(සනත් ගමගේ)
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම සිය නාවුක තෙල් ගබඩා බෙදාහැරීමේ සහ ඊට අනුබද්ධිත මෙහෙයුම් සේවා පර්යන්ත, ලොව ප්‍රකට සයිනොපෙක් ඔයිල් සමාගම වෙත ටෙන්ඩර් මගින් පිරිනමා ඇති බව හම්බන්තොට වාරය සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ජාත්‍යන්තර වරායක නාවුක සේවා මෙහෙයුම් අතර වඩාත් වැදගත්ම කාර්යභාරයක් වන නෞකා තෙල් සැපයුම හා බෙදාහැරීම සඳහා මේ අනුව හම්බන්තොට ජාත්‍යන්තර වරාය ද ගෝලීය නාවුක සේවා සිතියමට එක් වේ.
ඒ අනුව හම්බන්තොට වරායට පැමිණෙන මෙන්ම ඊට ආසන්න ජාත්‍යන්තර නාවුක මාර්ගයේ ගමන්ගන්නා නෞකා සඳහා ද සේවා සැපයීමට මෙම වසරේ අග භාගයේ සිට හැකියාව ලැබෙනු ඇත. සයිනොපෙක් ඔයිල් සමාගම මෙම මෙහෙයුම් කටයුතු භාර ගැනීමත් සමගම ලොව පිළිගත් IMO 2020 නීතියට අනුකූලව VLSFO හෙවත් අවම සල්ෆර් සංයුතියක් සහිත ඛණිජ තෙල් භාවිතයෙන් සේවා සපයන මෙම කලාපයේ එකම ස්ථානය බවට හම්බන්තොට ජාත්‍යන්තර වරාය පත් වෙනු ඇතිවන බවද එම නිවේදනයේ සඳහන් වේ.
ලෝකයේ නාවුක තෙල් සේවා මෙහෙයුම් ප්‍රබලයෙකු වන සයිනොපෙක් ඔයිල් සමාගම සමග ගිවිසුම් ගත වීමට ලැබීම පිළිබඳ අදහස් දක්වන හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී රේ රෙන් මහතා ඉදිරියේදී හම්බන්තොට සතු තෙල් ගබඩා සංකීර්ණ පුළුල් කිරීමේ සැලසුමේ මූලික කටයුතු ආරම්භවී ඇති බව ස පැවසීය. ලෝකයේ පෙරදිග හා බටහිර යා කරන ප්‍රධානතම වාණිජ සේවා නාවුක ගමන් මාර්ගයේ වසරකට පමණක් නෞකා 31000 ගමන් කරන අතර ඊට නාවුක සැතපුම් 10 ක තරම් මෑත දුරකින් පිහිටා තිබෙන හම්බන්තොට වරායේ භූගෝලීය වාසිය උපරිම ලෙස අත්කරගැනීමේ සැලසුම් හා හැකියාව පිළිබඳ රේ රෙන් මහතා විශ්වාසය පළ කළේය.
ඉදිරි වසර පහක කාලය තුල හම්බන්තොට වරාය සතු වර්ෂික තෙල් ටොන් ධාරිතාව දස ලක්ෂය ඉක්මවීම සිය ඉලක්කය බවද ඒ මහතා පැවසීය. සයිනොපෙක් ඔයිල් සමාගමේ තරඟකාරී මිල ගණන් මගින් දේශීය තෙල් සේවා සැපයුම්කරුවන් වෙත ද අවස්ථාව උදා වන බව පවසන රෙන් මහතා එමගින් දකුණු ආසියාව තුළ නාවුක තෙල් සේවා මධ්‍යස්ථානය බවට පත්වීමේ හම්බන්තොට ජාත්‍යන්තර වරායේ ඉලක්කය එක්ව ජය ගත හැකි වනු ඇති බවත් සඳහන් කළේය.
හම්බන්තොට වාරය සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා ලෝකයේ රටවල් රැසක සමාගම් 23 ක් අතරින් විනිවිදභාවයෙන් හා ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදවලට අනුව යමින් සයිනොපෙක් ඔයිල් සමාගමට මෙම ටෙන්ඩරය ලබා දුන් බව පැවසීය. තරඟකාරී මිල ගණන්වලට ජාත්‍යන්තර තත්ත්වයෙන් වඩාත් උසස් සේවාවක් සිය ගනුදෙනුකරුවන් වෙත ලබාදීමට සයිනොපෙක් ඔයිල් සමාගමට හැකි වනු ඇතැයි විශ්වාස කරන බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
සයිනොපෙක් ඔයිල් සමාගමේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සහ ප්‍රධාන ගණකාධිකාරී හන් ෂුවේලිං මහතා හම්බන්තොට තෙල් මෙහෙයුම් සේවා පිළිබඳ අදහස් දක්වමින් ලොව පිළිගත් VLSFO හෙවත් අවම සල්ෆර් සංයුතියක් සහිත ඛණිජ තෙල් සේවා හා මෙහෙයුම් සඳහා සිය සමාගමේ කැපවීම අවධාරණය කළේය. එමෙන්ම හම්බන්තොට වරාය නාවුක කේෂත්‍රෙය් වාණිජ උපායමාර්ගික වටිනාකම සිය සමාගම ද මැනවින් වටහා ගෙන ඇති බව පැවසීය.
චීනයේ බෙයිජිං නුවර සිය මූලස්ථානය පිහිටුවා ඇති සයිනොපෙක් ඔයිල් සමාගම තෙල් සහ ඛණිජ සම්පත් ආශ්‍රිත නිෂ්පාදන සම්බන්ධව ලොව ප්‍රමුඛ පෙලේ සමාගමකි. ලෝකය පුරා වරාය 40 ක සිය මෙහෙයුම් පවත්වාගෙන යන සයිනොපෙක් ඔයිල් සමාගම සතු ඔවුන්ටම අයිති තෙල් ගුදම් 25 ක වරකට පවතින දළ තෙල් ගබඩා පරිමාව ඝණ මීටර පහළොස් ලක්ෂ පනස් දහසකට අධිකය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හම්බන්තොට වරාය ගෝලීය නාවුක සිතියමට
ravi Tuesday, 16 April 2019 11:26 AM
මෙතන වාසියට වැඩිය. පරිසරය ගැන කල්පනාකාරී විය යුතුයි. "පරිසරය ආරක්ෂා කරගෙන සංවර්දනය වෙමු "
du Tuesday, 16 April 2019 02:15 PM
ආදායම් ඉපයීමට සුදානම් වීම හොදයි. මෙහි ආදායම දල දේශීය නිෂ්පාදනයට එකතු වීම අත්‍යාවශ්‍යයි. එය වේවිද??
චන්දා Monday, 22 April 2019 07:27 AM
මට වැටහෙන විදියට නම් හම්බන්තොට වරාය දැන් අයිති චීනෙට... එහි සියලු මෙහෙයුම් අයිති එයාලට... ආදායම එයාලට, යහපලානේ හුරේ දාපල්ලා හැටදෙලක්ශේ...