X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


ෆ්ලයි ඩුබායි මත්තල එයි

 ෆ්ලයි ඩුබායි ගුවන්සේවය මත්තල සහ ඩුබායි අතර නියමිත කාලසටහනකට අනුව ගුවන්ගමන් ක‍්‍රියාත්මත කිරීම අද  පෙරවරුවේ සිට ආරම්භ කරනු ලැබීය.

 එම ගුවන්සේවයට අයත් එෆ්.ඉසඞ් 551 දරන ගුවන්යානය  නිළ වශයෙන් ගුවන්ගමන් අරඹමින්  අද උදෑසන 7.05 ට මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළට ලගා විය.
සතියට දින තුනක්    ෆ්ලයි ඩුබායි ගුවන්සේවය මත්තල සිට ඩුබායි අතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.

ලබන ජූලි මස සිට මෙ සතියකට දින හතරක් මත්තල සහ ඩුබායි අතර ගුවන් ගමන් ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.


 


 



අදහස් (0)

ෆ්ලයි ඩුබායි මත්තල එයි

සංජු Friday, 24 May 2013 12:29 PM

රොෂාන්, කටුනායකින් බැහැලා පැයකින් මම ගෙදර. ඒත් මත්තල බැහැලා? (නි)

:       0       0

දම් Saturday, 25 May 2013 04:40 PM

රටෙන් දෙයක් ගන්න කලින් අපි රටට මොනවද කලේ.(නදී)

:       0       0

අනුර Saturday, 25 May 2013 01:42 PM

විජේරත්න මහත්තයෝ. අපිට නම් හරිම සතුටුයි. මේ වගේ දේවල් වෙනවට. මේවා අපේ පරම්පරාවට. යුද්දේ තිබුනානම් ඔයාට යන්න වෙන්නේ පාස්පෝර්ට් අරන් යාපනේටත්.(නදී)

:       0       0

ධනංජය Saturday, 25 May 2013 12:12 PM

දැන් තියන ගානට ඔහෙලට කාර් දෙකක් ගන්න පුළුවන් වෙයි අමාරුවෙන් හරි. ඒත් හිතන්න එපා තව අවුරුදු 10 කින් ඒ ගානටම දෙකක් ලැබෙයි කියලා. ඒ හින්දා අමාරුවෙන් හරි තව ගුවන්තොටුපොළක් හදාගත්තු එක ලොකු දෙයක්. අනාගතේදී අපට ගුවන්තොටුපොලවල් දෙකක් නැතුවම බැරිවෙයි සමහර වෙලාවට.(නදී)

:       0       0

ධනංජය Saturday, 25 May 2013 11:52 AM

පොඩ්ඩක් හිතනවකෝ, කටුනායක මොකක් හරි හින්දා වහන්න වුනොත් එක දවසක් හරි, පැරෂුට් වලින්ද බහින්න වෙන්නේ? අඩුම ගානේ අළුත්වැඩියාවකටවත් වහන්න පුලුවන්ද?(නදී)

:       0       0

රාංජනී Saturday, 25 May 2013 10:57 AM

මොන දෙයක් කරත් එකපාරටම දියුණු වෙන්න බැහැනේ. ටිකක් කල් යනවා මනමාලි ගෙනාව ගමන්ම දරුවෝ ලැබෙන්නේ නැහැනේ. (ස)

:       0       0

තුෂාර Friday, 24 May 2013 10:36 PM

ෆ්ල්ය් ඩුබායි FZ-558 කොහොමත් සතියට දින හතම කටුනායක එනවා. ඉන් අමතරව FZ-511 නම යටතේ කටුනායක පැයක් නැවතා මත්තල යනවා. මත්තල සිට තමයි FZ-512 ලෙස ඩුබායි යන්නේ. ගාන එකමයි. කටුනායක බහින සංජු මල්ලිට වෙනද වගේම කටුනායකින් බැහැල පැයෙන් ගෙදර යන්න පුළුවන්. (නදී)

:       0       0

එරංග Friday, 24 May 2013 08:00 PM

ඩුබායි සිට මත්තලට පැය 4.30 මත්තල සිට වත්තලට පැය 5.30 මොකක්ද බොලේ මේ වෙන්නේ.(නදී)

