X Advertisement
IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


සෞදියේ සිට ගෙදරට සල්ලි එවන ලේසි මගක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය බැංකු දෙකක සහ අනිකුත් බැංකු කිහිපයක සිටි  ශ්‍රී ලංකා නියෝජිතයින් සෞදි බැංකු හා ඒකාබද්ධව කටයුතු නොකර හෙයින් ශ්‍රී ලාංකික  ගෘහ සේවිකාවන්  ඇතුළු බොහෝ දෙනෙක්  ලංකාවට මුදල්  එවීමේ දී ප්‍රශ්න වලට මුහුණ පා සිටිති.

කොමර්ෂල් බැංකුවේ නියෝජිතයෙක් සෞදි අරාබියට පැමිණ සිටි.ලංකාවේ ඕනෑම බැංකුවක් සමග ගනුදෙනු කිරීමට සහාය දීමට ඔහු ඉදිරිපත්වී සිටී.
ඔහු පවසන්නේ ගිණුමක් නොමැති වුවද ඕනෑම බැංකුවකින් මුදල් ගැනීමටත් බැංකු ගිණුමකට මුදල් තැන්පත් කිරීමටත්   හැකි බවයි.
සෞදි අරාබියේ පිහිටි ‘ටෙලි මනි’ මගින් මුදල් යැවිය හැකි අතරම ඇරැබ් නැෂනල් බැංකුව ගිණුමක් භාවිතා කරන අයට (ඒ එන් බී ,ඒ ටී එම්,ඒ එන් බී ෆෝන් බෑන්කින් ,ඒ එන් බී නෙට්) යන විද්‍යුත් බැංකු ක්‍රම මගින්ද මුදල් යැවිය හැකි බවයි.
මහජන බැංකුව,කොමර්ෂල් බැංකුව,හැටන් නැෂනල් බැංකුව ගනුදෙනු කිරීමේදී අවශ්‍ය සහාය දීමට තමාට නීතිමය ප්‍රතිපාදන ලබාදී ඇති බව ඔහු පවසයි.
ඕනෑම බැංකු කටයුතතක් සදහා  ශරෝන් රත්නායක 0566626289 අමතන ලෙස ද ඔහු පවසයි.

 



අදහස් (0)

සෞදියේ සිට ගෙදරට සල්ලි එවන ලේසි මගක්

උපුල් ශාන්ත Saturday, 02 August 2014 09:46 AM

අපේ කට්ටියය් වරද්දාගෙන තියෙන්නේ ,ඔය හැම බැංකුවකින්ම පැය ගානකින් සල්ලි යවන්න පුළුවන්. සල්ලි යවන්න කලින් බලන්න ඒ බැංකු කෙලින්ම සම්බන්ද ලංකාවේ මොන බැංකුද කියල.එහෙම බලල සල්ලි දාන්න කිසිම ප්‍රමාදයක් වෙන්නේ නැහැ. (දී)

:       0       0

සෙනරත් Monday, 28 July 2014 10:13 AM

ඉතා හොඳ වැඩක් (දී)

:       0       0

සමගි Monday, 28 July 2014 10:13 AM

ලාංකිකයින් දැනුවත් කරන්න (දී)

:       0       0

සනත් \ Monday, 28 July 2014 10:12 AM

ශ්‍රී ලාංකිකයින්ට තවත් පහසුයි (දී)

:       0       0

සනත් Monday, 28 July 2014 10:12 AM

මරු වැඩක්නේ (දී)

:       0       0

සතා Monday, 28 July 2014 10:13 AM

අනේ පුලුවන්නම් මාලදිවයිනෙත් ලංකාවේ පුද්ගලික බැංකුවක් ආරම්භ කරන්නකෝ. එතකොට අපට කාගෙවත් ආඩම්බර බලන්න ඕනේ නෑ. (දී)

