X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


සිමෙන්ති කම්හල් වලට තායි රටෙන් නව ආයෝජන

පුත්තලම හා ගාල්ල සිමෙන්ති කර්මාන්ත ශාලා සදහා නව ආයෝජන සිදු කිරිමට තායිලන්තයේ ප්‍රධාන සිමෙන්ති නිෂ්පාදන ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සිවා මහසන්දන ඇතුළු ප්‍රධාන පෙළේ නිලධාරිහු පිරිසක් අද (10)  ජනපති මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමා හමුවී පැවසුහ.

ශ්‍රී ලංකාව වර්තමානයේ ළඟාකර ගෙන තිබෙන ආර්ථීක වර්ධන වේගය  නියෝජිත පිරිසගේ ඇගයීමට ලක් වූ බවත් ශ්‍රී ලංකාව  ආයෝජන සඳහා ඉතා සුදුසු රටක් බවත් ඉදිරියේදී ශ්‍රී ලංකාව තුළ තවත් ආයෝජන රැසක් සිදු කිරීමට තම සමාගම කැමැති බව ඔහු ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ පවතින නව ආයෝජන අවස්ථා පිළිබද ජනපති නියෝජිත පිරිස දීර්ඝ වශයෙන් දැනුවත් කළේය.

ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපති ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

unnamed

(ජායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)



අදහස් (0)

සිමෙන්ති කම්හල් වලට තායි රටෙන් නව ආයෝජන

ලලිත් Wednesday, 10 August 2016 01:21 PM

අපේ රට විශාල දියුණුවකට යන්නට සුදානම් වන බව ඇත්ත. නමුත් එම දියුණුවේ පල නෙලන්නට විදේශිකයන්ට දීල අපි උඩබලාගෙන ඉන්න එකත් වැඩක් නැහැ. ඉදිරි සංවර්ධන වැඩ වලදී සිමෙන්ති අත්‍යවශ්‍ය දෙයක්. මෙම සමාගම් නවීකරණයට දැනට සිටින දේශීය සමාගම් වලට නය මුදලක් සැපයුවොත් ඔවුන් එම මහාපරිමාණ ඉඳිකිරීම් වලට අවශ්‍ය තරම් සිමෙන්ති සපයාවි. නැතිනම් වෙන්නේ එම මුදලත් විදේශිකයන්ට යන එකයි. මේක ආයෝජනයක් නොවෙයි දැනට අපසතු අදායම් මාර්ගයක් අත්පත්කර ගැනීමක්. අප ඉන්දියාව සමග ගිවිසුම් ගසන්නේ විදේශික මහාපරිමාණ සමාගම් වලට එයින් පල නෙලා ගැනීමට පමණක්මද? එනිසා දැනට සුළු පරිමාණයෙන් ඇති දේශීය සමාගම් මහාපරිමාණ සමාගම් බවට පත් කිරීමට අත දෙනවනම් මේ සංවර්ධනය වඩාත් රටට ප්‍රයෝජනවත් වෙනවා ඇති.(රේ)

:       0       0

උපාලි Thursday, 11 August 2016 04:19 PM

ලලිත්, සහතික ඇත්ත (නි)

:       0       0

ධනුෂ්ක Sunday, 14 August 2016 12:27 PM

එහෙම ණය දෙන්න තරම් රජයට තවම වත්කම් අඩුයි.නිකන් පාඩු ලබනවට වඩා මේ අවස්ථාවේ රජය අරන් තියන තීරණය ගොඩක් හොඳයි. (බ)

:       0       0

සුනිල් Monday, 15 August 2016 10:10 AM

පුත්තලම සිමෙන්ති කම්හල කියන්නේ නිධානයක් හා සමානයි , ඕක ලංකාවේ කෙනෙකුට කරන්න පුළුවන්, නමුත් අදාල බලධාරීන් දෙන්නේ නැහැ , කොමිස් (පගාව) තමා හේතුව. (බ)

:       0       0

ලලිත් Friday, 19 August 2016 01:34 AM

ධනුෂ්ක, අපිට වැඩිය අඩු අාදායම් ඇති රටවල් පවා දේශීය කර්මාන්තකරුවන්ට අත දෙනවා. සමහර රටවල් ණය දෙන්න මුදල් නැති නිසා විදේශීය ණයදෙන ආයතන වලට අැපකරුවෙක් ලෙස ඉදිරිපත් වෙනවා. කරන්න නම් ඕනෑතරම් වැඩ තිබෙනවා. ප්‍රහාරක ගුවන් යානා දහයක් දොළහක් ගන්න සල්ලි තියෙන, නේවාසිකාගාරයක් කාපට් අතුරලා ඉඳිකරන්න සල්ලි තියෙන රටේ සිමෙන්ති කම්හල පිටරටකට දෙන එක හොඳයි කියන එක පිළිගන්න තරම් ජනතාව මෝඩ නැහැ. අරගොල්ලෝ ණයට ගෙනවිත් වියදම් කළා. මේගොල්ලෝ ණය නොගෙන ගෙදර තියෙන දේ විකුණාගෙන කන්න හදනවා. මොනවා කළත් අල්ලපු රට අපි බලාපොරොත්තුවෙන මාවතේ යන්න කිසිම රජයකට ඉඩදෙන්නේ නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site