X Advertisement
IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


සියලු ආර්ථික මධ්‍යස්ථාන එකම භාරයක් යටතට

ශ්‍රී ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල එක භාරයක් යටතට ගන්නා බවත්, එමගින් අතරමැදියන්ගෙන් තොරව ගොවියාටත්, පාරිභෝගිකයාටත් සාධාරණයක් ඉටුකිරීමට අපේක්ෂා කරන බවත් කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද(11) කෘෂිකාර්මික අමාත්‍යංශයේදී පැවැසීය.

ගොවියාගේ අස්වැන්නට සාධාරණ මිලක් ලබා දීමත්, පාරිභෝගිකයාට සාධාරණ මිලක් යටතේ එළවළු මිලදී ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා ආර්ථික මධ්‍යස්ථානවල කටයුතු ක්‍රමවත්ව සිදුකිරීම පිළිබඳව පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අලුත්ගමගේ මහතා මෙසේ ද කීය.

 “ රජයක් හැටියට අපිට තියෙන යුතුකමක් තමයි ජනතාවට සාධාරණ මිලට භාණ්ඩ ලබා දීම. එක දවසක් බඩු මිල වැඩි වුණොත් බනින්නේ ආණ්ඩුවට. ඒ නිසා ආණ්ඩුව හැටියට අපි බැදිලා ඉන්නවා සාධාරණ මිලට බඩු ටික බෙදා දෙන්න. කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට අපිට තියෙන්නෙ වවන්න. අපි ජනතාවට අවශ්‍ය සියලු ආහාර නිෂ්පාදනය කරන්න, ආනයනය සීමා කරන්න කටයුතු කරනවා. බඩු මිල වැඩි නිසා රජය තීරණයක් ගත්තා, බඩු මිල අඩු කරන්න. ඒ අනුව අල,ලූනූ,පරිප්පු වගේ අත්‍යවශ්‍ය භාණ්ඩ 27ක් මාස 03ක කාලයක් පාලන මිලට ලබා දෙන්න රජය තීරණය කළා. වෙළඳ අමාත්‍යාංශය සතොස සහ සමූපකාර ආයතන එක්ක එකතුවෙලයි මේක කරන්නේ. ඒවා රජයේ ආයතන.
 
ආර්ථික මධ්‍යස්ථානත් අයිති රජයට. ඒවා හදන්න මිනිස්සුන්ගේ සල්ලි බිලියන ගණන් වියදම් කරලා තියෙනවා. ආර්ථික මධ්‍යස්ථාන කියන්නේ කඩ දීලා, කඩ කුලී එකතු කරන තැනක් විතරක් නෙවෙයි. මේක රාජ්‍ය යාන්ත්‍රණයේ කොටසක්. ආර්ථික මධ්‍යස්ථාන හදපු අරමුණේ දැන් අපි නැහැ. පාරිභෝගිකයාට සාධාරණ මිලක් යටතේ එළවළු ලබා දෙන්න ක්‍රමවේදයක් හදන්න කියලා ජනාධිපතිතුමා අපිට කිව්වා. ආර්ථික මධ්‍යස්ථාන දෙන්න ඕනේ ගොවියට. එතකොට ගොවියට පුළුවන් සාධාරණ මිලකට එළවළු ලබා දෙන්න. නමුත් දැන් මේක ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් පමණක් මෙහෙයවන තැනක් වෙලා. එළවළු ටික තැන් 4කට විතර ගිහින් තමයි පාරිභෝගිකයාට ලැබෙන්නේ. අතරමැදියෝ වැඩියි. යාන්ත්‍රණය හරියට හැදුණු නැති ගැටළුවයි මේ තියෙන්නේ.
 
ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකරුවන්ගේ වගකීම කඩ කුලිය එකතු කරන එක විතරක් නෙවෙයි. අපි බලාපොරොත්තු වෙනවා ලංකාවේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල එක භාරයක් යටතට ගන්න. සතොස වගේ ආයතනයක් හදන්න. අතරමැදියන්ගෙන් තොර ක්‍රමවේදයක් හදලා ගොවියාටත්,පාරිභෝගිකයාටත් සාධාරණයක් කිරීම අපේ අපේක්ෂාවයි. ගොවියා ගමේ අඬනවා බඩු ටික විකුණගන්න බෑ කියලා. පාරිභෝගිකයා කියනවා බඩු ගණන් කියලා. අතරමැදියා ලාභ ලබනවා. අතරමැදියාට යන ලාභය නැති කරලා ගොවියා සහ පාරිභෝගිකයා යන දෙපාර්ශවයටම සාධාරණයක් කිරීමටයි අපට අවශ්‍ය. ගොවි සංවිධානවලට ආර්ථික මධ්‍යස්ථානවල කඩ ලබාදෙනවා. එතකොට මැනිං වෙළඳපොළෙන් එළවළුගන්න බෑ. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් ආර්ථික මධ්‍යස්ථානවලට ගේන ලොරි පරීක්ෂා කරනවා. පිටින් බඩු ගේන්න බෑ. පිටින් බඩු ගෙනාවොත් මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න බැහැ. ගොවි සංවිධානවලට කලින් ඇණවුමම දුන්නම ඔවුන් ආර්ථික මධ්‍යස්ථානවලට බඩු ගෙනත් දෙනවා. ඔවුන්ගේ බඩුවලට මුදල් ගෙවීම කළමනාකරු සතු වගකීමක්. බඩු ටික විකුණන වගකීමත් කලමනාකරු සතුයි. ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාරීත්වයටත් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරියෙක් පත් කරනවා. ගොවි සංවිධානවලට එකතු කිරීමේ මධ්‍යස්ථාන ලබා දෙන්නට අපි කටයුතු කරනවා. එතකොට ගොවීන්ට තමන්ගේ එළවළු පිරිසිදුව ආර්ථික මධ්‍යස්ථානවලට ලබා දෙන්න පුළුවන්. තව මාස 03ක් ඇතුළත ආර්ථික මධ්‍යස්ථානවල අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරනවා” යැයිද පැවසීය.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා, ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරුවෝ, ආර්ථික මධ්‍යස්ථානවල වෙළඳ සංගම් නියෝජිතවරු, අමාත්‍යාංශ නිලධාරීහු එක්ව සිටියහ.
 



අදහස් (7)

සියලු ආර්ථික මධ්‍යස්ථාන එකම භාරයක් යටතට

Rata Perata Saturday, 13 February 2021 09:09 AM

ඒක හොඳයි නේද? එතකොට කන්න ලේසියි. අපි ඉතින් අතීත පැටිකිරිය දන්නවනේ..

:       5       8

janahitha Sunday, 14 February 2021 10:01 AM

එතකොට කන්න ලේසියි පැටිකිරියම...

:       2       2

WCA Tuesday, 16 February 2021 11:32 AM

කටින් බතල හිටුවීමට හොඳ උදාහරණයක්..., අඩුගානේ අතරමැදියන් කරන සේවාව ගැනවත් අවබෝධයක් නැතිකොට...

:       1       4

Sugath Tuesday, 16 February 2021 11:38 AM

ගොවියන් සුපර්මාර්කට් වල තියෙන විදියට බඩු ගෙනත් දෙනවා කියලා හිතන් ඉන්නේ රටේ ඇමතිලා. මහත්තයෝ දැනගන්න ඔක්කොම බඩු හොඳ කොලිටියෙන් එන්නේ නෑ. ඒවාට එක එක ග්‍රේඩ්ස් තියෙනවා. ඒ ඒ විදියට තමයි මිල දෙන්නේ. ඕවා හඳුනාගන්න හොඳ දැනුමක් තියෙන්න ඕනේ අතරමැදියන්ට. නැත්නම් ඔය බිස්නස් එක කරන්න බෑ. හැමදාම ඔය වගේ කයිවාරු ගහගහ ඉන්න පුළුවන්... හැබැයි කරන්න බෑ...

:       1       2

fairoos Wednesday, 17 February 2021 09:29 AM

2011 ලෝක කුසලානය දැන් අමතක වෙලාද? මෙයාලටත් අපේ අය ඡන්දෙ දුන්නනේ..

:       0       1

Kapila Friday, 19 February 2021 03:12 PM

ආණ්ඩුවට අවුරුද්දක් ඉවරයි. ඉක්මන් කරන්න වෙයි ඇමැතිතුමා.. ඔය වැඩේ කරන්න. මොකද අපි අවුරුදු 150ක් ජීවත් වෙන්නේ නෑනේ... අපි පව් ඔයාලනම් ගොඩනේ...

:       0       1

Nuwan Sunday, 21 February 2021 09:53 PM

සත 05කට වැඩක් නැහැ. මේ ඔක්කොම එක තැනකට තන්නවා කියලා කරන්නේ තමුන්ගේ හෙංචයියෝ දාලා ගසාකන එක..

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site