X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


සොෆ්ට්ලොජික් සමාගම කොට්න් කලෙක්ෂන් මිලදී ගනී

මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන් කරමින් ඔඩෙල් පී.එල්.සී සමාගම කොට්න් කලෙක්ෂන් සමාගමේ සම්පූර්ණ කොටස් මිලදී ගෙන ඇත.

ඔඩෙල් පී.එල්.සී  (ODEL PLC ) සමාගම යනු සොෆ්ට්ලොජික් හෝල්ඩින්ස් පී.එල්.සී   ( SOFTLOGIC Holdings PLC ) සමාගමේ අනුබද්ධිත සමාගමකි.ඉකුත් 28 වැනිදා නිවේදනයක් නිකුත් කරමින් තම සමාගමේ සියලු කොටස් ඔඩෙල් පී.එල්.සී සමාගම වෙත අලෙවි කළ බව කොට්න් කලෙක්ෂන් පෞද්ගලික සමාගම (  Cotton Collection Private Limited) සඳහන් කළේය.

සොෆ්ට්ලොජික් සමූහය කරන ලද මෙම මිලදී ගැනීම ඔවුන්ගේ හොඳින් ස්ථාපිත විවිධත්වයකින් යුතු වෙළෙඳ ජාලයට වඩාත් සුදුසු වන අතර පුළුල් කිරීමේ සැලැස්ම ද වේගවත් කරනු ඇත.

කොට්න් කලෙක්ෂන් සන්නාම නාමයේ නිර්මාතෘ වන නිලූෆර් එසුෆාලි අන්වර්අලි ඉදිරියටත් ඇයගේ අනෙක් සන්නාම නාමය වනිලෙදර් කලෙක්ෂන්’ හි හිමිකාරීත්වය පවත්වාගෙන යනු ඇත. 

සමාගම් දෙකේ මූලික ශක්තීන් හඳුනාගැනීම මඟින් මෙම මිලදී ගැනීම සමූහයේ වෙළෙඳපොළ කොටස තවදුරටත් විශාල කරනු ඇතැයි සොෆ්ට්ලොජික් සමූහය විශ්වාස කරයි. සොෆ්ට්ලොජික් සමූහයේ වෙළෙඳ අංශයට මෙරට වෙළෙඳ අංශයේ ස්ථාවරල ශක්තිමත් හා පුළුල් පදනමක් තිබෙන අතර ඔවුන්ගේ වෙළෙඳ අංශය විලාසිතා පාරිභෝගික විද්‍යුත් උපකරණ සහ ගෘහ උපකරණ යනාදියෙන් සමන්විතය.

ඔඩෙල් පී.එල්.සී සමාගම හා එක්වෙමින් සොෆ්ට්ලොජික් සමූහයට මෙරට විලාසිතා සහ ජීවන රටා වෙළෙඳ ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම තේරීම බවට පත්වීමට අවස්ථාව උදා වී තිබේ. ඒ අනුව ශක්තිමත් හා වර්ධනය වෙමින් තිබෙන පදනමකට හිමිකම් කියන සොෆ්ට්ලොජික් සමූහයට කොට්න් කලේක්ෂන් එක්වීම ඉතා වටිනා සංකලනයකි. 

කොට්න් කලෙක්ෂන් කියන්නේ සන්නාම නාමයක් විතරක් නෙවෙයිග ඒක ජීවන රටාවක්” කොට්න් කලේක්ෂන් හි නිර්මාතෘවරිය හා එහි කළමනාකාර අධ්‍යක්ෂවරිය වන නිලූෆර් එසුෆාලි අන්වර්අලි පැවැසුවාය.

ඇය තවදුරටත් මෙසේ සඳහන් කරන්නීය.

‘මගේ ගමන අවුරුදු 27ක් දක්වා දිව යනවා. ඒ ගමනේදී මමත් මගේ කණ්ඩායමත් ලංකාවේ විලාසිතා වෙළෙඳ ක්ෂේත්‍රයේ හැඩය වෙනස් කරමින් අලුත් සන්නාම නාමයක් ගොඩනැගුවා. කොට්න් කලෙක්ෂන් කියන්නේ විශේෂිත හඳුනා ගැනීමක් තිබෙන සුවිශේෂී සන්නාම නාමයක්. එය කරදර නැති. සාමාන්‍ය ඇඳුම් විලාසිතා ඇති ඇඳුම් සන්නාම නාමයක්. එහි අක්මුල් ශ්‍රී ලංකා සමාජය තුළ පැතිර තිබෙනවා. බොහෝ කරුණු සැලකිල්ලට ගනිමින් තමයි මම මෙම තීරණය ගත්තේ. මගේ පවුල සමඟ වැඩි කාලයක් ගත කරන්න ඕනේ. ඒ වගේම අදිලෙදර්’ වෙළෙඳපොළ තුළ දැඩි තරගකාරීත්වයක් තිබෙනවා.

