X Advertisement
IMG-LOGO

2025 මැයි මස 16 වන සිකුරාදා


‘කාන්තාව සවිබල ගැන්වීම ඉදිරි බලාපොරොත්තුවයි‘

මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ සුවිශේෂී සංධිස්ථානයක් සනිටුවහන් කරමින් ඔඩෙල් පී.එල්.සී සමාගම ඉකුත් දා කොට්න් කලෙක්ෂන් සමාගමේ සම්පූර්ණ කොටස් මිලදී ගත්තේය.  
 
“කොට්න් කලෙක්ෂන් කියන්නේ සන්නාම නාමයක් විතරක් නෙවෙයි. ඒක ජීවන රටාවක්” කොට්න් කලේක්ෂන් හි නිර්මාතෘවරිය වන නිලූෆර් එසුෆාලි අන්වර්අලි පැවැසුවාය. 
 
නිලූෆර් එසුෆාලි අන්වර්අලි මෙසේ සඳහන් කරන්නීය. 
 
“මගේ ගමන අවුරුදු 27ක් දක්වා දිව යනවා. ඒ ගමනේදී මමත් මගේ කණ්ඩායමත් ලංකාවේ විලාසිතා වෙළෙඳ ක්ෂේත්‍රයේ හැඩය වෙනස් කරමින් අලුත් සන්නාම නාමයක් ගොඩනැගුවා. කොට්න් කලෙක්ෂන් කියන්නේ විශේෂිත හඳුනා ගැනීමක් තිබෙන සුවිශේෂී සන්නාම නාමයක්. එය කරදර නැති, සාමාන්‍ය ඇඳුම් විලාසිතා ඇති ඇඳුම් සන්නාම නාමයක්. එහි අක්මුල් ශ්‍රී ලංකා සමාජය තුළ පැතිර තිබෙනවා. බොහෝ කරුණු සැලකිල්ලට ගනිමින් තමයි මම මෙම තීරණය ගත්තේ. මගේ පවුල සමඟ වැඩි කාලයක් ගත කරන්න ඕනේ. ඒ වගේම අද ‘ලෙදර්’ වෙළෙඳපොළ තුළ දැඩි තරගකාරීත්වයක් තිබෙනවා. ඒ නිසා මගේ අනෙක් සන්නාම නාමය වන ‘ලෙදර් කලෙක්ෂන්’ සන්නාම නාමය තවදුරටත් වර්ධනය කළ යුතුයි. ඒ සඳහා කාලය අවශ්‍ය වෙනවා. එම කරුණු දෙක මගේ මේ තීරණයට මූලික වශයෙන් හේතු වුණා. සොෆ්ට්ලොජික් සමූහය යනු මෙරට වෙළෙඳ ක්ෂේත්‍රයේ ඉතා ශක්තිමත් පදනමක් තිබෙන ඉතා හොඳ වාර්තාවක් තිබෙන සමාගමක්. ඔවුන් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්. ඒ වගේම සොෆ්ට්ලොජික් සමූහයේ නිර්මාතෘ සහ සභාපති අශෝක් පතිරගේ මහතා ක්‍රියාශීලි සහ උනන්දු සභාපතිවරයෙක්. එවැනි තැනකට මගේ සමාගමේ පාලනය පැවැරීම මට ඉමහත් සතුටක්. ඔවුන් කොට්න් කලේක්ෂන් සන්නාම නාමය තවදුරටත් සංවර්ධනය කරමින් එය තවදුරටත් ඉහළට ඔසවනු ඇතැයි ආරක්ෂාකාරී හැඟීමක් හා විශ්වාසයක් තිබෙනවා”.
 
කොට්න් කලෙක්ෂන් නිර්මාතෘ නිලූෆර් එසුෆාලි අන්වර්අලිගේ ඉදිරි සැලසුම් සහ ලෙදර් කලෙක්ෂන් සම්බන්ධයෙන් කළ සාකච්ඡාවකි මේ.
 
