ලෝක ළමා දිනය නිමිත්තෙන් ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපාන සේවා අමාත්‍යංශය සමග එක්ව ශ්‍රී ලංකාවේ සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථාන 379 වෙතම නොමිලේ අන්තර්ජාල සබඳතා සැපයීමට කටයුතු කළේය.
ඩයලොග් සමාගම එහි ආරම්භයේ පටන්ම, දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් පිරිනැමීම උදෙසා සිය තාක්ෂණයන් සහ හැකියාව යෙදවීමට කටයුතු කර ඇත. මේ අතරට ඩයලොග් ආයතනය විසින් ප්‍රජා ආයෝජන රැසක් සිදුකර තිබේ. ඒ අතුරින් නැණස ඩිජිටල් අධ්‍යාපන මාධ්‍යය හරහා පාසල් 2000 කට සන්නිවේදන පහසුකම් ලබාදීම, ඩයලොග් ටෙලිවිෂන් සහ ViU App ඔස්සේ මෙරට නිවාස මිලියන 1.6කට නැණස අධ්‍යාපනික නාලිකා තුළින් සම්බන්ධවීමේ හැකියාව සැලසීමත්, නැණස ස්මාර්ට් ජංගම දුරකථන යෙදුම සහ සියලු පාසල් ඩිජිටල් පරිවර්තනයකට ලක්කිරීමේ ‘නැණස ස්මාර්ට් ස්කූල්’ වැඩසටහන සහ ඩයලොග් කුසලතා ශිෂ්‍යත්ව වැඩසටහන අයත් වේ.
වසර දෙකක කාලයක් සඳහා වන මෙම වැඩසටහනේදී, දිවයින පුරා පිහිටි සියලු ළමා සංවර්ධන මධ්‍යස්ථානවල සිටින දරුවන් 10,632 කට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊ- තක්සලාව අධ්‍යාපනික වෙබ් අඩවිය හරහා උසස් මට්ටමේ අධ්‍යාපනයක් වෙත පිවිසීමේ අවස්ථාව වෙනුවෙන් පහසුකම් සැපයේ.
ඩයලොග් ආසිආටා පී.එල්.සී හී සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් දක්වමින් මෙසේ පැවසීය. “සෑම දරුවකුටම යහපත් අනාගතයක් උදාකරමින් සියල්ලන්ටම සම අධ්‍යාපන ප්‍රවේශය ලබාදීම පිණිස වන අපගේ මෙහෙවර පෙරට රැගෙන යෑමට අවස්ථාව සැලසීම වෙනුවෙන් කාන්තා සහ ළමා සංවර්ධන, පෙර පාසල් සහ ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා අමාත්‍යංශ්‍යට අප අපේ ස්තුතිය පිරිනමනවා.”
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සියලුම ළමා සංවර්ධන මධ්‍යස්ථානවලට ඩයලොග් වෙතින් නොමිලේ අන්තර්ජාල පහසුකම්