X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


සෞදියේ රස සරණියට මහ සෙනග

සෞදි අරාබියේ නැගෙනහිර පළාත ශ්‍රී ලාංකික එකමුතුව විසින් සිංහල අවුරුදු සැණකෙළිය නිමිත්තෙන් ඉදිරිපත් කරන ලද “ශ්‍රී ලාංකික රස සරණිය” සහ අනිල් භාරති ගී මියැසිය දමාම් සෆුවා ෆාම් හවුස් හිදී පැවැත්විණි.

විශේෂ ආරාධිතයින්  ලෙස රියාද් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරින් සහ තානාපති හුසේන් මොහොමඩ් හුසේන් මහතා එක්විය.

ශ්‍රී ලාංකික රස බොජුන් සමග විවිධ ලාංකික ආහාර පාන ඇදුම් පැළදුම් වලින් සැදුම් ලත් නිර්මාණ කුටි අලංකාර ප්‍රදර්ශනයක් ලෙසින් දිස්වුණ මෙම ප්‍රසංගයේ ප්‍රවීන ගායක අනිල් භාරතිගේ මියුරු ගී මියැසියෙන් රසවත්විය.

දහසකට නොඅඩු ශ්‍රී ලාංකිකයෝ පිරිසක් සහභාගි වූ අතර ප්‍රසංගය අවසානයේ පැමිණ සිටි පිරිස වෙත වටිනා ත්‍යාග පිරිනැමිණි.

මෙම රස සරණිය ප්‍රසංගය සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය ,ටෙලි මනි,පීසී කාගෝ සහ ලංකා බැංකුව අනුග්‍රහය දක්වා තිබිණි.

DSC04368 DSC04328 DSC04324 DSC04296

DSC04292(1)

 



අදහස් (0)

සෞදියේ රස සරණියට මහ සෙනග

නිරෝෂ Wednesday, 06 May 2015 05:37 PM

මෙවන් දේවල් දිගින් දිගටම පවත්වාගෙන යන්න හැකිවේවා! (නි)

:       0       0

කවින්ද Wednesday, 06 May 2015 05:36 PM

හරිම සතුටුයි (නි)

:       0       0

සැමුවෙල් Wednesday, 06 May 2015 05:38 PM

මෙවන් දේවල් පිටරට පැවැත්වීම කොපමණ හොඳද? (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 06 May 2015 05:37 PM

හොඳ පුවතක් (නි)

:       0       0

මුදියන්සේ Wednesday, 06 May 2015 05:38 PM

හරිම සතුටුයි නමුත් ඔබ දන්නවද අද වන විට සෞදියේ අසරණව සිටින අපේ සහෝදර සහෝදරියෝ ගැන ඔබ මොහොතක් විපරම් කලාද ? අපි හිතා ගෙන සිටියේ සෞදි ජාතිකයන් පමණක් අපේ ශ්‍රමිකයන්ට කරදර කරනවා කියලයි. ඔබත් මමත් එසේ සිතුවානම් එය වැරදියි/ ලංකාවෙන් සෞදි තානාපති කාර්යාලයට යන නිලදාරීන් සිංහල කමත් මනුස්ස කමත් අමතක කොට අසරණව තානාපති කාර්යාලයට පැමිනෙනෙන කාන්තාවන් යලිත් මුදල්වලට විකුණන බව ඔබ දන්නවද ? සෞදියේ රියාද් නගරයේ තිබෙන තානාපති කාර්යාලයේ නිලදාරීන් පිරිසක් මා හොදින් දන්නා කාන්තාවක් අද යලිත් මුදල් වලට විකිනීමට ගොස් අැයගේ බලවත් විරුද්දතාවය මත එය වැලකි ගියා. ඇය විසින් එම ස්ථානයට පැමිණි කාන්තාවකගේ ජංගම දුරකතනයෙන් සියලු විස්තර මා සමග කියා සිටියා ඇය සම්බන්දව ශ්‍රී ලංකා තානාපති කාර්යාලේ නිලදාරින්ද ඒජන්සි රකුසන්ගේ මුදල් ගිල ඇති නිසා සාදාරණයක් ඉටු නොකළ බවට ඇය අඩමින් මා සමග කියා සිටියා. සියලු නිලදාරීන්ගේ විස්තර සහ පැමිණිලි සම්බන්ද විස්තර අැයගේ සැමියාගෙන් ලබාගත හැකි බව ඇය කියා සිටියා. මේ සම්බන්දව යමක් දැනගැනීමට ඇය වගේම අනිකුත් අසරණවී එහි රැදී සිටින කාන්තාවන් පිළිබද ඇය කල විස්තරය ඉතාම සෝචනීය බව ලියා තැබීමට සිදුවේ. තවද සෞදියට තානාපති සේවාව සදහා යොමු කර ඇත්තේ මිනිමස් කන බල්ලන් පිරිසක් දැයි මම විමසීමට කැමතිය .මේ පිලිබදව සොයා බලා කටයුතු කිරීමට වග කිය යුත්තන් පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වෙමි. තවද ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ බත්තරබුල්ල කොබ්බැකඩුව මාවතේ පිහිටි කාර්යාලයේ සේවය කරන සමත මණ්ඩලයේ රකුසන් ගැනද සොයා බලා නිසි පියවර ගනු ඇතයි අප බලා පොරොත්තු වෙමු. මේ විත්තරයේ සියලු වගකීම් මා ගන්නා අතර ඇවැශ්‍ය උවහොත් සාක්කි සහිතව ඉදිරිපත් කිරීමටද මා මැලි නොවෙමි. ඒ නිසා මෙය පලකරන මෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිමි (නදී)

:       0       0

උත්පලා Friday, 15 May 2015 09:34 AM

මේවා අගය කළ යුතුය.(බ)

:       0       0

බටුගෙදර Saturday, 16 May 2015 05:31 AM

මුදියන්සේ,ඔබේ අදහස් අගය කරමි. මමත් ඔය විස්තර දැනගෙන හිටියා. ඔය දේවල් කොහොම ප්‍රසිද්ධ කළත් මේ මිනිස්සු බය නැතුව ඕවා කරගෙන යනවා. (නි)

:       0       0

බටු ගෙදර Saturday, 16 May 2015 05:31 AM

මුදියන්සේ-ඔබේ අදහස් අගය කරමි මමත් ඔය විස්තර දැනගෙන හිටිය ඔය දේවල් කොහොම ප්‍රසිද්ද කරත් මේ මිනිස්සු බය නැතුව ඕව කරගෙන යනවා බලදාරින් හමෙවෙලේම නිදි !!! මමත් දන්නවා ඔය දේවල් ඉතා රහසින් සිද්දවෙන බව මටත් හමුඋනා ඔය ගැටේට මැදි වූ කාන්තාවක් (කේ)

:       0       0

මනෝජ් විජේරත්න Sunday, 17 May 2015 03:57 AM

කාන්තාවන් පමණක් නොවේ පිරිමි අයත් මෙහෙ විඳින්නේ පුදුම දුකක්. ඒ වගේ සිංහල අවුරුදු උත්සව මුවාවෙන් ශ්‍රී ලංකික බෞද්ධයන් සහ කිතුනුවන් බා ගැනීමේ කුමන්ත්‍රනයකුත් මේ අතර ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා මා ලඟත් සාක්ෂි තිබෙනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site