( තිළිණි ද සිල්වා )
කොවිඩ් වසංගතය පැමිණීමට පෙර මෙරට මගී මෙහෙයුම් සිදු කළ සියලුම ජාත්‍යන්තර ගුවන් සමාගම් නැවත මෙරට ගුවන් මෙහෙයුම් ඇරඹිමට එකඟත්වය පල කළ බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අද(21) පැවසීය .
සංචාරකයන්ට රට විවෘත කරමින් වානිජ ගුවන් ගමන් ආරම්භ කළ අද දිනය තුල පමණක් වානිජ ගුවන් ගමන් 15 ක් පමණ සිදු වූ බවද අමාත්‍යවරයා කීය.
කොවිඩ් 19 වසංගතය රට තුල පැතිරීමට පෙර තිබූ තත්වයටත් වඩා දියුණු තත්වයකට සංචාරක ව්‍යාපාරය දියුණු කිරීම රජයේ අපෙක්ෂාව බව පැවසූ ඇමතිවරයා ඒ සදහා කිසියම් කාලයක් ගත විය හැකි බවද කියා සිටියි.
සංචාරකයන්ට රට විවෘත කිරීම නිළ වශයෙන් ප්‍රකාශයට පත් කිරීම සදහා අද (21) උදෑසන කොළඹ දී පැවති උත්සවයකදී ඇමති ප්‍රසන්න රණතුංග මහතා මේ බව සදහන් කලේය. සංචාරක සංවර්ධන අධිකාරිය එය සංවිධානය කර තිබුණි.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු ඇමතිවරයා මෙසේද කිවේය.
මේක ජාතික යුතුකමක් සහ වගකීමක් හැටියට අපේ අමාත්‍යාංශය හදුනාගත් නිසා මාස 10 ක් තිස්සේ සංචාරකයන්ට වසා දමා තිබූ රට අද සිට නැවත විවෘත කරනවා. අපේ එකම අරමුණ සංචාරකයන්ගෙන් සමාජයටත්, සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් වසංගතය බෝවීම වැලැක්වීමයි ඒ සදහා අපි ගත හැකි ගත යුතු සියළු ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා ශ්‍රී ලංකාව සුරක්ෂිතයි. සුරක්ෂිත සංචාරක ගමනාන්තයක් සදහා මේ සුන්දර දිවයිනට එන්නැයි අපි ලෝකය පුරා සිටින සියළුම සංචාරකයින්ට ආරාධනය කරනවා.
කොවිඩ් වසංගතය පැමිණීමට පෙර අපේ රටට ජාත්‍යන්තර ගුවන් සමාගම් 35 ක් පමණ මගී මෙහෙයුම් සිදු කලා. ඒ සියළු ගුවන් සමාගම් අප සමග යලි වානිජ ගුවන් මෙහෙයුම් ආරම්භ කිරීමට කැමැත්ත පල කර තිබෙනවා. අපි දෛනිකව ගුවන් මෙහෙයුම් 80ක් පමණ සංඛ්‍යාවක්
කටුනායක ගුවන්තොටුපොල තුල සිදුකලා. ලෝකයේම ක්‍රියාත්මක නව සාමාන්‍යකරන වැඩ පිළිවෙල යටතේ එවැනි තත්ත්වයකට පැමිණීමට ටික කාලයක් යාවි. නමුත් ක්‍රමක් ක්‍රමයෙන් එය සිදුවේවියැයි අපි අපේක්ෂා කරනවා. ඒ වගේම සංචාරකයන්ගේ පැමිණීමත් මාස 06, 07ක්
යනකොට යථා තත්ත්වය පත්වේවි යැයි අපි අපේක්ෂා කරනවා. රජයේ ඉලක්කය කොවිඩ් 19 වසංගතය රට තුළ පැතිරීමට පෙර තිබූ තත්ත්වයටත් වඩා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමයි. ඒකට කාලයක් ගතවේවි.
නැවත වතාවක් මේ අභියෝගය ජයග්‍රහණය කිරීම සදහා සියළුම අයගේ සහාය ඉල්ලා සිටිනවා. නැවතත් සංචාරකයන්ට ආරාධනා කරනවා. දැන ඔබට මේ රට විවෘතයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සුරක්ෂිත ගමනාන්තයක් සදහා මේ දිවයිනට එන්න.
යනකොට යථා තත්ත්වය පත්වේවි යැයි අපි අපේක්ෂා කරනවා. රජයේ ඉලක්කය කොවිඩ් 19 වසංගතය රට තුළ පැතිරීමට පෙර තිබූ තත්ත්වයටත් වඩා සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමයි. ඒකට කාලයක් ගතවේවි.
නැවත වතාවක් මේ අභියෝගය ජයග්‍රහණය කිරීම සදහා සියළුම අයගේ සහාය ඉල්ලා සිටිනවා. නැවතත් සංචාරකයන්ට ආරාධනා කරනවා. දැන ඔබට මේ රට විවෘතයි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සුරක්ෂිත ගමනාන්තයක් සදහා මේ දිවයිනට එන්න.‘
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සියලු ජාත්‍යන්තර ගුවන් සමාගම් යළි මගී මෙහෙයුම් අරඹන්න යයි
Lanka Friday, 22 January 2021 12:56 PM
කෝවිඩ්-19 සඳහා අදාල එන්නත් ලබාගෙන ලංකාවට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් සහ විදේශිකයන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රජය අනුගමනය කරන ප්‍රතිපත්තිය කුමක්ද?
සමින්දSunday, 24 January 2021 02:40 PM
එන්නත විදගෙන ආවොත් සාමාන්‍ය විදියට සංචාරය කරන්න පුළුවන් විදියට මෙම ක්‍රමය හඳුන්වා දෙන්න... අනිත් දේ තමයි අපේ රටේ වීසා නිකුත් කරනවිට එන්නත විදගෙන ඒම අනිවාර්යය කරන්න. මේ රටේ සාමාන්‍ය ජනතාව වෙනුවෙන්... ඔවුන්ගේ කුඩා ව්‍යාපාර වෙනුවෙන්... ලොකු ව්‍යාපාර වෙනුවෙන් විතරක් හිතන්න එපා... එන්නත අපේ රටේ දෙන විට සංචාරක ව්‍යාපාරයේ ඉන්න අය ගැන සැලකිලිමත් වෙන්න.