2020 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංකාවේ 75,000කට අධික පිළිකා රෝගීන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අතර, ඉන් සියයට 57ක් ම කාන්තාවෝ වෙති. රසායනික චිකිත්සා ප්‍රතිකාරයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස හිසකෙස් ගැලවී යාම මේ කාන්තාවන් මුහුණ දෙන එක් අභියෝගාත්මක අත්දැකීමකි. මේ තත්ත්වය හේතුවෙන් පීඩා විඳින කාන්තාවන්ගේ මානසික කම්පනය අවබෝධ කර ගනිමින් සහ හිසකෙස් අහිමි වීම හා සම්බන්ධ සමාජ දුර්මත බිඳ දැමීමට සහය වීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් කුමාරිකා, “සොඳුරු දිරියවන්ති” වැඩසටහන ආරම්භ කරන ලදී.
පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවන් වෙනුවෙන් ස්වභාවික හිසකෙස් පළඳනා ලබාදීම සඳහා මෙම වැඩසටහන සැලසුම් කරන ලද අතර, සෑම කාන්තාවක්ම එක ලෙස සුන්දරත්වය දරන බව පසක් කරමින් සොඳුරු දිරියවන්ති ප්‍රථම වැඩසටහන 2021 ඔක්තෝබර් 05 වැනි දින දියත් කරනු ලැබීය.
කුමාරිකා, පිළිකා රෝගයෙන් පෙළෙන කාන්තාවන් සඳහා වාර්ෂිකව හිසකෙස් පළඳනා 6000ක් පරිත්‍යාග කිරීමට සැලසුම් කරයි. ඉන්දිරා පිළිකා භාරය, අලුත්ගම, බෙන්තොට හා ගල්කිස්ස සිංහ සමාජයන් සමඟ එක්ව සෞඛ්‍ය අමාත්‍යංශයේ සහ ශ්‍රී ලංකා පිළිකා රෝග විද්‍යාලයේ සහයෝගය සමඟින් කුමාරිකා මෙම ව්‍යාපෘතිය සිදුකරනු ලබයි. 2021 නොවැම්බර් මස කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ දී සිදු කළ ප්‍රථම පරිත්‍යාගයෙන් පසුව 2021 නොවැම්බර් 23 සහ 24 යන දිනයන් හි දී පිළිවෙළින් කුරුණෑගල රෝහලට සහ අනුරාධපුර රෝහලට හිසකෙස් පළඳනා පරිත්‍යාග කරන ලදී.
සොඳුරු දිරියවන්ති ව්‍යාපෘතිය මඟින් දිවයින පුරා පිහිටි තවත් ජාතික රෝහල්, මහ රෝහල්, මූලික රෝහල් සහ ශික්ෂණ රෝහල් කිහිපයකට හිසකෙස් පළඳනා 50ක කාණ්ඩ පරිත්‍යාග කර ඇත.
-සටහන- චමින්ද මුණසිංහ
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සොඳුරු දිරියවන්ති කේශ පළඳනා පරිත්‍යාගය කුරුණෑගල හා අනුරාධපුර රෝහල්වලදී
H.m.r.t.herath Saturday, 10 September 2022 09:24 AM
මමත් කැමති මගේ කොණ්ඩය දන් දෙන්න