ප්‍රශ්නය - : ඔබ ‘කොට්න් කලෙක්ෂන්’ සමාගම සොෆ්ට්ලොජික් සමූහයට පවරන්නේ පවුල සමඟ වැඩි කාලයක් ගත කිරීමට සහ ‘ලෙදර් කලෙක්ෂන්’ ව්‍යාපාරය අවධානය යොමු කළ යුතු බව පවසමින්...ඒ ගැන තවදුරටත් අපට විස්තර කළොත්...
 
පිළිතුර :  පුංචි ව්‍යවසායක් ශක්තිමත් සන්නාම නාමයක් බවට පත් කිරීමේ පීඩනය නිමාවක් නැති දෙයක්. ඊළඟ එන අභියෝගය මොකක්ද කියලා ඔබ දන්නේ නැහැ. නිර්මාතෘ සහ අයිතිකරු ලෙස කොට්න් කලේක්ෂන් වෙත මම මගේ හදවත, ආත්මය සියල්ල කැප කළා. ඒ වෙනුවෙන් විශාල කාලයක් ආයෝජනය කළා. මගේ කණ්ඩායම ඒ වෙනුවෙන් සුවිශාල කැප කිරීමක් කළා. අද කොට්න් කලේක්ෂන තිබෙන තැනට ගෙන එන්න අපි සුවිශේෂී කැප කිරීම් කළා. කොට්න් කලේක්ෂන් අද දක්වා පැමිණි කතාවේ සෑම පියවරකටම මම සම්බන්ධ වුණා.  වෙළෙඳාමේ සිට අපේ මූලික හර පද්ධතීන් සුරක්ෂිත කිරීම ආදී සියල්ලක්ම අපේ සන්නාම නාමය ගන්නා ලද පියවරවලින් පිළිබිඹු වුණා. කොට්න් කලේක්ෂන් හි වැඩ නිසා මට වෙන වැඩකට වෙලාවක් තිබුණේ නැහැ.
 
එහෙත් එහි කටයුතුවල නිරත වීම මට මහත් තෘප්තියක් ගෙන දුන්නා. ඒ සියල්ලටම මම ආදරය කළා. ඉහළ යෑම් පහළ යෑම් තිබුණා. එහෙත් මා සියල්ලටම ආදරය කළා. ඇත්තටම කිව්වොත් එය හරි පුදුමාකාර සුවිශේෂී වික්‍රමයක්. දැන් මගේ දරුවෝ ලොකු වෙනවා බලන් ඉන්නකොට මා ඔවුන් සමඟ කාලය ගත කළ යුතු බව මට දැනෙනවා. මා ඔවුන් වෙනුවෙන් වැඩි වේලාවක් වෙන් කළ යුතුයි. දැන් ඔවුන්ගේ ජීවිතවල වැදගත් සංධිස්ථාන පැමිණ තිබෙනවා. ඒ නිසා මා ඔවුන් සමඟ සිටිය යුතුයි. ඔවුන් දැන් තරුණ දරුවන්. ‘ලෙදර් කලෙක්ෂන්’ කියන්නේ මගේ කැමැත්තයි. ඒ වෙනුවෙන් මා මගේ ඉතිරි කාලය වැය කරනවා. ඒ වෙනුවෙන් මට සිහිනයක් තිබෙනවා. ලෙදර් කලෙක්ෂන් පිළිබඳ දැක්මක් තිබෙනවා. ඒවා ඉටු කර ගැනීමට මම වෙහෙසෙනවා. 
 
ප්‍රශ්නය - : විලාසිතා කර්මාන්තය කියන්නේ වේගයෙන් වෙනස්වන අලුත් දේවල් එකතු වන කර්මාන්තයක්. කොට්න් කලෙක්ෂන් යනු එම ක්ෂේත්‍රයට නැවුම් අත්දැකීමක් ගෙන දුන්, නිදහස් ගලා යෑමක් තිබෙනව මෙරට ඇඳුම් සහ විලාසිතා ක්ෂේත්‍රයට නැවුම් අත්දැකීමක් ගෙන දුන් සන්නාම නාමයක්. ඔබට කොට්න් කලේක්ෂන් සම්බන්ධයෙන් දැක්මක් තිබුණා. නව හිමිකාරීත්වය යටතේ එම දැක්ම ඉදිරියට යයි කියලා ඔබ හිතනවද ?
 
