්ගේ ශක්තිය සහ හැකියාව ලොවටම ප්‍රදර්ශනය කිරීමට කදිම අවස්ථාවක් ලබා දෙනු ඇතැයි මා විශ්වාස කරනවා. අපගේ රග්බි ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහයෝගය දැක්වීමට ලැබීම ගැන අප ආයතනය ආඩම්බර වන අතර ඔවුන්ට තරගාවලියේ ජයග්‍රහණය කරා යෑමට සුභ පැතුම් එක්කරනවා.”

595



අදහස් (0)

සිග්නේචර් රග්බි බල ගන්වයි

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site