පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේ(2021) පළමු මාස 4 තුළ හම්බන්තොට ජාත්‍යන්තර වරාය හසුරුවන වාහන මෙහෙයුම් (Ro Ro operations) සංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි එම වරාය සමාගම සඳහන් කරයි. මෙම වසරේ මුල් මාස 4 තුළ හම්බන්තොට වරාය වාහන 193,690 ක් ප්‍රතිනැව්ගත කළ අතර, පසුගිය වසරේ එම කාලය තුළ වරායට පැමිණි වාහන සංඛ්‍යාව 118,872 ක් විය. පසුගිය මාසයේදී වාහන 62,736 ක් ප්‍රතිනැව්ගත කළ අතර, මේ දක්වා මසක් තුළ වරාය විසින් හසුරුවා ඇති ඉහළම රොරෝ ප්‍රමාණය මෙයයි.
ඉන්දියාවේ චෙන්නායි, මුන්ද්‍රා, එනෝර්, දකුණු කොරියාවේ ගුන්සාන්, පියොංටෙක්, සහ ජපානයේ ඔසාකා, කොබේ සහ නගෝයා යන වරායන්වලින් ප්‍රතිනැව්ගත කිරීම සඳහා හම්බන්තොට වරායට වාහන පැමිණෙන අතර, දකුණු අප්‍රිකාවේ ඩර්බන්, මෙක්සිකොවේ වෙරක්‍රස්, අමෙරිකාවේ සැන් ඇන්ටෝනියෝ, නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සහ ප්‍රංශයේ ලේ හැවේරේ යන වරායන් වෙත මෙම වාහන ප්‍රතිනැව්ගත කරයි. NYK, MOL, Hyundai Glovis, Kline, ZIM, Hoegh ය යන නාවික සමාගම්හි නෞකාවන් ප්‍රතිනැව්ගත කිරීමේ කටයුතු සඳහා හම්බන්තොට වරායට පැමිණේ.
“ගෝලීය අපනයන වෙළඳපොළ තවමත් ස්ථාවර නොමැති තත්ත්වයක, ප්‍රධාන නාවික සමාගම්, තම මෙහෙයුම් සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය තෝරා ගැනීම අප ධෛර්යමත් කරවන අතර ඒ සඳහා හේතු වී ඇත්තේ වරාය සතු කාර්යක්ෂමතාව, විශ්වසනීයත්වය සහ ඉහළ ඵලදායිතාවයැයි’ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ (HIPGඨ) ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පවසයි. සී.එම්.පොර්ට් සමාගම සතු ගෝලීය ප්‍රමිතීන්ට අනුව ආරක්ෂාව හා ගුණාත්මකභාවය කෙරෙහි අවධානය යොමු කිරීමත් මේ සඳහා බලපා ඇති බව ඔහු තවදුරටත් අවධාරණය කළේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හම්බන්තොට වරායේ වාහන මෙහෙයුම්වල වර්ධනයක්