:       0       0

සරත් Monday, 28 July 2014 10:13 AM

අනේ පුලුවන්නම් මාලදිවයිනෙත් ලංකාවේ පුද්ගලික බැංකුවක් (කොමර්ෂල් වගේ) විවෘත කරන්නකෝ. එතකොට අපට කාගෙවත් ආඩම්බර බලන්න ඕනේ නෑ. (අ)

:       0       0

චමින්ද Thursday, 31 July 2014 01:10 PM

යුරෝපයේ නීත්‍යනුකුලව ඉන්නවනම් ලංකාවට සල්ලි එවන්න හොදම ක්‍රමය. කවුරුත් දන්නවා යුරෝපය ඇතුලේ ගිණුමකින් ගිනුමකට (රටවල් දෙකක් අතර ) සල්ලි යන්නේ නෑ. ලංකා බැංකුවේ UK ශාකාවේ HSBC ගිණුමට සල්ලි එවන්න. එකට සල්ලි යන්නේ නෑ . ඒඅය ඊට පස්සේ ලංකවේ ගිණුමට සල්ලි යවනවා. එකට විතරක් පවුම් 5ක් ගන්නවා. ලංකාවේ වෙන බැංකුවක ගිණුමක් නම් පවුම් 10 යි. කතා කරලා බලන්න. http://www.bankofceylon.co.uk/ Bank of Ceylon (UK) Ltd No 1 Devonshire Square London EC2M 4WD Tel: 44 207 377 1888 (අ)

:       0       0

රන්ජිත් Thursday, 31 July 2014 04:08 PM

ලංකා බැංකුවේ ස්මාර්ට් රෙමිට් හරහා සල්ලි එවන්න. එ්ක අනිත් ඒවා වගේ නොවේ ලංකා බැංකුවේම සේවාවක්. සම්පුර්ණ හිමිකම ලංකා බැංකුවට පමණි. එම නිසා මුදල් දාපු වෙලාවේ ඉදලම පාලනය තියෙන්නේ ලංකා බැංකුව අතේ. එනිසා මුදල් දාපු වෙලාවේ ඉදල සුරක්ෂිත බව තියනවා. ශ්‍රී ලංකාවට අාවට පස්සේ උනත් ඕනෑම ශාඛාවකින් තොරතුරු ගන්න පුළුවනි (නදී)

:       0       0

චන්දිම ජයරත්න Friday, 01 August 2014 04:08 PM

කොහොම උනත් හරියටම මේ ගැන දැනගන්න ඕනි. දුක් මහන්සි වෙලා හොයන සල්ලි වතුරේ දාන්න බැහැ (නදී)

:       0       0

අරුණ Friday, 01 August 2014 04:43 PM

කොහොම උනත් ලංකා බැංකුවට එවන එක හොඳයි මොකද රජයේ බැංකුවක්නේ. එයල දුප්පත් අපිට කොහොමත් පිහිට වෙනවනේ. ඕනනම් 011 2204444ට කතා කලාම වැඩේ ගොඩ. (නදී)

:       0       0

රෝචන Saturday, 02 August 2014 09:00 AM

හොද වැඩපිළිවෙලක් (දී)

:       0       0

සතා Monday, 28 July 2014 10:13 AM

ලංකාවට විදේශ විනිමය බලෙන් අරන් දෙන අය මේ (දී)

:       0       0

කපිල වසන්ත කුමාර Monday, 04 August 2014 11:48 AM

මට නම් රජයේ බැංකු අරහන්. මම අවුරුදු 4ක් තිස්සේ ගනුදෙනු කරන්නේ සම්පත් බැංකුවත් එක්ක. හැම දේම ලේසියි. ගිණුමක් නැතුවත් සල්ලි යවල ගන්න පුළුවන්. අනික කොමිස් කටාර් රියාල් 10 (නදී)

:       0       0

ශානිකා Wednesday, 06 August 2014 04:05 PM

ඕනෑම බැංකුවකින් ක්‍රියාත්මක කරන්න බැරිද (දී)

:       0       0

නයනා Wednesday, 06 August 2014 04:05 PM

අපිටත් පුළුවන්ද (දී)