පිළිතුර :  සොෆ්ට්ලොජික් සමාගම, කොට්න් කලේක්ෂන් හි තිබෙන ව්‍යාපාරික වටිනාකම තේරුම් ගත්තා. එය මිලදී ගැනීමට ඔවුන්ට දැඩි උනන්දුවක් සහ වුවමනාවක් තිබුණා. කොට්න් කලේක්ෂන් ව්‍යාපාරය අත්‍යවශයෙන්ම තෝරාගත් නිෂ්පාදන කුලකයක් සහිතව නියමිත පාලනයක් සහ කළමනාකරණයක් සහිතව ගෙන ගිය බව ඔවුන් දැක්කා. අපේ වෙළෙඳපොළ එක්තරා විදියක උප කුලකයක්. අපට තිබෙන්නේ අපටම ආවේණික වෙළෙඳපොළක්.
 
අපි නිර්මාණය කළේ සොෆ්ට්ලොජික් සමාගමේ වෙළෙඳපොළට සමාන වෙළෙඳපොළක්. කොට්න් කලේක්ෂන් යනු විශිෂ්ට සන්නාමයක් බව ඔවුන් දැක්කා. ඒ වගේම අපි අතිශයින් ලාභ ලබන බව ඔවුන් දැක්කා. ඔවුන් අපි දෙස බලාගෙන සිටියා. අපේ සමාගම මිලදී ගන්නට ඔවුන්ට වුවමනා වුණා. කොට්න් කලේක්ෂන් සමාගම අපේ වටිනාකම දන්නවා. ඔවුන් අපේ ආචාර විධි වෙනස් කරන එකක් නැහැ. ඔවුන් අපි පවත්වාගෙන පැමිණි ආකාරය වෙනස් කරන එකක් නැහැ. එහෙත් ඔවුන් අපේ සන්නාමය වර්ධනය කරාවි. තවදුරටත් සංවර්ධනය කරාවි. 
 
ප්‍රශ්නය - : ‘කොට්න් කලෙක්ෂන්’ අලෙවි කිරීම ඔබට තවදුරටත් ‘ලෙදර් කලෙක්ෂන්’ හි ආයෝජනය කිරීමට අවස්ථාවක් යැයි විස්තර කෙරුණා. ‘ලෙදර් කලෙක්ෂන්’ යනු පාවහන් සහ ලෙදර් නිෂ්පාදන ක්ෂේත්‍රයේ සැලකිය යුතු සන්නාම නාමයක්. ඒ සන්නාම නාමය සංවර්ධනය කිරීම සඳහා ඔබ සතුව ඇති සැලසුම් අපිත් සමඟ බෙදාහදා ගත්තොත්...
 
පිළිතුර :  ‘ලෙදර් කලෙක්ෂන්’ වෙත වෙළෙඳපොළේ අවස්ථා ගණනාවක් තිබෙන බව පෙනීගොස් තිබෙනවා. අපි අපේ නිෂ්පාදන තවදුරටත් පුළුල් ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තරුණයන් ඉලක්ක කරගනිමින් ඔවුන්ට දැරිය හැකි මිලකට නිෂ්පාදන ලබාදීමටත් අපි බලාපොරොත්තු වෙනවා. දැරිය හැකි මිලකට ගුණාත්මකභාවයෙන් ඉහළ නව නිෂ්පාදන පෙළක් අපි ඉදිරියේදී හඳුන්වා දෙනවා. 
 