 ඒ නිසා මගේ අනෙක් සන්නාම නාමය වනිලෙදර් කලෙක්ෂන්’ සන්නාම නාමය තවදුරටත් වර්ධනය කළ යුතුයි. ඒ සඳහා කාලය අවශ්‍ය වෙනවා. එම කරුණු දෙක මගේ මේ තීරණයට මූලික වශයෙන් හේතු වුණා. සොෆ්ට්ලොජික් සමූහය යනු මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයේ ඉතා ශක්තිමත් පදනමක් තිබෙන ඉතා හොඳ වාර්තාවක් තිබෙන සමාගමක්. ඔවුන් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්. ඒ වගේම සොෆ්ට්ලොජික් සමූහයේ නිර්මාතෘ සහ සභාපති අශෝක් පතිරගේ මහතා ක්‍රියාශීලි සහ උනන්දු සභාපතිවරයෙක්. එවැනි තැනකට මගේ සමාගමේ පාලනය පැවැරීම මට ඉමහත් සතුටක් ඔවුන් කොට්න් කලේක්ෂන් සන්නාම නාමය තවදුරටත් සංවර්ධනය කරමින් එය තවදුරටත් ඉහළට ඔසවනු ඇතැයි ආරක්ෂාකාරී හැඟීමක් හා විශ්වාසයක් තිබෙනවා” ඇය තවදුරටත් සඳහන් කළාය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විලාසිතා සහ ජීවන රටා සමාගම බවට පත්වීමේ අපේ ගමනේ අද සුවිශේෂී ස්ථානයක් සටහන් කරන්නේ යැයි සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පී.එල්.සී සමාගමේ සභාපති අශෝක් පතිරගේ මහතා කීය.

කොට්න් කලෙක්ෂන් කියන්නේ ලංකාවේ විශිෂ්ට සන්නාමයක්. වසර ගණනාවක් තිස්සේ එය ඉදිරියට යන ආකාරය අපි දැක්කා. ඔවුන්ට ඔවුන්ටම ආවේණික පාරිභෝගික පිරිසක් සිටිනවා. එම සමාගම මිලදී ගැනීම අපේ ව්‍යාප්තිය සහ පදනම තවදුරටත් ශක්තිමත් කරනවා. ඔඩෙල් සමාගමත් අප සතුව තිබෙනවා. ජාත්‍යන්තර මට්ටමේ ඇඟළුම් සන්නාමයක් වන ඔඩෙල් සන්නාම නාමයත් අප සතුයි.ඊට කොට්න් කලෙක්ෂන් එකතු වීමත් සමඟ කළින් නොවූ ආකාරයක් සේවාවක් පාරිභෝගිකයන්ට ලබාදීමට අපට හැකියාව ලැබෙනු ඇතැයි මට විශ්වාසයි.

සංචාරක කර්මාන්තය සහ නාගරීකරණය වර්ධනය වෙමින් තිබෙනවා. ෂැංග්‍රිලා සාප්පූ සංකීර්ණය 2019 දී විවෘත වෙනවා. ඔඩෙල් සාප්පු සංකීර්ණය 2019 දී විවෘත වෙනවා. මේ තුළින් ජීවන රටා විලාසිතා ක්ෂේත්‍රවල නව පිබිදුමක් සිදු වේවි. ඒ ගැන අපට විශ්වාසයි. එම වර්ධනය අපි සූදානම් වෙනවා. අපි ඒ සඳහා කටයුතු කරමින් ඉන්නවා. ක්ෂේත්‍රය තුළ අපි අපේ පැවැත්ම තහවුරු කරමින් ඉන්නවා”

නිලූෆර් එසුෆාලි අන්වර්අලි කොට්න් කලෙක්ෂන් ආරම්භ කරන ලද්දේ 1991 වසරේදීයග එම කාලයේදී ශ්‍රී ලංකාවේ විලාසිත ක්ෂේත්‍රයේ පැවැතියේ මුල් අවධිය අද වනවිට එම සමාගම් වර්ග අඩි 15ල000ක් හා ශාඛා පහක් දක්වා ව්‍යාප්ත වී ඇත. එහි සේවක පිරිස 200කට ආසන්න වේග කොටන් කලෙක්ෂන් සමාගම 2017/2018 මූල්‍ය වර්ෂයේදී ඊට පෙර වසර හා සැසඳීමේදී සියයට 20ක වර්ධනයක් ද වාර්තා කළේය.

(055)



අදහස් (0)

සොෆ්ට්ලොජික් සමාගම කොට්න් කලෙක්ෂන් මිලදී ගනී

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site