:       0       0

දිනේෂ් Wednesday, 06 August 2014 04:04 PM

ලංකාවේම මිනිස්සු දැනුවත් කරන්න මේ ගැන (දී)

:       0       0

රංග Saturday, 09 August 2014 05:46 PM

ඉතා හොඳයි (දී)

:       0       0

මිලින්ද Saturday, 09 August 2014 05:48 PM

සල්ලි ය කරගන්න කොට කැපෙන මොකාක් හෝ තියෙනවද විජ්ජාවක් තියෙනවද දන්නේ නැහැ (දී)

:       0       0

චාන්දී Saturday, 09 August 2014 05:47 PM

ලෝකේ අනෙක් රටවලටත් යවන්න (දී)

:       0       0

චරිත Saturday, 09 August 2014 05:48 PM

සේවා දායකයට පහසුවක්නම් එපමණයි (දී)

:       0       0

මිගාර Saturday, 09 August 2014 05:47 PM

තව ඉස්සරහට මේවා තවත් පහසු වෙනවා (දී)

:       0       0

රංග Saturday, 09 August 2014 05:48 PM

අනේ හොදයි (දී)

:       0       0

චින්තක Saturday, 09 August 2014 05:47 PM

ලංකාවේ අහිංසක මිනිස්සු මේ බව දන්නවා ඇතිද (දී)

:       0       0

තුෂානි Friday, 25 July 2014 11:48 PM

අල්රාජි බැංකුව, ඒ එන් බී (ටෙලිමනි) සහ සම්බා බැංකු හරහා ලංකාවට සල්ලි යවන්න. උපරිම පැය 24 න් ගන්න පුළුවන්. ටෙලිමනි හොදම විනිමය අනුපාතය දෙනවා. (නදී)

:       0       0

පියුමාල් Wednesday, 23 July 2014 04:03 PM

ඇයි ඔයා එච්චරටම ඒ මනුස්සයා ගැන හොයන්නේ තනියමද ඉන්නේ (නදී)

:       0       0

ගාමිණී - සිරි Wednesday, 23 July 2014 04:56 PM

විදේශ රටවල සේවයේ නියුතු වුවන්ට ඇති එකම ප්‍රශ්නය නම් වැඩකරන සතියේ දිනවල බැංකුවකට යාමට වෙලාවක් නැති කම. වැඩ අවසන් වූ විට බැංකු වහලා.ඉරිදාත් වහලා. නිල නොවන බැංකු කාරයෝ මාසයේ පඩි දිනට ඒ අයගෙන් එකතු කර කොමිසම මත ඒ අය කියන ලංකාවේ ගිණුම් හිමියාට බැර කරන්නේ බැංකුවේ නියමිත ගණනටත් ටිකක් අඩුවෙනි. කෙසේ හෝ සේවකයින්ට නිවාඩු ඇති පහසු සිකුරාදා හෝ ඉරිදා දිනයන්ද ? යන වග එ් අයගෙන් විමසා බලා සේවයක් කිරීම වටී. ගෘහ සේවයේ නිරත බොහෝ කාන්තාවන්ට නිවැරදිව පෝරමයක් හෝ පිරවීමට අපොහොසත් වීම තවත් කරුණකි. නියෝජිත මහතා ලාංකිකයින් මුණ ගැසී ඔවුන් හා සාකච්ඡා කොට නිල නොවන බැංකු කාරයින්ගෙන් මුදවා ගැනීම අගනා සේවයක් වන්නේය. මෙවැනි බැංකු කාරයින් සෑම රටකම පාහේ සිටින වග කීවොත් නිවැරදියි (නදී)

:       0       0

අජිත් (සෞදි ) Thursday, 24 July 2014 07:30 AM

අපෝ , ඔය නම කියන මහත්තයා ඉන්නේ ටෙලි මනි එකේනේ. ඕකෙන් අපි ගෙදරට සල්ලි යැව්වොත් ලබන මාසේ තමයි ගන්න වෙන්නේ. සල්ලි ගෙදරට යනකම් සුවර් නෑ. අල්රජි බැංකුවේ නම් බඩු ෂුවර්. කෝකටත් ආණ්ඩුවේ බැංකුව කට සල්ලි දාන එක තමයි හොද.(නදී)

