මේ වසරේදී ශේණිගත කරන ලද ව්‍යාපාරික සමාගම් අතුරින් ජාතියේ වඩාත්ම ගෞරවාදරයට පාත්‍ර වූ සමාගම් 15 අතරට පැමිණීමට ‘ඒට්කන් ස්පෙන්ස්’ පී.එල්.සී. සමාගම සමත් වී තිබේ. ලංකා මන්ත්ලි ඩයිජස්ට් (LMD) සඟරාව විසින් මෙම වාර්ෂික ශ්‍රේණිගත කිරීම කරනු ලැබ ඇත්තේ සුප්‍රකට නීල්සන් තොරතුරු තාක්‍ෂණ සමාගමේ විචක්‍ෂණ සමීක්‍ෂණයක තොරතුරු පාදක කරගනිමිනි.
අවිනිශ්චිතතාව ආවේණික ලක්‍ෂණයක් වන ව්‍යාපාරික පද්ධතියක ‘එයිට්කන් ස්පෙන්ස්’ සමාගම වාර්ෂික ශ්‍රේණිගත කිරීම්වල ඉහළ ස්ථානයක් ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකාවේ සමාජයීය සහ ආර්ථික ප්‍රගතියේ උත්ප්‍රේරකයක් ලෙස කටයුතු කරන බැවින්ය යන්න පුළුල් ලෙස පිළිගැනීමට ලක්ව ඇති කාරණාවකි.
වසර 150 කටත් වැඩි ඉතිහාසයක් ඇති එයිට්කන්ස් ස්පෙන්ස් ව්‍යාපාර සමූහය ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ප්‍රධාන අංශවල පුරෝගාමී කටයුතුවල නිරත වෙයි. සංචාරක සේවා, නාවික සේවා සහ සැපයුම්, බලශක්ති, වැවිලි කර්මාන්තය සහ ඇඟලුම් නිෂ්පාදනය එයිට්කන් ස්පෙන්ස් සමාගමේ ප්‍රධානතම ව්‍යාපාර වන අතර වෙනත් සේවාද රැසකි.
සේවකයන් 12,000 කට අධික කණ්ඩායමක ඒකාබද්ධ දායකත්වය නිසාම එයිට්කන් ස්පෙන්ස් සමාගමට රටවල් 8 ක විවිධ ව්‍යාපාර අතරේ ප්‍රමුඛ ස්ථානයක් හිමි වී තිබේ. එමගින් ශ්‍රී ලාංකික සමාගමක් වශයෙන් එයිට්කන් ස්පෙන්ස් සමාගමට හිමිවී ඇති තිරසාර වටිනාකමද ඉතා ඉහළ අගයක් ගනී.
ලබාගත් ඉහළ ශ්‍රේණිගත ස්ථානය පිළිබඳව අදහස් දක්වමින් එයිට්කන් ස්පෙන්ස් සමාගමේ උප සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා තම ආයතනය කෙරේ විශ්වාසය තැබූ සියලු දෙනාටම සිය නොමඳ කෘතඥතාව පළකර සිටියේය. ඒ මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
“මෙම අභියෝගාත්මක අවස්ථාවල අප කෙරේ විශ්වාසය තැබූ මෙන්ම විශේෂයෙන් අපට උපකාර කළ සැමට ස්තුති කරන්න මා කැමතියි. ඒ වගේම අප මෙතෙක් දුරක් ආ ගමන ලෙසින්ම, කාලයේ අභියෝගවලට මුහුණ දෙමින්, එයිට්කන් ස්පෙන්ස් සමාගම අඛණ්ඩව ඉදිරියටත් ගමන් කරනු ඇති”
“අපේ මිනිසුන්ට සහ විවිධ ජන ප්‍රජාවට නිමක් නැති අවස්ථා නිර්මාණය කිරීම සඳහා සංකීර්ණ හා වෙනස්වීම් වලට අනුවර්තනය වෙමින් එයිට්කන් ස්පෙන්ස් සමාගම ඉදිරියට ගමන් කරාවි”
“අප ආයතනයේ කීර්තිනාමය අත්කරගෙන ඇත්තේ අඛණ්ඩවම විශිෂ්ටත්වය කරා ළඟාවෙමින්, නව අවස්ථා ප්‍රයෝජනයට ගැනීමෙන් සීමා මායිම් වඩාත් පුළුල් කරමින් ඉදිරියට ගෙන යමිනි. අපගේ ප්‍රමුඛතා නැවත සකස් කරමින් සහ ව්‍යාපාර ප්‍රතිසංවිධානය කරමින් සමාගමේ ප්‍රතිරූපය ගොඩනංවා ගැනීමට අපි උත්සාහ කළා.”
ගෞරවණීය ආයතනයක පදනම වන්නේ විශ්වාසය, වගවීම, ශක්‍යතාව, විනිවිදභාවය, අඛණ්ඩතාව සහ කණ්ඩායම් හැඟීම බව එයිට්කන් සපෙන්ස් සමාගමේ විශ්වාසයයි. ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන්නේත්, සියලුම පාර්ශ්වකරුවන් සඳහා වටිනාකමක් ඇති කරන්නේත් ඒ අනුවය.
එයිට්කන් ස්පෙන්ස් යනු වසර 150 ක පෞඪ ඉතිහාසයක් ඇති, ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා ලද, ස්ථාවර සමාගමකි. එය රටවල් 8 ක කර්මාන්තශාලා 16 ක් පවත්වාගෙන යමින්, සේවකයන් 12,000 කට අධික සංඛ්‍යාවක් නඩත්තු කරයි. ශ්‍රී ලංකාව, මාලදිවයින, ෆීජි, ඉන්දියාව, ඕමානය, මියන්මාරය, මොසැම්බික් සහ බංග්ලාදේශයේ එහි ව්‍යාපාර පවත්වාගෙන යනු ලැබේ.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘එයිට්කන් ස්පෙන්ස්’ වඩාත්ම ගෞරවණීය සමාගම් 15 අතරට
Naveen Wednesday, 27 October 2021 09:48 AM
ඔවුන් කුලියට ගත් ඔවුන්ගේ මාර්ගෝපදේශකයින්ට සහ රියදුරන්ට තවමත් වැටුප් ගෙවා නැත.