සෙලාන් බැංකුව, මෙරට ප්‍රථම විද්‍යුත් පාපැදිය සැලසුම් කර නිෂ්පාදනය කිරීමේ කටයුතුවල නිරත වී සිටින Rodha Life (පුද්.) සමාගම සමග විශේෂ හවුල්කාරීත්වයකට එළඹීමට පසුගියදා කටයුතු කළේය. මෙම හවුල්කාරීත්වය මගින්, Rodha Life සමාගම හට නවෝත්පාදනය මුල්කරගත් පුරෝගාමී දේශීය ප්‍රවාහන විසඳුම් සමාගමක් බවට පත්වීම සඳහා දරන උත්සාහයේදී ඔවුන්ට ඉහළම තලයේ බැංකු සේවා ඇතුළුව ප්‍රතිලාභ රාශියක් හිමිවනු ඇත.
මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වලට ඇති හැකියාව අනුව, එම ව්‍යාපාර වර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය ලබාදිය යුතු බව සෙලාන් බැංකුවේ විශ්වාසයයි.
‘සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සවිබල ගැන්වීම සහ ඔවුන් දිරිමත් කිරීම සම්බන්ධයෙන් අපගේ ප්‍රමුඛතම අවධානයක් යොමු වී තිබෙනවා. COVID -19 කාලසීමාව තුළ මෙම ව්‍යාපාර කාණ්ඩයට සහය වීම සඳහා පෞද්ගලික බැංකු ක්ෂේත්‍රයේ තුන්වැනියට විශාලතම දායකත්වය ලබාදුන්නේ සෙලාන් බැංකුවයි. මේ ක්ෂේත්‍ර වෙනුවෙන් අප ආරම්භ කළ ව්‍යාපෘති තවමත් අඛණ්ඩව ක්‍රියාත්මක වනවා. Rodha සමග ඇතිකරගත් හවුල්කාරීත්වය අපට විශේෂ සන්ධිස්ථානයක්. අපගේ හවුල්කරුවන්ගේ ඉදිරි ගමන තුළ ඔවුන් තනි නොකරන බවට අප ලබා දී ඇති පොරොන්දුව එමගින් නැවත වරක් අවධාරණය කෙරෙනවා. ඔබගේ බැංකුව ලෙස, ඔබගේ සැබෑ හැකියාවන් මතුකර ගැනීම සඳහා ඔබට සහය වීමට අප සූදානම්. බාධාවට අභියෝග කරමින් ඉදිරියට යන ඔබේ ආකල්පවලට අප ගරු කරනවා. ඔබගේ උත්සාහයට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයේ සහයෝගයක් ඔබට ලබාදීමට අප සූදානම්. සෙලාන් බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි (අලෙවි හා විකුණුම්) ගමික ද සිල්වා මහතා පැවසී ය.
සෙලාන් බැංකුව නිල බැංකු හවුල්කරු ලෙස Rhoda සමග ගිවිසුමකට එළඹීම හුදෙක් මූල්‍ය පහසුකම් සැපයීමක් පමණක් නොව, බැංකුවේ සම්බන්ධතා ජාලය සහ හවුල්කරුවන් හරහා තවත් බොහෝ අවස්ථා උදාකර දී තිබේ. Point of sale (pos) යන්ත්‍ර, මාර්ගගත ගෙවීම් සඳහා අන්තර්ජාල ගෙවීම් ද්වාර සහ මුදල් එකතු කිරීමේ ගිණුම් ඇතුළුව, සමාගමේ ව්‍යාපාර කටයුතු පහසු හා කාර්යක්ෂම කරගැනීමට උපකාරී වන සේවාවන් රැසක් මේ යටතේ සෙලාන් බැංකුව වෙතින් හිමිවනු ඇත. එමෙන්ම Rodha නිෂ්පාදන අලෙවිය වැඩි කිරීම සඳහා පොලී රහිතව වාරික වශයෙන් ක්‍රෙඩිට් කාඩ්පත් මගින් ගෙවීමේ අවස්ථා සහ පෞද්ගලික ණය පහසුකම් ඇතුළු සේවාවන් පිරිනැමීමටද සෙලාන් බැංකුව සැලසුම් කර තිබේ. මීට අමතරව, සෙලාන් බැංකුවේ අන්තර්ජාල සහ අන්තර්ජාල නොවන මාධ්‍ය හැකියාවන් ආදිය ඔස්සේ නව ව්‍යාපාරික අවස්ථා ගවේෂණය කිරීම සඳහා Rodha වෙත බැංකුවේ සම්බන්ධතා ජාලය විවෘත වනු ඇත.
595
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෙලාන් බැංකුව Rodha විද්‍යුත් යතුරුපැදි ව්‍යාපෘතිය සමග අත්වැල් බැඳගනී