:       0       0

ජගත් Thursday, 24 July 2014 04:03 PM

මම දන්නා විදිහට නම් ANB එකෙන් ටෙලිමනි හරහා කොමෙර්ෂල් බැංකුවට ඉක්මනටම සල්ලි යවන්න පුළුවන්. පැයකින් විතර යනවා. අවුලක් උනොත් ශේරන් මහත්තයට කියලා බලවගන්නත් පුළුවන් නිසා බයක් නැහැ . අල්රාජි බැංකුවෙන් වුනත් කොමර්ෂල් එකට ටක් ගාල සල්ලි යනවා. මොකක් හරි ප්‍රශ්නයක් නම් කොමර්ෂල් බැංකුවේ පැය 24 ම වැඩ කරන දුරකථන අංකයක් තියනවා එකෙන් අහගන්න පුළුවන්. 0094112353576. බය වෙන්න කිසිම දෙයක් නැහැ කාටවත්. (අ)

:       0       0

ජගත් Thursday, 24 July 2014 04:33 PM

මට කලින් කියන්න අමතක උනා වැදගත්ම කාරණය. එක තමයි ගාමිණි කිව්වා වගේ හොර බැංකු කාරයෝ ඉන්නවා ගොඩක්. ඒකට කියන්නේ උන්දියල් ක්‍රමය කියල. එ්කෙන් දාන්න එපා කවදාවත් ෂුවර් නැහැ. . කොහොම හරි බෑන්ක් එකකටම යන්න. රිසිට් එක ගන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩේ කරගන්න පුළුවන්. කොමර්ෂල් බැංකුව හරහා ඕනෙම බැංකුවකට සල්ලි දාන්න බයවෙන්න ඕනෙම නැහැ. ඕන දෙයක් කතාබහ කරලා හදාගන්න පුළුවන්. (නදී)

:       0       0

සමන් Thursday, 24 July 2014 08:29 PM

ඉතා හොඳයි (නි)

:       0       0

සුරේෂ් Friday, 25 July 2014 08:21 AM

ටෙලිමනි එකෙන් සල්ලි එව්වොත් රේට් එකත් හොඳා. මේ දවස්වල මාර සෙනගක් ඉන්නේ. අපේ ව්‍යාපෘතිය තියෙන හරියේ මෙම සේවාවා නැහැ. පව් අපේ අය රියාල් 20ක් කොමිසන් දෙනවා යවන ගාස්තු 18 ට අමතරව. මම ආවට පස්සේ හැම මාසෙම බස් 4ක් ලැහැස්ති කරලා දෙනවා අපේ වැඩකරන අයට ළඟම තියෙන බැංකුවට ගිහින් සල්ලි දාල එන්ඩ. කට්ටියට දැන් ලේසියි. (නදී)

:       0       0

සුරේෂ් Friday, 25 July 2014 08:22 AM

ටෙලිමනි එකෙන් සල්ලි එව්වොත් 'රේට්' එකත් හොඳයි. මේ දවස්වල පුදුම සෙනඟක් ඉන්නේ. (නි)

:       0       0

මංගල Friday, 25 July 2014 10:58 AM

ලංකා බැංකුවට අල් රාජි බැංකුවෙන් යවන්ඩ පැයෙන් සල්ලි ලංකාවට යනවා. මම යවල තියනවා (අ)

:       0       0

සේනක Friday, 25 July 2014 11:36 AM

දැන් හැමදේටම ලේසි ක්‍රමනේ තියෙන්නේ.... (නි)