:       0       0

උපුල් Friday, 24 May 2013 04:41 PM

දෙවැනි ගුවන් තොටුපොල හොඳයි. මගේ අදහස මෙය හදන්න තිබුනේ ත්‍රිකුණාමලය ආසන්නයේ. (නි)

:       0       0

ලලිත් Friday, 24 May 2013 03:36 PM

සංජු, මොන ගොනාද කටුනායක ගෙවල් තියාගෙන මත්තලින් බහින්නේ? (නදී)

:       0       0

අරුණ Friday, 24 May 2013 02:30 PM

නියම වැඩක්. අපිට කොහෙන් බහින්න වේවිද? (නි)

:       0       0

ඩෙන්සිල් Sunday, 26 May 2013 03:10 AM

අපි දුප්පත් රටක්. අපි ගුවන් සේවා 2 නඩත්තු කරනවා. බිලියන 2 ක් පාඩුවට දුවන්නේ. ගුවන් තොටුපොළවල් 2 තියෙනවා. කටුනායකට පාලනය කරගන්න බැරි තරම් ගුවන්යානා එනවනම් ප්‍රශ්නයක් නැහැ. මත්තල හදලා තියෙන්නේ අදික පොලි නය මත. හරි ආදායමක් නැතුව ආපහු ගෙවන කොට ආපහු ගෙවන්නේ නය අරගෙන.(නදී)

:       0       0

මොහමඩ් රිස්වාන් - සව්දි අරාබිය Friday, 24 May 2013 12:07 PM

මැදපෙරදිගින් යන ගුවන් යානා මත්තලට යවන්න එපා. එහි ඩියුටි ෆ්‍රී නැහැනේ. (නි)

:       0       0

ඉන්දික මල්ලී-ඩුබායි Friday, 24 May 2013 10:12 AM

‍‍ෆ්ලයි ඩුබායි මේ මාස 4 කොහොමත් එයි. මොකද මේ රාමදාන් හන්දා ගොඩක් කට්ටිය ලංකාවට යනවා. අනික‍‍ ෆ්ලයි ඩුබායි තමයි මැදපෙරදිග අඩුම ගානකට යන්න එන්න පුලුවන් එයාර් ලයින් එක. (නි)

:       0       0

රිස්වි Friday, 24 May 2013 10:06 AM

එතකොට ෆ්ලයි ඩුබායි වලට කුරුල්ලෝ වදින්නෙ නැද්ද? (නි)

:       0       0

නීල්-රානා Friday, 24 May 2013 09:35 AM

ලබන වසරේ වෙසක් එකට ජනාධිපතිතුමා ඩුබායි වලින් බුදුන්ගේ හා දහසක් රහතුන්ගේ ධාතු ගෙන්වනවා මත්තලට.(නදී)

:       0       0

රකිත් Friday, 24 May 2013 08:20 AM

රජයේ එක් ඇමතිවරයෙක් පවසා තිබුණා චෙන්නායි ගුවන් තොටුපලට එන යානා හදිසි අවස්ථාවකදී මත්තලට ගොඩ බෑමට හැකි බව. එතුමා දකින ප්‍රතිලාභය එයයි. එතකොට අපි මේ ඩොලර් මිලියන 200 කට වැඩිය ණය අරගෙන අන්තර්ජාතික ගුවන් තොටුපලක් හැදුවේ වෙන තැන්වලට බාන්න බැරි වෙන ඒවා ගෙන්න ගන්නද? (නි)

:       0       0

චින්තක Friday, 24 May 2013 01:31 AM

මිනිසුන්ට කන්න බොන්න සල්ලි නැතුව දුක් විදිනවා. අපිට මත්තලට ගුවන් තොටුපොළක් විතරද අඩු? ලංකාවට ජාත්‍යන්තර ගුවන් තොටුපොළවල් දෙකක් ඕනෑමද? තව කීයක් ඕනෑද? කොච්චර මෝඩයෝ ඉන්නවද තියල තේරෙනවා මේකේ අදහස් දැක්කම. (නි)

