X Advertisement
IMG-LOGO

2025 මැයි මස 09 වන සිකුරාදා


සෙලාන් බැංකුවට රු. බි. 1ක ලාභයක්

කොරෝනා 19 වසංගතය මඟින් ඇති කරන ලද සාර්ව ආර්ථික අභියෝග මධ්‍යයේ වුව ද 2021 වසරේ පළමු කාර්තුවේදී රු. බි. 1ක බදු ගෙවීමෙන් පසු ලාභයක් (PAT) වාර්තා කරමින් සෙලාන් බැංකුව මේ වසරේ දී ස්ථාවර ආරම්භයක් ලබාගැනීමට සමත් වී ඇතැයි එම බැංකුව සඳහන් කරයි.

2020 වසරේ අනුරූප කාලයට සාපේක්ෂ ලෙස අඩු පොලී අනුපාත සහ මධ්‍යස්ථ පොත් අගයන්හි වර්ධනය හේතුවෙන් පොලී ආදායම පහත වැටීමක් ඇති වූ නමුත් මූල්‍ය පොලී පිරිවැය අඩු වීම හේතුවෙන් ශුද්ධ පොලී ආන්තිකය සුළු වර්ධනයක් පෙන්නුම් කළ බව ද එම බැංකුව කියයි.

ශුද්ධ ගාස්තු සහ කොමිස් ආදායම රු. බි. 1.0 සිට රු. බි. 1.2 දක්වා සුළු වශයෙන් ඉහළ ගොස් ඇති අතර එය පෙර වසරට සාපේක්ෂව වර්ධනය වූ වෙළෙඳ හා ඇපකර පරිමාව හේතුවෙන් වාර්ෂික වර්ධනය සියයට 17.41ක් ලෙස පෙන්නුම් කළේය.

සමස්ත මෙහෙයුම් ආදායම් වර්ධනය සියයට 22.25ක් වන අතර 2020 පළමු කාර්තුවේදී රු. මි. 69.6 සිට රු. මි. 185.2 දක්වා ඉහළ යන ලද මූල්‍ය වත්කම් හඳුනා නොගැනීමෙන් වාර්තා වූ ශුද්ධ ලාභය නිසා එය වාර්තා විය. අනෙක් මෙහෙයුම් ආදායම රු. මි. 858.8කින් ඉහළ ගොස් ඇත්තේ විනිමය ආදායමෙහි වර්ධනය හේතුවෙනි. ව්‍යුත්පන්නයන්හි සිදු වූ වෙළෙඳපොළ අගයන්හි පසුබෑම, රු. මි. 611.4ක් වූ වෙළෙඳ අලාභයට ප්‍රධාන වශයෙන් දායක වූ අතර එය වාර්ෂික මෙහෙයුම් ආදායම අඩු කිරීමට හේතු විය.

අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය හේතුවෙන් 2020 වසරේ පළමු කාර්තුවේ දී වාර්තා වූ රු. බි. 1.1ක අපහායන වියදමට සාපේක්ෂව සමාලෝචනයට භාජනය වූ කාල සීමාව තුළ බැංකුව විසින් රු. බි. 2.2ක අපහායන වියදමක් වාර්තා කරන ලද අතර එය සියයට 94.53ක වර්ධනයකි.

2020 පළමු කාර්තුවේදී වාර්තා වූ රු. බි. 3.3 හා සසඳන විට සමස්ත මෙහෙයුම් වියදම් 2021 පළමු කාර්තුවේ දී රු. බි. 3.4ක් ලෙස වාර්තා විය. බැංකුව තුළ සමස්තයක් ලෙස වියදම් අඩු කිරීමේ වැඩසටහන් සහ ස්වයංක්‍රීයකරණය ක්‍රියාත්මක කිරීමට කටයුතු කෙරුණු අතර පාලනය කළ හැකි ප්‍රධාන වියදම් සඳහා වියදම් තාර්කිකකරණයක් හඳුන්වා දීමට අඛණ්ඩව අවධානය යොමු කෙරිණ.

සමස්තයක් ලෙස ගත් කල, බැංකුව 2020 පළමු කාර්තුවේදී බදු පෙර ලාභය (PBT) වූ රු. බි. 1.3ට සාපේක්ෂව රු. බි. 1.4ක් වාර්තා කර ඇත. තව ද 2020 පළමු කාර්තුවේ වාර්තා වූ බදු ගෙවූ පසු ලාභය (PAT) වූ රු. බි. 0.9ට සාපේක්ෂ ලෙස 2021 පළමු කාර්තුවේ දී රු. බි. 1.0ක් වාර්තා විය.

