හච්, සාම්ප්‍රදායික සිල්ලර වෙළඳාම, ඩිජිටල් සිල්ලර වෙළඳාමේ නවමු මානයකට රැගෙන යමින් වැඩි දියුණු කරන ලද ”ස්මාර්ට් සැන්ඩි” ඇප් පසුගිය දා හඳුන්වා දුන්නේය.
මෙම නවතම යෙදුම සමඟ, හච් වෙළෙඳ මහතුන්ට නව සිම්පත් අලෙවි කිරීම සඳහා, ඡායා පිටපත් යන්ත්‍ර හෝ ස්කෑනර් වැනි මිල අධික උපාංගවල ආයෝජනය කිරීම අවශ්‍ය නොවන බවද හච් වෙළෙඳ මහතුන්ට ඉලෙක්ට්‍රොනික රීචාර්ජ් කිරීම් සඳහා මිල අධික යන්ත්‍රවල ආයෝජනය කිරීමට හෝ භෞතික ටොප්-අප් කාඩ්පත් තොගයක් තුළ සිය මුදල් ආයෝජනය කිරීම ද අවශ්‍ය නොවන අතර ඒ සියලු මිලදී ගැනීම් එක් විශ්වීය ඩිජිටල් මුදල් පසුම්බියක් හරහා සිදුකරමින් ඩිජිටල්කරණය කරන ලද නිෂ්පාදන අලෙවි කිරීම සිදුකළ හැකි බව හච් සමාගම සඳහන් කරයි.
මෙම නවතම හඳුන්වාදීම පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මහතා මෙසේ පැවසීය. ”අපගේ වෙළෙඳ මහතුන්ගේ සහ වෙළඳ ජාලයේ වර්ධනය සඳහා අපි කැපවී සිටිනවා.
අපගේ වෙළඳ මහතුන්ට, ඩිජිටල් වෙළඳාමේ නව යුගයට ප්‍රවේශ වීමට අවශ්‍ය මග පෙන්වීම ලබා දීම සඳහා විප්ලවීය හච් ”ස්මාර්ට් සැන්ඩි” ඇප් හඳුන්වාදීමට හැකිවීම ගැන අපි සතුටු වෙනවා.
මෙමඟින් අපගේ වෙළඳ මහතුන්ට කාර්ය පහසුවෙන් කරගත හැකිවන අතර පුළුල් ආදායම් මාර්ගයක්, අඩු ආයෝජනයක්, වඩා හොඳ මුදල් ප්‍රවාහයක් සහ සම්පූර්ණ විනිවිදභාවයක් ලබා දෙනු ඇති. බොහෝ කුඩා ව්‍යාපාරවලට ඔවුන්ගේ ආදායම් පුළුල් කිරීමට සහ ඊට සමගාමීව අපගේ ගනුදෙනුකරුවන්ට සේවා ප්‍රවේශය වැඩි කිරීමට හැකියාව ලබා දීමට මෙමඟින් පහසුකම් සලසනවා.
595
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හච් ”ස්මාර්ට් සැන්ඩි” ඇප් හඳුන්වා දෙයි