:       0       0

කසුන් Thursday, 23 May 2013 11:21 PM

අපිට ආඩම්බරයි! (නි)

:       0       0

අනුර Thursday, 23 May 2013 04:00 PM

කොමිස් නොමැති වියාපාර ලෝකයක් තියෙන්නේ කොතනද මහතුනේ මේවා නැතිකරන්නම් වියාපාර සදහටම ලොවෙන් තුරන් කරන්න වෙනවා ලංකාවේ දේසපාලනය ඕක තමයි.(නදී)

:       0       0

ලාල් Thursday, 23 May 2013 03:57 PM

කීයක් හරි දීලා වෙන්න ඇති ඕකත් ගෙන්න ගන්න ඇත්තේ.(නදී)

:       0       0

රෝහණ Monday, 27 May 2013 02:07 AM

සිල්වා උන්නැහේ, ඔබතුමා දන්න දෙයක් නැහැ වගෙයි. නොදන්නා දේවල් වලට කට දාන්න එපා (නි)

:       0       0

සුජිත් Wednesday, 29 May 2013 10:35 AM

හොද ආරංචියක් (නි)

:       0       0

දොන් Wednesday, 29 May 2013 03:02 AM

බොහොම හොඳයි අනුර. (නි)

:       0       0

කමල් Tuesday, 28 May 2013 10:33 PM

මේ වියදම් කළ සල්ලි වලින් මේ රටේ නිෂ්පාදනය වැඩිකරන්න දෙයක් කළා නම් කොච්චර හොදද? (නි)

:       0       0

සංජීව Tuesday, 28 May 2013 09:38 PM

ඩුබායි වලත් ඉන්නේ චීන්නුද? (නි)

:       0       0

රවින්ද්‍ර Tuesday, 28 May 2013 08:39 PM

හොදයි ඉතින් අපිට මොකද

:       0       0

තුසිත් Tuesday, 28 May 2013 03:18 PM

ගොඩක් හොදියි. නමුත් කොමිස් ගහන එක තමා ප්‍රශ්ණය.(නදී)

:       0       0

ජෙරී Tuesday, 28 May 2013 12:35 PM

ඉර්ෆාන් ධර්මා, මම ගොඩක් අගය කරනවා ඔබේ අදහස්. මොන අණ්ඩුවෙන් කලත් මේ අපේ රට. එයින් සේවයක් වෙන්නේ අපිටත් වඩා අපේ මතු පරපුරට. හොද දේ අපි ලාංකිකයන් ලෙස අඟය කරමු. යුද්ධය දීණුවට පස්සේ නිල්,කොල,රතු හැමෝම නිදහසේ හුස්ම ගන්නවානේ. විජේරත්න මහත්තය නම් චව් චව් වගේ (ඕක හරියන්නේ නෑ, ඕක කෙරෙන්නේ නෑ).(නදී)

:       0       0

අසංග Monday, 27 May 2013 11:44 AM

මේවා තමන්ගේ වාසියට කරපුවා නෙමෙයි. අපේ රටේ අනාගතය උදෙසා කරපු දේවල්. ඇයි අපේ මිනිසුනට කිසිම දෙයක අගයක් නැත්තේ. ඕහොම යනකොට ඔය කට්ටියගේ දෙමව්පියන්වත් අමතක වෙයි.(නදී)

:       0       0

වත්තල Monday, 27 May 2013 07:00 AM

අනේ අපේ වත්තලටත් මේ වගේ එකක් දෙන්නකෝ. එතකොට බස් වල ඇතිල්ලී ඇතිල්ලී එන්න වෙන්නේ නැහෙනේ.එතකොට ෆ්ලිට් එක වැඩිය උඩ යන එකක් නැහැ බයට ජනතාව දෙස් දෙනවනේ. (නි)

:       0       0

කලන Thursday, 23 May 2013 03:23 PM

ඔහොම හිතල තමයි ඔය හැම දෙයක්ස පටන් ගත්තේ, මිහින් ලංකා, හම්බන්තොට වරාය, දැන මේක. පටන් ගන්න ඉස්සෙල්ල මේවා හරි වැඩද කියල හොයල බලන්න ඕනේ.(නදී)

