( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කර නොමැති බවත් , එරටින් ශ්‍රී ලංකාව රෙදිපිළි ආනයනය කර ඇති බවට පළ වන වාර්තා අසත්‍ය බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
2017 ඔක්තෝබර් මාසයේ සිට මේ වසරේ මාර්තු මාසය දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කර ඇති බවට වාර්තා පළ වී තිබිණි.
එම තොරතුරු සාවද්‍ය බවයි අදාළ වාර්තා සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වා දේ.
ශ්‍රී ලංකාව උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කර නොමැති අතර රේගුවේ ස්වංක්‍රීය දත්ත ක්‍රියායන පද්ධතියයට රේගු කාර්යාල නියෝජිතයින් විසින් දත්ත ඇතුළත් කරන ක්‍රියාවලියේ දී වැරදීමක් සිදුව ඇති බවද විදේශ කටයුතු අමාතයංශය කියා සිටී.
කොරියානු ජනරජය වෙනුවට කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙස වැරදීමකින් අවස්ථා කිහිපයකදී තෝරාගෙන ඇති අතර අදාළ අත්වැරදීම පිළිබඳ ආරක්ෂක මණ්ඩලය දැනුවත් කිරීමට ද පියවර ගෙන තිබේ.
යළි එවැනි වැරදි සිදුවීම වැළැක්වීම සඳහා වූ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකා රේගුව ආරම්භ කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේය.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රාජ්‍යයක් වශයෙන් ශ්‍රී ලංකාව සතු ජාත්‍යන්තර බැඳීම් අනුව කොරියානු මහජන ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා සම්මත වල ප්‍රතිපාදන වලට ශ්‍රී ලංකා රජය බැඳී සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටී.
අදාළ යෝජනා සම්මත වලට පටහැනිව ශ්‍රී ලංකාව කටයුතු කර නොමැති අතර එම රෙගුලාසි ක්‍රියාත්මක කිරීම ගැසට් මගින් ද ප්‍රකාශයට පත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යංශය පෙන්වාදෙයි.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයන කතාව අසත්‍යයක්’
රවින් Thursday, 09 August 2018 02:26 PM
මෙහිදී ශ්‍රී ලංකා විරෝධී සංවිදාන හා පුද්ගලයන්ගේ සම්බන්දයක් ඇතිදැයි විමසා බැලුවොත් පොදු ශ්‍රී ලාංකීය සෞක්‍යට හොඳවගේ පෙනෙන්නේ.
Bamunuarachchi Friday, 10 August 2018 04:54 PM
ඇයි උතුරු කොරියාවෙන් රෙදිපිළි ආනයනය කිරීමේ වැරැද්ද මොකක්ද?