ප්‍රශ්නය - : ඔබ තරමක ශක්තිමත් ව්‍යවසායිකාවක් යැයි හඳුන්වා දෙන්නත් පුළුවන්. යකඩ ගැහැණියක් කිව්වත් වැරැදි නැහැ. දීර්ඝකාලයේදී සාර්ථක වීමට නම් එසේ ශක්තිමත් වීම අවශ්‍ය බව ඔබ සඳහන් කර තිබෙනවා. ඒ වගේම ඔබ සෑම අවස්ථාවකදීම කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් පෙනි සිටියා. පෞද්ගලිකව වගේම ඔබේ ව්‍යාපාර සන්නාම තුළින් ඒ කටයුතුවල නිරත වුණා. ඔබ ඉදිරියටත් ඒ වෙනුවෙන් අවධානය යොමු කරනව ද ?
 
පිළිතුර :  මගේ දෛවය පාලනය කරන කාන්තාව මම විය යුතු බව මම හැම විටම දැනගෙන හිටියා. මගේ විදියට මගේ සල්ලිවලින් මට වුවමනා දේවල් කළ යුතු බව මම දැනගෙන හිටියා. ස්වාධීන හා නිදහස් කාන්තාවක් වීමට මට වුවමනා වුණා. එය මම කොට්න් කලේක්ෂන් සමඟත් රැගෙන ගිය දෙයක් වුණා. ඒ අදහස එහි ගැබ් වී තිබුණා. සමාගමේ ශ්‍රම බලකායෙන් සියයට 70ක් කාන්තාවන් වීම ගැන මම අද පුදුම විදියට ආඩම්බර වෙනවා.
 
අපේ සමාගම කාන්තාවන්ගෙන් සවිබල ගැන් වී තිබෙනවා. අපි ලෙදර් කලෙක්ෂන් සහ කොට්න් කලෙක්ෂන් යන දෙකේම ශක්තිමත් වැඩ ආචාර ධර්ම පද්ධතියක් තිබුණා. අපිත් එක්ක තමන්ගේ වෘත්තීය ජීවිතය ආරම්භ කළ තරුණියන් අපෙන් අයින් වෙලා විවාහ වුණා. දරුවෝ හැදුවා. එහෙත් ඔවුන් අපෙන් ඈත් වුණේ නැහැ. ඔවුන් සැමවිටම නැවත පැමිණියා. මූල්‍යමය වශයෙන් ස්වාධීන වීමේ වටිනාකම ඔවුන් තේරුම් ගත්තා. ජීවිතය සාර්ථක කරගන්න නම් ඔබ කරන දෙයක කැපවීමෙන් මහන්සියෙන් කළ යුතු බව ඔවුන් දැනගෙන හිටියා. ව්‍යාපාරවල වැඩි වැඩියෙන් කාන්තාවන් සිටිනු දැකීම තමගේ මගේ කැමැත්ත. අපේ රට ශක්තිමත්, බුද්ධිමත්  සහ නිපුණ, කුසලතා පූර්ණ කාන්තාවන් සිටින රටක්. එය ශ්‍රම බලකායෙන් නිරූපණය විය යුතුයි.
 
ප්‍රශ්නය - : ඔබ ඔබේ ව්‍යාපාර තුළින් මෙන්ම පෞද්ගලිකව ඔබ වටා පිරිසක් රැස් කර ගත්තා. ඇත්තටම කිව්වොත් ඔබට ආදරය කරන විශාල පිරිසක් එක්රැසක් කරගත්ත. ඔවුන්ට දෙන්න පණිවුඩයක් තියෙනව ද ?
 