:       0       0

කුමාර Sunday, 26 May 2013 11:43 PM

දැන් ඩුබායි කාරයොත් චීන්නු වගේමයි.( කෝ අපේ කොන්ඩෙ බැඳපු චීන්නු).(නදී)

:       0       0

වත්සලා Sunday, 26 May 2013 09:34 PM

සන්තෝසයි

:       0       0

අප්පුහාමි Sunday, 26 May 2013 08:49 PM

කුබුරක් වපුරන්නේ ගිය වියදම පියවා කන්න වී ටිකක් හරි ගෙදර ඉතිරි කරගන්න. මේක ඕනෙම සාමාන්‍ය කෙනෙකුට උනත් තේරෙනවා. ගුවන් තොටුපොළවල් හදන්න ඕනේ එත් ඊට වඩා කල යුතු දේ බොහෝය?(නදී)

:       0       0

සකු Sunday, 26 May 2013 07:31 PM

කාටද ආඩම්බර

:       0       0

විමල් Sunday, 26 May 2013 03:53 PM

පෙනෙන හැටියට මෙහි ඉන්නේ පිලිපීන ජාතිකයෝ සහ තායිලන්ත ජාතිකයෝයි (නි)

:       0       0

දිසානායක Sunday, 26 May 2013 03:19 PM

ආඩම්බර වෙන්න නෙමෙයි අඩන්නයි වෙන්නේ පාඩු පිට දුවන ගුවන් ආයතන දෙකක් තියෙද්දී මත්තල බොරු සෝබන වැඩක්. පස්සේ තේරෙයි එතකොට වෙන්න තියන දේ වෙලා ඉවරයි.(නදී)

:       0       0

සනත් Sunday, 26 May 2013 12:41 PM

ෆ්ල්යි ඩුබායි කටුනායකට එන්නෙම නැද්ද? (නි)

:       0       0

ද.මිත්රසිරි ජයවර්දන Sunday, 26 May 2013 10:50 AM

කවුරු මොනවා කීවත් අපේ රටට ආඩම්බරයක් අපි සතුටු වෙන්න ඕනේ!(නදී)

:       0       0

ඉසුරු Sunday, 26 May 2013 09:32 AM

එකක් ඇවිත් මෙහෙම නටනවා. එත් මත්තල යන්න කියල බලපෑම් කරලා ලංකාවට එන එක සම්පුර්ණයෙන්ම නවත්තපු එයාර් ඇරබියා ගැන මොකද කියන්නේ.(නදී)

:       0       0

සංජු Wednesday, 22 May 2013 06:37 PM

එතකොට මේක කටුනායක එන්නේ නැද්ද අද ඉදන්? දැන් අපි ඉදලා හිටලා අවොත් මත්තලටද බහින්න වෙන්නේ? (නි)

:       0       0

ඉන්දික Wednesday, 22 May 2013 10:35 PM

නියමායි. කවදද ඩියුටි ෆ්‍රී ඕපන් කරන්නේ? (නි)

:       0       0

සෙනරත් Wednesday, 22 May 2013 09:46 PM

මේ අයට ඉතින් මොනවා කිව්වත් වපර ඇහින් තමයි පේන්නෙ. කවදාවත් රටින් පිටට ගිහින් නැති ළිං මැඩියෝ (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Wednesday, 22 May 2013 09:28 PM

මත්තල හදන්න විශාල මුදල් සම්භාරයක් වයවුන එක ඇත්ත. හැබැයි දියුණු කරලා ගත්තා නම් විශාල මුදලක් ඉතුරු කරගන්න තිබුනා. දැන් කරන්න තිබෙන්නේ හදපු එක කොහොම හරි දියුනු කරලා රටේ දියුනුවට යොදාගන්න එකයි (නි)

:       0       0

රුවන් Wednesday, 22 May 2013 09:01 PM

ඕනෑම රටක ජාත්‍යන්තර ගුවන්තොටවල් 2ක් හෝ වැඩිගණනක් තියනවා. ජනාධිපතිතුමා මොනවා කෙරුවත් සමහරුන්ට වරදක් කියනවා. මම කැමතියි කොළඹට ෆ්ල්යිට් එනවට මම කොළඹ නිසා. නමුත් දකුණට ලග අයට මෙය පහසුවක් (නි)

