සමූද්‍රීය ගෑස් ඉන්ධන (MGO) මෙට්‍රික් ටොන් 15,000ක් රැගත් ඉන්ධන නෞකාව වන ‘සනී බේ’ පසුගියදා හම්බන්තොට ජාත්‍යන්තර වරායට (HIP) සේන්දු විය. මෙය, වරායේ ඉන්ධන ගබඩා පර්යන්තයේ ගබඩා කිරීම සඳහා MGO රැගෙන ආ පළමු නෞකාව වේ.
HIP තම ගෝලීය හවුල්කරු සයිනොපෙක් සමාගම සමඟ, අවම සල්ෆර් සංයුතියකින් යුත් ඛනිජ තෙල් (VLSFO) තොග වශයෙන් සැපයීමේ මෙහෙයුම පසුගිය වසරේ ආරම්භ කළේය. ඉන්ධන ගබඩා පර්යන්තය සමඟ එහි තෙල් ජැටි සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කර, ලෝක ප්‍රකට ලොයිඩ්ස් රෙජිස්ටර් සමාගම විසින් FSS සුරක්ෂිත සහතිකය ද (Fitness for Service - සේවා සැපයීමට යෝග්‍යතාව) හිමි කර ගැනීමෙන් අනතුරුව, හම්බන්තොට වරාය දැන් MGO සහ මැරීන් ඩීසල් තෙල් (MGO) සැපයීමට සුදානම්ව සිටී. මෙම MGO සේවා ආරම්භයත් සමඟ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, පාරිභෝගිකයන්ගේ සියලු ඉන්ධන අවශ්‍යතා සපුරාලමින් කලාපයේ ප්‍රමුඛ ඉන්ධන තොග සැපයුම්කරුවකු ලෙස ස්ථානගත වනු ඇත.
හම්බන්තොට වරාය, ජාත්‍යන්තර ප්‍රමිතීන්, මිණුම් දණ්ඩක් කරගනිමින්, ශ්‍රී ලංකාවට අනන්‍ය වූ අති නවීන ඛනිජ තෙල් පරීක්ෂණ රසායනාගාරයක් ද පිහිටුවා ඇත. ප්‍රමුඛ පෙළේ ගෝලීය පරීක්ෂණ සේවා සපයන්නකු වන ඉන්ටර්ටෙක් ලංකා පෞද්ගලික සමාගම සමඟ එක්ව පිහිටුවා ඇති රසායනාගාරය තුළින් නාවික ඉන්ධන, LPG ගෑස්, LNG ගෑස් සහ අනෙකුත් ඛනිජ රසායනික නිෂ්පාදන, සහතික කිරීම සහ පරීක්ෂා කිරීම ආදී සේවා සපයනු ඇත. වරාය පරිශ්‍රය තුළ පිහිටා ඇති රසායනාගාරය IMO 2020 හෙවත් ගෝලීය සල්ෆර් රෙගුලාසිය පරීක්ෂා කිරීමේ හැකියාව ඇති ජාත්‍යන්තර ලෙස වර්ගීකරණය වූවකි.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ජොන්සන් ලියූ පවසන්නේ, ලොයිඩ්ස් රෙජිස්ටර් සමාගම මඟින් සහතික ලත් ඉන්ධන ගබඩා පර්යන්තය මෙන්ම, නවීනතම රසායනාගාර පහසුකම් වලින් ද සමන්විත හෙයින් HIP හට සේවාලාභීන්ට, විශාල වටිනාකමක් ලබාදීමට හැකි වන බවයි. “ලෝකයේ නාවික ඉන්ධන වලින් සියයට 50 ක වෙළඳාම් සිදු වන ඉන්දියානු සාගරයේ, උපායමාර්ගික ස්ථානයක පිහිටා ඇති හම්බන්තොට වරාය, ඉන්ධන සැපයීම, LPG සහ අනාගත LNG මෙහෙයුම්, ආදී සියලු සේවා සඳහා ගෝලීය සමුද්‍රීය කේන්ද්‍රස්ථානයක් ලෙස නිසි තැන ගැනීමට සුදානම්ව සිටී.”
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හම්බන්තොට වරායෙන් සමූද්‍රීය ගෑස් ඉන්ධන ළඟදීම
sena Wednesday, 09 February 2022 06:33 PM
කවුරු හරි මට කියනවද ඕකෙන් අපේ රටට ඇති වැඩේ මොකක්ද කියලා..?
AwankaFriday, 11 February 2022 07:46 AM
ආයෝජනයක් ලැබෙන සාමන්‍ය දේවල් තමයි. ටික දෙනෙක්ට රස්සාවල් ලැබෙනවා. රජයට බදු ගන්න පුලුවන්. අපේ ළමයින්ට අන්තර්ජාතක මට්ටමේ පුහුණුවීම් ගන්න පුලුවන් . SLPA එකට 15% ලැබෙනවා ලාබෙන්. සේවා ගාස්තු ලැබෙනවා SLPA එකට. වරාය දියුණු වුනාම FDI ටිකක් එයි ලාංකාවට. අපේ දේශීය සමාගම් වලට sub වැඩ වත් හම්බෙයිනේ. අපේ මිනිස්සු හරියට සැලසුම් කරලා මේ ව්‍යාපාරය කලා නම් මි්ට වඩා හොද ආදායමක් අපිට ගන්න තිබ්බා.
akalanka Thursday, 10 February 2022 11:33 AM
නම අපේ,බිසනස් එක එයාලගේ .ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කියන්නේ ඕකට තමයි
වෙනුර Thursday, 10 February 2022 08:18 PM
පෝට් සිටියෙත්ත් වෙන්නේ ඔය දේමයි. ඔක්කොම ප්‍රතිලාභ චීනෙට. අපිට හුළං.
චන්දිම Friday, 11 February 2022 12:10 AM
මම ආයෙත් අහනවා මේ ලිපිය ලිව්ව කෙනාට හරි කියන්න මේ වරායෙන් අපේ රටට ඩොලර් ලැබෙනවාද කියල
Sampath Friday, 11 February 2022 08:56 AM
ඕක දැං චීනයේ නේද? දන්නා එකෙක් කියනවද ඔය දේවල් වලින් අපට ලැබෙනේ මොනවද කියලා. ඔය තරම් වටිනා සම්පතක් තමයි තුට්ටු දෙකට විකුණලා දැම්මේ
සුජීව Thursday, 17 February 2022 01:09 PM
ඔය වවගේ ව්‍යාපෘති කීයක් ලංකාවට ආවද? කෝ අපේ රට දියුණු උනාද?