2021 මාර්තු 31 වනවිට බැංකුව මුළු වත්කම් රු. බි. 562.7ක් වාර්තා කර ඇති අතර එය 2020 දෙසැම්බර් 31ට සාපේක්ෂව සියයට 0.90ක වර්ධනයක් පෙන්නුම් කෙරිණ.

2021 වසරේ පළමු කාර්තුවේ දී මුහුණ දුන් අභියෝග මධ්‍යයේ බැංකුවේ ණය සහ අත්තිකාරම් කළඹ රු. බි. 399.7ක් දක්වා සියයට 1.51ක ආන්තික වර්ධනයක් පෙන්නුම් කළේය.

පසුගිය වසරේ පළමු කාර්තුවේ දී වාර්තා වූ රු. බි. 440.3ක අගයට සාපේක්ෂ ලෙස සමස්ත තැන්පතු පදනම 2021 පළමු කාර්තුව වනවිට රු. බි. 445.9ක් දක්වා සියයට1.28ක ආන්තික වර්ධනයක් පෙන්නුම් කළේය. බැංකුවේ ජංගම හා ඉතිරි කිරීම් තැන්පතු (CASA) අනුපාතය සියයට 34.52ක් ලෙස වාර්තා විය.

2020 අනුරූප කාලයේ දී වාර්තා වූ සියයට 6.43ක අගය හා සසඳන කල සමාලෝචනයට භාජන වූ කාලපරිච්ඡේදය සඳහා වූ හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතිකය (ROE) සියයට8.20ක් විය. බදු ගෙවීමට පෙර සාමාන්‍ය වත්කම් මත ප්‍රතිලාභ අනුපාතිකය (ROAA) 2021 පළමු කාර්තුවේ දී සියයට1.00ක් ලෙස වාර්තා විය.

2021 වසරේ දී එක් කොටසක ඉපැයුම (EPS) රු. 1.88ක් වූ අතර එය සංසන්දනාත්මක පසුගිය වසරේ අනුරූප කාලයේ දී වාර්තා වූ රු. 1.69 හා සසඳන විට සුළු වැඩිවීමක් පෙන්නුම් කරන අතර සාමාන්‍ය කොටසක ශුද්ධ වත්කම් වටිනාකම රු. 91.92ක් (සමූහය රු. 95.23) ලෙස සටහන් විය.

සෙලාන් බැංකුවේ සභාපති රවී ඩයස්

සෙලාන් බැංකුවේ අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිලධාරි කපිල ආරියරත්න



අදහස් (4)

සෙලාන් බැංකුවට රු. බි. 1ක ලාභයක්

දර්ශණ Tuesday, 25 May 2021 02:31 PM

මිනිසුන්ගෙන් වසංගතය හමුවේ අධික පොළියක් හා පොළියට පොළියක් අය කළ බවට ඉතාම පැහැදිළි සාක්ෂියක් තමයි මේ...

:       0       85

Harshana wijerathne Wednesday, 26 May 2021 03:35 PM

එය කපිල ආරියරත්න මහතාගේ මඟ පෙන්වීමේ ප්‍රතිපලයක් විය හැකිය

:       0       2

suraj Thursday, 27 May 2021 10:56 AM

කෝරෝනාවලින් හෙම්බත් වෙලා ඉන්න මිනිස්සුන්ව හූරන් කාපුව තමයි. රට පාලනය කරන එවුන්ට ඕවා තේරුන්ගන්න තරම් මොලයක් නෑ.

:       0       2

lakmal Monday, 31 May 2021 05:08 PM

ණය අරන් රටේ සම්පත් විකුණලා කෘතිමව රුපියල ශක්තිමත් කරද්දී ගොඩයන්නේ පොලීකාරයින්.., පිටරටින් මොනවා හරි ගෙනැල්ලා මෙහෙ විකුණන සමාගම් වගේ අය. නිෂ්පාදන ආර්ථීකයක් ගොඩ නගන්න නම් රුපියලේ අගය ආනයන අපනයන පරතරය අනුව පහළ යාමට ඉඩ දිය යුතුයි. එවිට ඉබේම අපනයන වලට ඉල්ලුම ඉහළ යනු ඇත.

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site