සෞඛ්‍ය සේවා අංශය හා බැඳුනු සිය විසඳුම් තව දුරටත් පුළුල් කරමින්, දේශීය සෞඛ්‍ය ක්ෂේත්‍රය උදෙසා ලබාදෙන දායකත්වය තව දුරටත් පුළුල් කිරීමට ඩිමෝ සමාගම කටයුතු කර ඇත. හෘද වාහිනී උපකරණ සම්බන්ධ ලොව ප්‍රසිද්ධ සන්නාම හඳුන්වාදීම මෙම ක්ෂේත්‍රයේ ඩීමෝ හි නවතම හඳුන්වා දීමයි. ඩීමෝ සමාගම ලොව ප්‍රමුඛ අනෙකුත් සන්නාමයන් හා අත්වැල් බැඳ ගනිමින් ශල්‍ය උපකරණ සැපයුම සඳහාද කටයුතු කර ඇති අතර පූර්ණ සෞඛ්‍ය විසඳුම් ශ්‍රී ලංකාවට හඳුන්වා දීම සඳහා ඩීමෝ බල ගැන්වී සිටියි.
මේ පිළිබඳ අදහස් දක්වමින් ඩීමෝ හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ රංජිත් පණ්ඩිතගේ මහතා මෙසේ පැවසීය. ‘‘සෞඛ්‍ය සම්පන්න දේශයක් ගොඩ නැංවීම උදෙසා වූ අරමුණ සහිතව ඩීමෝ විසින් ශ්‍රී ලංකාවට අති නවීන පන්නයේ සෞඛ්‍ය සේවා විසඳුම් රැසක් හඳුන්වා දීමට සමත් වුණා. මේ හරහා රෝගීන් හට ඉහළම තත්ත්වයේ සේවාවක් ලබාගැනීමට අවශ්‍ය සියලුම පහසුකම්, අදාළ සේවා සපයන්නන් වෙත ලබාදීමට ඩීමෝ හි අපට හැකිවීම ඉතා සතුටට කරුණක්.”
ඩීමෝ හි අධ්‍යක්ෂ විජිත් පුෂ්පවෙල මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. ‘‘තෙල්දෙණිය, කඹුරුපිටිය, වව්නියාව, බිබිල, කන්තලේ, දික්ඔය, කින්නියා, මුතූර් සහ රිකිල්ලගස්කඩ වැනි ග්‍රාමීය ප්‍රදේශද ඇතුළුව මුළු දිවයිනම ආවරණය වන ආකාරයෙන් Siemens සහ Drager ඇතුළු ලොව ප්‍රසිද්ධ වෙළඳ නාමවල සෞඛ්‍ය විසඳුම් අප ලබා දී තියෙනවා. විශේෂයෙන්ම දියවැඩියා රෝගීන්ගේ චිකිත්සක ප්‍රතිකාර වැඩි දියුණු කරන, Carl Zeiss Multi Spot Green Laser therapeutic Microscope ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ පුරෝගාමියා වන්නේ ඩීමෝ ආයතනයයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
සෞඛ්‍ය අංශයේ ප්‍රවර්ධනයට ඩීමෝ විසඳුම් රැසක්