හච්, වර්තමානයේ පවතින ප්‍රවාහන දුෂ්කරතා සාර්ථකව ජයගැනීමට සහයක් වෙමින් සිය බෙදාහැරීමේ නියෝජිතයන් වෙත ඉලෙක්ට්‍රික් බයිසිකල් ලබාදීමේ වැඩසටහනක් පසුගියදා ආරම්භ කරන ලදී.
බොහෝ දියුණුවෙමින් පවතින රටවල මෙන් ශ්‍රී ලංකාවේද ජංගම දුරකථන පාරිභෝගිකයන්ගෙන් සියයට90 ක් පෙරගෙවුම් සේවාවන් සඳහා යොමුව සිටින බැවින් රීචාර්ජ් වවුචර් සහ ඉලෙක්ට්‍රොනික රීලෝඩ් ලබාගැනීමට ඇති පහසුකම අතිශය වැදගත් බවද එම සමාගම සඳහන් කරයි.
මෙම වැඩසටහන මඟින් හච් බෙදාහැරීමේ ජාලය වෙත ඉලෙක්ට්‍රික් බයිසිකල් 200කට අධික සංඛ්‍යාවක් ලබාදෙන අතර එමගින් දීපව්‍යාප්ත වෙළඳ මධ්‍යස්ථාන 75,000කට අධික ගණනක් වෙත සිය ජංගම නිෂ්පාදන අඛණ්ඩව ලබාදීම සහතික කෙරෙනු ඇත.
සිය නවතම මුලපිරීම පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප්‍රධාන විධායක නිලධාරී තිරුකුමාර් නඩරාසා මෙලෙස සඳහන් කළේය.
“රටේ පවතින ඉන්ධන හිඟය නිසා යතුරුපැදි භාවිතයෙන් අපගේ ජංගම නිෂ්පාදන බෙදාහැරීම ඉතා දුෂ්කර කටයුත්තක් වී ඇති අතර එය පාපැදි සහ පොදු ප්‍රවාහන සේවාවලට සීමාකර ඇත. අත්‍යවශ්‍ය සන්නිවේදන සේවා සපයන්නකු ලෙස, පාරිභෝගිකයන්ට බාධාවකින් තොරව අපගේ සේවා වෙත ප්‍රවේශ වීමට අවශ්‍ය පහසුකම් අඛණ්ඩව සැපයීමට නව සහ කාලෝචිත විසඳුම් අවශ්‍ය බව අපි අවබෝධ කරගත්තෙමු. එයට විසඳුමක් ලෙස හඳුන්වාදුන් මෙම ඉලෙක්ට්‍රික් බයිසිකල් ලබාදීමේ වැඩසටහන අපගේ නිෂ්පාදන වටිනා පාරිභෝගිකයන් වෙත අඛණ්ඩව ළඟා වීම සහතික කරනු ඇත.”
595
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හව් බෙදාහැරීමේ නියෝජිතයන්ට නොමිලේ ඉලෙක්ට්‍රිකල් බයිසිකල්