2014 වසරේ ලොව හොඳම තේ අපනයන හා වැඩිම තේ විකිණූ රට ශ්‍රී ලංකාව ලෙස පත්ව තිබූ නමුත් අද වන විට තේ සහ රබර් මිල කුණුකොල්ලයට ගොස් ඇතැයි දකුණු පළාත් නියෝජ්‍ය සභාපති සම්පත් අතුකෝරළ මහතා පවසයි.
‘අද ගමේ කඩේ බඩු නොවිකිණෙන බවත් ගොවියා විකිණූ තේ කොළ විකිණූ මුදලද ගමට නොඑතියි ද ඒ මහතා කීවේ අද (28) කොළඹ ජාතික පුස්තකාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ආණ්ඩුව දේශීය කිරි ගොවියාගේ බඩට ගැසූ ආණ්ඩුවක් බවත් තේ හා රබර්වලට යොදන පොහොර මිල දරාගත නොහැකි බවත් අතුකෝරළ මහතා පෙන්වා දුන්නේය..
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘තේ රසය අඩුවෙලාලු‘
ද සිල්වා බර්ලින් Thursday, 28 January 2016 10:09 PM
වෙළඳපොළෛ් ඉල්ලුමේ හැටියට තමා සැපයුම දෙන්න ඕනෑ. තේ මිල අඩුනම් ජල පහසුකම් ඇති තේ ඉඩම්වල තේ ගළවා එළවළු, පලතුරු සහ අමු මිරිස් වගා කරන්න. පසුගිය කාලේ අමු මිරිස් කිලෝ එකක් රුපියල් 900ටත් ගියා. එළවළු වලටත් හොඳ මිලක් තිබෙනවා (නි)
සිරි Friday, 29 January 2016 09:48 AM
දැන් තියෙන තේ වල නම් මෙලෝ රහක් නැහැ තමයි. ඉස්සර ලී පෙට්ටියේ ආපු තේ වල සුවඳ සහ රස එක්ක බලනකොට දැන් මේ අපි මොනවද මේ බොන්නෙ (ම)
රූපසිංහ Friday, 29 January 2016 10:00 PM
හරි ෂෝක් සමහරුන්ගේ දැනමුතුකම්. හරි තේ මිල අඩුවනවිටදී අමු මිරිස් මිල වැඩි නම් තේ ගස් ගලවා අමු මිරිස් හිටවන්නලු. හැමදාම අපිට පුළුවන් එක එක දේවල් ගොවියාගේ අතේ වියදමින් වගා කරකර ඉන්න. මේවාට කවුරු සල්ලි දේවිද මන්දා. (නි)
නිලානි Tuesday, 09 February 2016 11:11 AM
තේ රසය වැඩි කරමු. හොදම තේ පමණක් අපනයනය කරමු. (ර)
අමල් Tuesday, 09 February 2016 11:04 AM
තේ කර්මාන්තය නැවත පනගන්නමු. (ර)
අමිල Tuesday, 09 February 2016 11:04 AM
කසල තේ මෙයට හේතුවයි. (ර)
උදාරත් Tuesday, 09 February 2016 11:11 AM
2015 වසරේත් ලොව හොඳම තේ ශ්‍රී ලංකාවයි. (ර)
උදාර Tuesday, 09 February 2016 11:13 AM
2015 වසරේත් ලොව හොඳම තේ ශ්‍රී ලංකාවයි(කෞ)
බණ්ඩාර Tuesday, 09 February 2016 04:03 PM
රාජ්‍ය අනුග්‍රහය සහිතව සිදු කෙරෙන කසළ තේ ව්‍යාපාරය නතරකළේ නැත්නම් ලංකාවේ තේ වෙළඳාමේ මළගම ඉක්මනටම සිදුවේවි. ලංකාවේ ඇතුළත විකිණීමට ඇති තේ වල සුවඳ රසය නැතිවීමට හේතුව කසළ තේ සමඟ මුසු කිරීමය. අතීතයේ තේ කර්මාන්තශාලා වලින් බැහැර කරන කසළ තේ පොහොර ලෙස තේ වතු වලටම යොදාගත් අතර දැන් දේශපාලකයන් සහ ව්‍යාපාරිකයන් එකතුව හොඳ තේ සමඟ මුසු කර නැවත වෙළඳපොලට නිකුත් කරයි (නි)
විශ්ව Wednesday, 05 October 2022 02:16 PM
කසල තේවලට හොඳ තේ මිශ්‍ර කරලා විකුණන කූට මිනිස්සු ඉන්නවා තාමත්.... ඒ මනුස්සයින් ලොකු ලොකු පොලිස් කාරයින් අල්ලන් බලවතුන් අල්ලන් ජරාව දිදී මෙහෙම වැඩ කරද්දී ඉතින් නීතිය බල්ලට ගිහින්... කුඩා මිනිස්සු තමයි මේවාගෙන් බැට කන්නේ...!