බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලය, ජර්මානු තානාපති කාර්යාලය ඇතුළු බටහිර තානාපති කාර්යාල ශ්‍රී ලංකාවේ ඇති වූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය හේතුවක් කරගනිමින් සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කිරීම නිසා දෙසැම්බර් මාසයේදී සංචාරක පැමිණීම් අඩු වී ඇතැයි මෙරට පදිංචි වී සිටින ජර්මානු ජාතික සමාජයීය විද්‍යාඥයකු සහ ආයෝජකයකු වන ඩීට්මර් ඩෝරින්ග් මහතා පැවැසීය.
නත්තලත් සමයත් දෙසැම්බර් මාසයත් යනු ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් සංචාරකයන් පැමිණෙන සමයක් යැයි ද ඩීට්මර් ඩෝරින්ග් මහතා කීය.
“නත්තල් සමයේදී සහ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා සත්කාරක හා සංචාරක ක්ෂේත්‍ර විශාල ආදායම් උපයනවා. එහෙත් මෙවර රටට එම ආදායම අහිමි වුණා” යැයි ඔහු කීවේය.
“පසුගිය 2017 වසරේදී ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක ක්ෂේත්‍රයම අතිවිශාල සංචාරක පැමිණීම්වලින් ප්‍රතිලාභ ලැබුවා. එම වසරේදී ලොව සෑම රටකින්ම පාහේ සංචාරකයන් මෙරටට පැමිණියා. පසුගිය වසරේදී හෝටල් සහ නවාතැන්පළවල් සියල්ලම පාහේ සංචාරකයන්ගෙන් පිරී ඉතිරී ගියා. අවාර සමයේදී සංචාරක පැමිණීම පහත වැටෙන බැවින් සංචාරකයන් පැමිණෙන සමයේදී ඉන් හැකිතාක් ආදායම් ඉපැයීම ඉතා වැදගත්. එහෙත් මෙවර එසේ සිදුවුණේ නැහැ” යැයි ද ඔහු කීවේය.
මෙම දෙසැම්බර් මාසය ශ්‍රී ලංකා ඉතිහාසයේ සංචාරක පැමිණීම් අඩු වූ මාසය සහ ආදායම් දරුණු ලෙස පහත වැටුණු මාසය ලෙස ඉතිහාසයට එක්වනු ඇතැයි ද හෙතෙම කීවේය. විශේෂයෙන්ම බටහිර තානාපති කාර්යාල සංචාරක අනතුරු ඇඟවීම් නිකුත් කිරීම සහ ඒවා ඔවුන්ගේ වෙබ් අඩවි ඔස්සේ ප්‍රචාරය කිරීම දෙසැම්බර් මාසයේදී සංචාරක පැමිණීම් පහත වැටීමට ප්‍රධාන වශයෙන් හේතු වූ බව ද ඔහු කීවේය.
ඬේලිමිරර් ඇසුරිනි
(055)
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘අනතුරු ඇඟවීම් හේතුවෙන් දෙසැම්බරයේ සංචාරක පැමිණීම් අඩුවෙලා’
menna Wednesday, 26 December 2018 01:18 PM
හැමදාම සංචාරකයන් ගැනම බලන් ඉන්නේ නැතිව, රට ඇතුලේ ආර්ථිකය කැරකෙන ක්‍රමයකුත් තිබුණොත් හොඳයි. රට ඇතුලේ ඉන්න මිනිසුන්ගේ භාණ්ඩ හා සේවාවන්ට හොඳ මිල ගණනක් ලබා දීලා බදු ලෙස රජයට අාදායමකුත් ලබාගෙන එම මුදල්ද සමාජ සේවා සඳහා යොදාගෙන දුකක් කරදරයක නැති රටක් ලෙස කටයුතු කරන්න පුළුවන් ක්‍රමයක් තිබුනොත් හොඳයි.
Prof. Dr. Edward Perera Germany Thursday, 27 December 2018 02:42 AM
ලෝකයේ ඕනෑම රටකට අනෙකුත් අංශ සම්බන්ධයෙන් මෙන්ම සංචාරක කර්මාන්තයටත් ජාතික ප්‍රතිපත්තියක් තිබෙනවා. ශ්‍රී ලංකාවට එවැන්නක් ඇත්ද කියාත් කුකුසක් . රජයක් වෙනස් වු විගසම ආණ්ඩු පක්ෂයේ හෙන්චයියෙකුට සංචාරක දෙපාර්තමේන්තුව බාර දෙනවා පමණක් නොව ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයන් ලෙස පත් කරන්නෙත් ඥාතීන් සහ හිතවතුන්ය. මේ ක්ෂේත්‍රයේ සුදුසුකම් ලැබූ අය පක්ෂ පදනමක් යටතේ නොව වෘත්තීය පදනමක් යටතේ පත් කරන්නේ නම් ඔවුන්ට ඒ රටවල රජයේ නියෝජිතයින් සමග මෙන්ම සංචාරක ආයතන සමග සම්බන්ධතා ගොඩ නංවා ගැනීමට හා විදේශීය භාෂාවන්ද ප්‍රගුණ කර ගැනීමට ඉඩකඩ ලැබෙනවා ඇත. ඔවුන් තමන් පත්කරනු ලැබූ රටවල ආයතන සමග ඇති කරගන්නා විශ්වාසයද මෙහිදී වැදගත්ය. විදේශීය තානාපති කාර්යාල වැඩ කරන්නේ (formal ) තත්වයන් යටතේය ශ්‍රී ලංකා සංචාරක නියෝජිතයන්ට ඒ ඒ රටවල නිලනොවන (non-formal )සංවිධාන හා පුදගලයින් සමග ගොඩනංවා ගන්නා සම්බන්ධතා තුලින් ශ්‍රී ලංකාවට සංචාරකයින් ගෙන්වා ගැනීම සඳහා යම් වැඩ කොටසක් කල හැකියි. බටහිර රටවලට හිතවත් නැති ආණ්ඩුවක් බලයට පත්වූ පසු ශ්‍රී ලංකාව සංචාරකයින්ට අනතුරු දායකයි යන ප්‍රචාර වලට ශ්‍රී ලංකාව රාජ්‍ය තාන්ත්‍රිකව මුහුණ දිය යුතුයි