පිළිතුර :  අපට සහයෝගය දුන්නු හැමෝටම මම කෘතඥ වෙනවා. ඔවුන්ගේ සහයෝගය, විශ්වාසය නැතිනම් ඔවුන් කොට්න් කලෙක්ෂන් ගැන බලාපොරොත්තු තැබුවේ නැත්නම් අද අපි ඉන්න තැනට එන්න වෙන්නේ නැහැ. මම අවුරුදු 27කට කලින් කොට්න් කලේක්ෂන් පටන් ගනිද්දි මගේ පාරිභෝගිකයෝ වුණේ මගේ යාළුවෝ. අද ඔවුන්ගේ දරුවෝ කොට්න් කලේක්ෂන් වෙත එනවා. එය මහත් සතුටක් ගෙන දෙන්නක් වගේම, හරි අපුරූ දෙයක්. වසර ගණනාවක් මුළුල්ලේ අපිත් සමඟ අපට හිතවත්ව සිටි හැමෝටම මම හදවතින්ම ස්තූතිවන්ත වෙනවා. කොට්න් කලේක්ෂන් හි සාරය වෙනස් වෙන්නේ නැහැ. එහි ඩී.එන්.ඒ වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා කොට්න් කලෙක්ෂන් වෙත යන්න. ඔබට කැමැති දෑ මිලදී ගන්න. ඒ අත්දැකීම විඳින්න. 
 
ප්‍රශ්නය - : ‘ලෙදර් කලෙක්ෂන්’වලට අමතරව ඔබට තියෙන අනෙකුත් සැලසුම් මොනවාද ? අනෙකුත් ව්‍යාපාර මොනවා ද ?
 
පිළිතුර :  කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තා නායකත්වය මට ඉතා වැදගත් සහ සමීප කාරණා දෙකක්. ඒ වගේම අධ්‍යාපනය. මේ සාධක තැන එසේත් නැතිනම් කරුණු තුන ආර්ථික වර්ධනය, දේශපාලනික ස්ථාවරත්වයය සහ සමාජ පරිවර්තනවලට ඉතා වැදගත් . ඒ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් මම වැඩි සැලකිල්ලක් සහ අවධානයක් යොමු කරනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වෙහෙස මහන්සි වෙන මං වගේම හිතන වෘත්තිකයන් සමඟ කටයුතු කරන්න මම කැමැතියි. ඔවුන් සමඟ එක්ව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහ කාන්තාවන් සවිබල ගැන්වීම වෙනුවෙන් වෙහෙසෙන්න බලාපොරොත්තු වෙනවා. 
 
සිංහලට සකස් කළේ  හර්ෂණ තුෂාර සිල්වා



අදහස් (1)

‘කාන්තාව සවිබල ගැන්වීම ඉදිරි බලාපොරොත්තුවයි‘

Buddhika P Friday, 28 September 2018 08:36 AM

නිලුෆර් මහත්මිය මම හොඳට දන්නවා. මට මතක් වෙන්නේ, ස්ටීව් ජොබ්ස් චරිතයේ කොටසක් හැටියටයි... ඉතාම ඇග්‍රෙසිව් වගේම පිටට නොපෙන්වන කරුණාවක් හිතේ තිබුණා. අනුවණ විදියට කාටවත් අනුකම්පා කරන්න යන්නේ නෑ. ලෞකික අනුකම්පාව ඇතුළේ වුනත් ව්‍යාපාරික ඥානය තියෙන්න ඕනෑ. නැත්නම් සාර්ථක වෙන්න බෑ. තමන්ගේ ව්‍යාපාරික ක්ෂේත්‍රය ගැන හොඳ දැක්මක් තිබුණා. Odel හා CC එකම ව්‍යාපාරික ක්ෂේත්‍රයේ වෙනමම අනන්‍යතා ගොඩනගාගත් අය. කවදාවත් Odel එක්ක සසඳන්න ගියේ නෑ. ඒ තමන්ගේ අනන්‍යතාවය ගැන හොඳ දැක්මක් තිබු නිසා... තමන් අත ගැසූ කටයුත්තකට මහන්සි වීමේ හා කැපවීමේ තරම මෙතකැයි කියන්න බෑ. ඒකම සමහරවිට වැඩ කරන අයට වදයක් වුණු වෙලාවල් තිබුණා. මම WB ව්‍යාපෘති CFO කෙනෙක් හැටියට බොහෝ රටවල දැනට වැඩ කරලා තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site