:       0       0

ප්‍රභාත් Friday, 25 July 2014 09:04 PM

මමත් සල්ලි එවන්නේ අල් රාජි බැංකුව හරහා කිසිම දවසක කරදරයක් වෙලා නෑ. මම ලංකාවේ ගනුදෙනු කරපු බැංකුවලින් කොමර්ෂල් බැංකුව හොද සේවයක් සලසනවා...බය නැතුව සල්ලි යවන්න පුළුවන්. (නදී)

:       0       0

නෙහාරා Wednesday, 23 July 2014 03:14 PM

හොද වැඩක්. මෙතුමාගේ දුරකථන අංකයත් තියන එකේ. වයස එහෙම කීයද දන්නේ නැහැ නේද? පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්නකෝ එයා තනියෙමද ඉන්නේ කියලා (නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 26 July 2014 07:14 AM

ලංකාවේ බැංකුවලින් කොමර්ෂල් බැංකුව හොද සේවයක් සලසනවා (නදී)

:       0       0

විපුල Saturday, 26 July 2014 09:30 AM

ලංකාවේ බැංකු වලින් හොඳම සර්විස් එකක් තියෙන්නේ කොමර්සල් බැංකුව. පීපල්ස් බැංකුවේ සේවාව අන්තිමයි. ඊමේල් එකක් යැව්වම පිළිතුරු එන්න සති ගණන් යනවා. කොමෙර්සල් එකේ පැය ගානකින් පිළිතුරු එනවා. පීපල්ස් එකට සල්ලි යැව්වම දවස් ගණන් යනවා. කොමෙර්සල් එකේ පැය ගානකින් යනවා.(නදී)

:       1       0

උදිත බස්නායක Saturday, 26 July 2014 02:03 PM

මනි ග්‍රෑම්වලින් සල්ලි දාන්න පුළුවන්. විනාඩි 5 න් සල්ලි ගන්න පුළුවන් ඕනෑම බැංකුවකින්. රේට් එකත් හොඳයි. එවන මුළු මුදලම් ලැබෙනවා. බැංකුවට යන්න ඕන නැහැ. ෆොන් එකෙන් සල්ලි යවන්න පුළුවන්. (නදී)

:       0       0

මාලනී Sunday, 27 July 2014 05:32 PM

කොහොමහරි සල්ලි ටික ප්‍රවේශමෙන් අතට ලැබුණොත් අපිට ඒ ඇති (නි)

:       0       0

එරංග Monday, 28 July 2014 06:57 AM

කොහොමත් දැන් පිට රට ඉඳලා ලංකාවට සල්ලි එවන්න අලුතෙන්ම නැගලා යන්නේ BOC ස්මාට් රෙමිට් සේවාව. රට ඉඳලා ලංකාවට එනකොට එයාර්පෝට් එකෙන්ම සල්ලි ගන්නත් ස්මාට් රෙමිට් එකෙන් පුළුවන්. මුදල් එවලා පැයක් ඇතුලත මෙහෙට සල්ලි එනවා. අනික හැම පොඩි නගරයකම උනත් ලංකා බැංකු තියනවනේ? ගිණුමක් නැත්නම් ඕනෑම ශාඛාවකින් ගන්න නමට සල්ලි එවන්න පුළුවන්.(අ)

:       0       0

සෙනෙවි Monday, 28 July 2014 10:13 AM

ලන්කිකයින්ට් හොදක් වෙනවාද (දී)

:       0       0

සමාධි Monday, 28 July 2014 10:12 AM

මොකද්ද මොකද්ද (දී)

:       0       0

සතා Monday, 28 July 2014 10:12 AM

අනේ පුලුවන්නම් මාලදිවයිනෙත් ලංකාවේ පුද්ගලික බැංකුවක් ආරම්භ කරන්නකෝ. එතකොට අපට කාගෙවත් ආඩම්බර බලන්න ඕනේ නෑ. (දී)

:       0       0

සෙනෙවි Monday, 28 July 2014 10:12 AM

දාඩිය මහන්සියෙන් උනා

:       0       0

සරත් Monday, 28 July 2014 10:12 AM

කොමර්ෂල් බැංකුව නියමයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site