:       0       0

නීල්-රාාන Wednesday, 22 May 2013 08:24 PM

යකෝ මරුනේ. චීනෙන් ඇවිත් හරි මත්තලින් ගුවන් ගත වෙනවානම් ලොකුදෙයක්.(නදී)

:       0       0

ඉර්ෆාන් ධර්මා Wednesday, 22 May 2013 07:51 PM

ඕනෑම ව්‍යාපාරයක් පටන් ගද්දි මුල් මාස 7-8ක් පාඩු විදගන්න බලාගෙනයි පටන් ගන්න ඕනේ. එයයි ව්‍යාපාරයක මුලික අදියර. මෙවැනි ගුවන් තොටුපළවල් පවා එම සිද්ධාන්තයට යටත්. මෙහි ඍන ආකල්ප ඇතුව ප්‍රතිචාර කල අය ව්‍යාපාර ගැන කිසිම දෙයක් නොදන්නා මුළු ජීවිතේම සහනාධාර මත යැපෙන පිරිසක් කියලයි මගේ හැගීම. මම නම් දේශපාලන වශයෙන් "කැපුවත් කොළ " නමුත් හොද දේවල් කව්රු කලත් අගය කල යුතුයි.(නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 22 May 2013 07:15 PM

පාට කන්නාඩි දාල බැලුවහම පෙන්නේ පාටට. ඔය පාට පාට කන්නාඩි ගලවලා එකම රටක ශ්‍රී ලාංකිකයන් විදිහට සතුටුවෙමු. අපේ රටට ජය වේවා. (නදී)

:       0       0

ජසීම් Wednesday, 22 May 2013 07:17 PM

මේ මොකද්ද වෙන්නේ.(නදී)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 22 May 2013 07:03 PM

විජේරත්න මහත්තයෝ, වැහි පොද එකතුවෙලා තමා විශාල ගංගාවල් හැදෙන්නේ. අද - 1 හෙට 2 - ඊලග මාසයේ 5 ....අවුරුදු 5 කින්? හැම විටම ධනාත්මකව සිතන්න! ඔබට සුබ අනාගතයක්! (නි)

:       0       0

රොෂාන් Wednesday, 22 May 2013 11:46 PM

මේ සංජු කොහෙන් බැස්සත් මොකද? අපේ රටටනේ යන්නේ. අනික ඉදපා හිටලාවත් ඒ පැත්තේ ගිහින් එනන.(නදී)

:       0       0

මහේෂ් Wednesday, 22 May 2013 06:28 PM

රටේ සදාචාරය බල්ලට ගිහිල්ලා. මිනිස්සුන්ගේ මොලේ හදන්නේ නැතුව බලධාරී රට හදන්න යනවා. මේවයින් මොන තරම් කොමිස් ගහන්න ඇතිද ? කවදාවත් නව නිපැයුම් කරුවන්ට දිරි දීලා තියෙනවද? මොලේ නැති යක්කු.(නදී)

:       0       0

මර්සි ලංකා Wednesday, 22 May 2013 05:13 PM

දකුණේ සිරිය නරබන්න , දකුණත් ලංකාවේ ප්‍රධාන නගරයක් වෙන්න . විදේශිකයන්ට කරදයක් නැතුව නිදහසේ අපගේ නිල් මුහුද තිරයේ විවේකය ගත කරන්න. මත්තල ගුවන් තොටුපල ප්‍රදාන මාර්ගයක්.(නදී)

:       0       0

විජේරත්න Wednesday, 22 May 2013 04:50 PM

ජාත්‍යන්තර ගුවන් තොටුපලකට එක යානාවක් ඇවිත් අපේ අයට තියෙන සතුට. (නි)

:       0       0

රුක්ෂාන් Wednesday, 22 May 2013 04:33 PM

ඉතා හොදයි (නි)

