ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම රෝහල් සේවාවක් මෙන්ම ඔස්ට්‍රේලියානු සුවසේවා කවුන්සලයේ ප්‍රමිතිකරණය ලබාගත් මෙරට ප්‍රථම රෝහල වන හේමාස් රෝහල් සමූහය සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් රජයේ පොරොත්තු ලේඛනවල සිටින රෝගීන්ට එම සැත්කම් වඩාත් සාධාරණ මිලකට සිදු කිරීමට අවස්ථාව උදාකරදී ඇත.
මේ අනුව විවිධ සැත්කම් සිදු කරගැනීමේ අපේක්ෂාවෙන් රජයේ රෝහල්වල ලියාපදිංචිව සිටින රෝගීන්ට තම විශේෂඥ වෛද්‍යවරයාගේ මග පෙන්වීම යටතේ හේමාස් රෝහල් සමූහයට අයත් රෝහලක දී මෙම සැත්කම් සහනදායී වට්ටමක් සහිතව වඩාත් සාධාරණ, දැරිය හැකි මිලකට සිදු කර ගත හැකි බව එම රෝහල සඳහන් කරයි.
පවතින ආර්ථික හා සමාජ අර්බුදය හමුවේ අන්තර්ජාතික මට්ටමේ සුවසේවා වෙත පිවිසීමට මහජනතාවට ඇති අවස්ථා සීමාසහිත වීම හමුවේ රටේ පුරවැසියන්ගේ සුවපත් බව සිය මූලික අරමුණ කර ගනිමින් හේමාස් රෝහල් සමූහය විසින් මෙම සුවිශේෂී පියවර ගෙන ඇත. විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයකට මුහුණපාමින් සිටින අතර රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙහි වඩාත් අහිතකර බලපෑමට මුහුණ දී සිටියි.
මේ තත්ත්වය අවබෝධ කර ගත් හේමාස් රෝහල් සමූහය සෑම ශ්‍රී ලාංකිකයකුටම ජාත්‍යන්තර මට්ටමේ සුවසේවාවක් වෙත ප්‍රවේශවීමේ අයිතිය මෙම වැඩපිළිවෙළ මගින් තහවුරු කර ඇත. මේ අනුව හේමාස් රෝහල් සමූහයට අයත් හේමාස් වත්තල හා තලවතුගොඩ රෝහල් වෙතින් අවයව බද්ධ කිරීමේ සිට එක් දිනක් තුළ සිදු කර ගත හැකි සැත්කම් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත. පවතින අර්බුදකාරී තත්වය තුළ රජයේ රෝහල්වලින් සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයන්හි විශාල පිරිසක් රැඳී සිටින අතර ඖෂධ හා වෛද්‍ය සැපයුම්වල පවතින අඩුපාඩු හමුවේ දෛනිකව රජයේ රෝහල්වල සිදු කෙරෙන සැත්කම් විශාල සංඛ්‍යාවක් සීමා කිරීමටද සිදුව ඇත.
අදාළ ශල්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශය සහ මගපෙන්වීම මත හේමාස් රෝහල් සමූහයට පැමිණෙන රෝගීන්ට වකුගඩු බද්ධ කිරීම, විකලාංග ක්ෂේත්‍රයේ සුළු සහ අනෙකුත් ප්‍රධාන සැත්කම් ද, උරස් හා උදර කුහරය ආශ්‍රිත සුළු හා සාමාන්‍ය තත්ත්වයේ සැත්කම් ද, සුවනාරි ක්ෂේත්‍රයට අයත් වන සුළු හා සාමාන්‍ය සැත්කම් ද, උගුර කන් නාසය සැත්කම් හා මෞත්‍රලිංග ආශ්‍රිත සුළු සැත්කම් සහ සියලු ශල්‍යකර්ම සඳහා රජයේ රෝහල් හි ලියාපදිංචි ව සිටින රෝගීන්ට හේමාස් රෝහල් සමූහය වෙතින් දැරිය හැකි මිලකට සිදු කර ගත හැකි වනු ඇත.
රටේ පවතින මෙම අභියෝගාත්මක තත්ත්වය හමුවේ ඉදිරියට පැමිණෙමින් හේමාස් රෝහල් සමූහය විසින් ලබාදෙන මෙම පහසුකම පිළිබඳව අදහස් දක්වන හේමාස් රෝහල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ශ්‍රී ලංකා පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සංගමයේ හිටපු සභාපති ආචාර්ය ලකිත් පීරිස් මහතා මෙසේ පැවැසීය. ‘රටේ පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ සෑම ක්ෂේත්‍රයක් මෙන්ම සුවසේවා ක්ෂේත්‍රයත් දැඩි අර්බුදයකට පත්ව තිබෙනවා.
මිනිසුන්ගේ මූලික අවශ්‍යතාවක් වන ඖෂධ සහ රෝහල් සේවා ක්ෂේත්‍රයද දැඩි අභියෝගයන්ට මුහුණ දී සිටියද, පුද්ගලික අංශයේ රෝහල් සමූහයක් ලෙසත් මෙරට ජනතාව වෙත අන්තර්ජාතික මට්ටමේ රෝහල් සේවාවක් වෙත ප්‍රවේශවීමට ඇති අයිතිය තහවුරු කිරීමට කැපවී කටයුතු කරන රෝහල් සමූහයක් ලෙසත් මේ අභියෝගාත්මක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව වෙත ලබා දිය හැකි ඉහළම දායකත්වය ලබාදීමට අපි නොපැකිලිව ඉදිරිපත් වන අතරම හේමාස් රෝහල් සමූහය මගින් දියත් කර ඇති මෙම වැඩපිළිවෙළ මගින් රජයේ රෝහල් ක්ෂේත්‍රය වෙත ඇති කර ඇති පීඩනය සමනය කිරීමටත්.
මෙම අර්බුදය හමුවේ බලාපොරොත්තු රහිතව දිවිගෙවූ රෝගීන්ට නව ජීවන හුස්මක් ලබා දීමටත් අපට හැකිවීම හේමාස් රෝහල් සමූහයට ලැබෙන මාහැඟි ආශිර්වාදයක්.’
595
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
හේමාස් රෝහල් සමූහයෙන් සැත්කම් සඳහා විශේෂ අවස්ථාවක්