:       0       0

දිල්රුක්ෂි Wednesday, 22 May 2013 04:31 PM

හරිම හොදයි.(නදී)

:       0       0

චතු Wednesday, 22 May 2013 04:23 PM

එන්නේ නැහැ කියලා කෑගහපු අය කෝ දැන්? ඔය පටන් ගත්තේ එන්න. ආණ්ඩුව මොනවා කළත් අපි අපේ දේවල් ගැන ආඩම්බර වෙන්න ඕනෑ. ඒක හැදුවේ කවුරු වුණත් හැදුවේ ලංකාවට මිසක් වෙන රටකට නෙමෙයි නේ! (නි)

:       0       0

ගාමිණී-සිරි Wednesday, 22 May 2013 04:17 PM

මොනතරම් කතා හැදුවද , පසු ගිය කාලයේ මත්තල ගැන...දැන් ඔය එන්නේ හිටු කියලා!! ඒ අයගේ වියදමින් ආවා නම් හොදයි.ඩුබායි සිට ආවත් මගීන් , නම් කොරියන්,චීන පෙනුමක් තියෙන්නේ.අපායෙන් හරි කමක් නැහැ අපිට, එනවා නම්!! (නි)

:       0       0

රිස්වාන් ඩුබායි Wednesday, 22 May 2013 03:40 PM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. කොච්චර කාලෙකටද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

සම්පත් Wednesday, 22 May 2013 03:30 PM

නියමයි (නි)

:       0       0

වරුණ Thursday, 23 May 2013 11:27 AM

ටික දවසක් ඇවිල්ල අපිට බැහැ කියාවිද දන්නේ නැහැ? (නි)

:       0       0

කුමාර Thursday, 23 May 2013 01:30 PM

ගුවන්තොටක් කියන්නේ ආයෝජන මාර්ගයක්

:       0       0

තුෂාර Thursday, 23 May 2013 01:27 PM

මේ අය දකුණට ආපු අයද? නැතිනම් වෙනත් පළාත් වලට ආපු අයද? (නි)

:       0       0

චමින්ද Thursday, 23 May 2013 12:47 PM

හොදයි සන්තෝසයි

:       0       0

නිමල් Thursday, 23 May 2013 12:29 PM

ඉතා හොදයි, සතුටුයි. රටේ නීතිය, හොරකම මැරකම අඩු කළානම්, බුරන දේශපාලකයින් ඉවත් කරනවා නම් ජනතාව තවත් හොදයි කියයි. (නි)

:       0       0

සමිත් Thursday, 23 May 2013 12:04 PM

බය වෙන්න දෙයක් නෑ. අනිත් ගුවන් සමාගම් ටිකත් එනවා ටිකක් කල් යනකොට.(නදී)

:       0       0

චාමික Thursday, 23 May 2013 11:59 AM

මම කිවේ තංගල්ලේ දී විදේශික යුවලකට ටික කලකට කලින් ලැබුණු නිදහස ගැන මර්සි.(නදී)

:       0       0

සිල්වා Thursday, 23 May 2013 11:53 AM

සමන්,විජේ ඔබලාට මෙහි වටිනාකමක් නොතේරෙන එක කරුමයක්.රටක ඉදිරි ගමනට මේවා අවශ්‍යයි.ඔබලාගේ සංකල්ප එකතැන පල්වෙන ඒවායි.(රටටම එක මහා මාර්ගයක්,පරම්පරාවටම එක ගෙයක් සංකල්පයයි.) (නි)

:       0       0

චාමික Thursday, 23 May 2013 11:42 AM

මර්සි ලංකා, දන්නේ නැතිකමට මන් මේ අහන්නේ.."දකුණත් ලංකාවේ ප්‍රධාන නගරයක් වෙන්න. විදේශිකයන්ට කරදයක් නැතුව නිදහසේ අපගේ නිල් මුහුද තිරයේ විවේකය ගත කරන්න...." ඔයා මොන නිදහස ගැනද කියන්නේ? ඒවි ඒවි නිල් මුහුදු තීරේ නිදහස් විදින්නම මිනිස්සු !! ලංකාවේ ජෝඩු පවා දැන් බයයි ඔය පැත්තටවත් එන්න. පෙම්වතිය හෝ බිරිඳ මැරයන්ට දීලා මැරෙන්න ආස නම් ඒවි. (නි)

:       0       0

සමන් Thursday, 23 May 2013 11:34 AM

කටුනායක ට දවසකට ෆ්ලිඝ්ට් 62 බස්සන්න පුළුවන්. එහෙත් දවසකට රටට එන්නේ 33 පමණි. අපිට මත්තල වුවමනා නැහැ. ඒක බොරු වියදමක්. අපිට වුවමනා වෙන්නේ හදිසියක් වුණොත් ෆ්ලයිට් එකක් බස්සවා ගන්න සාමාන්‍ය ගුවන් පථයක්. ඒක කරන්න මත්තල වගේ ලොකු වියදමක් කරපු එක අපරාදේ (නි)

:       0       0

නිමල් Wednesday, 22 May 2013 03:30 PM

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට,මෙම යානාවන් පැමිණෙන්නේ නැද්ද? (නි)

:       0       0

දයා අළහකෝන් Thursday, 23 May 2013 11:03 AM

දැන් මේ අයට ආයේ අමුතුවෙන් වියදම් කරන්න වෙනවානේ කොළඹට එන්න (නි)

:       0       0

සගාන් Thursday, 23 May 2013 10:13 AM

නියම වැඩක්.(නදී)

:       0       0

සුරා Thursday, 23 May 2013 08:55 AM

මන් මේ නිකන් අහන්නේ, පලයි ඩුබායි එකට ආණ්ඩුවෙන් අතින් ගානක් දීලද දන්නේ නෑ නේද ඕක මත්තලට බැවේ. (නදී)

:       0       0

ජෝයි Thursday, 23 May 2013 08:29 AM

ඊලග ප්‍රවෘත්තිය කවදාද? නැවක් ආව ප්‍රවෘත්තියක් ලගදි පත්තරේ ගියා කියල නම් දැක්කේ නැහැ. හම්බන්තොටට වාහන නැවක් කලින් ආපු වෙලාවෙත් මෙතන කට්ටිය කිවුවේ දැන් හරි කියලනේ.කෝ ඊට පස්සේ නැවු කියක් ආවද? මේකත් එහෙම වෙයිද? (නි)

:       0       0

දිසා Thursday, 23 May 2013 08:10 AM

කොහෙන් හරි යානයක් එන්න එපැයි. නැත්නම් මිනිස්සු බලාගෙන ඉන්නවනේ. ඔය මත්තල අවට ඉන්න ජනතාවට දුන්නු බලාපොරොත්තු. අනේ අම්මේ දැන් ඒ මිනිස්සු කේන්තියෙන් පුපුරනවා. ඇයි ඒ අය හෝටල් හැදුවා පමණක් නොවෙයි තමන්ගේ දියුණුව පතාගෙන බැංකු වලින් නය අර ගෙන කරපු දේවල් වලට දැන් රජය බලෙන් හරි මිනිස්සු මත්තලට එවන්න ඕනේ.(නදී)

:       0       0

චාමි Thursday, 23 May 2013 07:13 AM

රුවන් ගේ අදහස් වලට මම ගරු කරනවා. මමත් කොළඹ. දකුණේ අයටත් පහසුකම් ලැබෙන්න ඕනෑ. අර සංජුල වගේ පටු විදියට හිතන්න හොද නැහැ. මමත් කැපුවත් කොළ. ජයවේවා!! (නි)

:       0       0

රුවන් Thursday, 23 May 2013 07:02 AM

මට පෙනෙන හැටියට නම් මේ ගුවන් යානය චීනේ ඉඳලායි ඇවිත් තියෙන්නේ. කොහොම නමුත් සුබ ලකුණක්. (නි)

:       0       0

ප්‍රනාන්දු Thursday, 23 May 2013 02:52 AM

විජෙරත්න, ඔබගේ පියා විජාතික අයෙක්ද ? (නි)

:       0       0

කපිල Thursday, 23 May 2013 01:05 AM

ආයුබෝවන් මත්තල! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site