(කාංචන කුමාර ආරියදාස)
දේශීය ලොකු ලූනු වගාවෙන් ගොවියා ඈත් වීමට බලපෑ ප්‍රධානතම හේතුව නිෂ්පාදන වලට නිසි මිලක් නොමැති වීම බව මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ ප්‍රසන්න පල්ලෙමුල්ල මහතා පැවසීය.
පසුගිය වසරවලදී දේශීය ලොකුළුණු හෙක්ටයාර් හාරදහසකට ආසන්න පමණයක් වගා කළ ද මේ වන විට එය හෙක්ටයාර් දහසකටත් අඩු වීම බරපතළ ප්‍රශ්නයක් බවත් ඉදිරියේදී ලොකු ලූනු වගාවෙන් ගොවියා ඈත්වෙමින් තිබෙන බව හෙතෙම සඳහන් කළේය.
ලොකු ලූනු වගාවෙන් ගොවියා ඉවත්වීමට කරුණු කිහිපයක් බලපෑ බවත් නියගය වැස්ස වැඩිවීම මෙන්ම නිෂ්පාදන වියදම අධික වීම විදේශ රටවලින් ලොකුලූනු විශාල වශයෙන් ගැන්වීම ආදි කරුණු කාරණා රැසක් අතීතයේ සිට බලපෑ බව හෙතෙම සඳහන් කළේය.
දේශීය ලොකු ලූනු ගොවියාට තම නිෂ්පාදනය සඳහා ලොකුළුණු කිලෝවක ගැණුම් මිල රුපියල් 70 ක් රුපියල් 80 ත් අතර මිලක් පැවතිය යුතු බවද එක කිලෝවක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 51 ක මුදලක් වැයවෙන බව බවද ලොකුලූනු අක්කර එකක් වගා කිරීම සඳහා රුපියල් දෙලක්ෂ පනස් දාහක් දී ලක්ෂ අසූදාහක් අතර මුදලක් වියදම් වන බව ප්‍රසන්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම නිෂ්පාදන වියදම ඉහළ යෑමට ප්‍රධානතම හේතුව ශ්‍රී ලංකාවේ කම්කරු කුලිය ඉහළ යෑම බවත් මිනිස් දින 130 කට වඩා වැය වෙන බවද ඉන්දියාවේ සහ වෙනත් රටවල කම්කරු කුලිය අඩුවීම සහ විවිධ සහන ගොවීන්ට ලබාදීම නිසා අඩු පිරිවැයකින් ලොකු ලුණු නිෂ්පාදනය කිරීම සිදු වන බව හෙතෙම සඳහන් කළේය.
වසරකට මෙරට ඒක පුද්ගල ලුණු පරිභෝජනය කිලෝ දහයක් බවත් වසරකට ලොකු ලූණු මෙක්රික්ටෝන් දෙලක්ෂ අසුදහසක් පමණ අවශ්‍යතා පවතින බවත් මෙරට ලොකුලූනු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් හැටදහසක් හැත්තෑ දහසක් අතර ප්‍රමාණයක් නිෂ්පාදනය කරන බවත් 2014 වසරේ මෙරට ලොකු ලූණු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්ෂය ඉක්ම වූ බව ද සඳහන් කළේය .
නිෂ්පාදනය වැඩි වීමත් සමඟ දේශීය ලොකුලුණු ගොවියාට මිලක් අහිමි වීමත් සමඟ ලොකු ලූනු ගොවියා සිය වගාවෙන් ඈත්වීමට පටන් ගත් බව ප්‍රසන්න ප්ලේමුල්ල මහතා සඳහන් කළේය.
විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ
විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක
සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස
SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි
LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව
කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
‘දේශිය ලොකු ලූණු වගාවට නිසි මිලක් නැති නිසා ගොවීන් වගාවෙන් ඈත්වෙලා‘
Bamunuarachchi Friday, 01 June 2018 02:17 AM
මිල නියම වෙන්නේ ඉල්ලුම සැපයුම මතයි ඔය ආර්ථික න්‍යාය වෙනස් කොරන්න ගියොත් කවරු හරි පාඩුවක් විඳිනවා. වැඩි මිලට ළූණු විකුණන ගියොත් මිනිසුන් ගැනීම සීමා කොරනවා එතකොට වැඩි ළූණු ටිකට වෙන්නේ මොකක්ද. අඩු මිලට ළූණු දුන්නොත් සීනි සම්බෝල නොහදන ගෙදරක සීනිසම්බෝල ටිකක්වත් හදා ගන්න වැඩිපුර ළූණු ගනීවි
himal Friday, 01 June 2018 10:15 AM
මෙතන මේ නිලධාරියා පටු විදිහට කතා කරන්නේ. ඔය කියන ගණන් වලට ලූණු ගත්තොත් වෙළෙඳපලට එනකොට ලූණු කිලෝවක් කීයක් වේවිද? ලූණු වේවා වෙනත් ඕනම භෝගයක් වේවා වවන්නේ පාරිභෝගික ඉල්ලුමට නම්, පාරිභෝගිකයට ගන්න පුළුවන් ගානකට දෙන්න දැන ගන්න ඕන. ඒකට ගොවියාට නව දැනුම,පසු අස්වනු තාක්ෂණ ක්‍රම උගන්වන්න ඕන. අවාසනාවකට ලංකාවේ වෙන්නේ මේ කිසිම දෙයක් කරන්නෙ නෑ, අස්වැන්න ගත්තට පස්සේ විකුණ ගන්න බෑ කියලා පිකට් කරලා මාධ්‍යයේ දානවා, ඒක දැකලා අදූරදර්ශී දේශපාලුවො ආනයනවලට බදු ගහලා, බදු සල්ලි වලින් ලොකු ගාණකට අර භෝගය ගන්න නියෝග කරනවා. හැමදාම මෙහෙම පුළුවන් කියලා දන්න හින්දා ගොවියෝ තමන්ගේ නිෂ්පාදන පිරිවැය අඩු කරන ක්‍රම හොයන්නෙ නෑ.
de silva Monday, 11 June 2018 10:35 PM
ඉන්දියාවෙන් ගෙන්වන ලූණු ලංකාවේ නිපදවන ලුණු වලට වැඩිය අඩුවෙන් දෙන්න පුලුවන්නම් අපේ ක්‍රමයේ කුමක් හෝ ගැටළුවක් තිබෙනවා , මේවට වගකියන්න ඕනේ කෘෂිකර්ම නිලධාරියෝ, මේකට කරන්න තිබෙන හොඳම දෙය ඉන්දියාවේ මේවා කරන නිලධාරියෙක් මෙරටට ගෙන්වා මොවුන්ට උපදෙස් දෙන එක, මොවුන් විදේශ සංචාර වලට යැවීම විහිළුවක්.
de silva Tuesday, 12 June 2018 02:41 PM
ලොකු ලුණු වවන කාලෙට ගොවියන් ඔක්කොම ලොකු ලුණු වවනවා , වටක්ක වවනකොට ඔක්කොම වට්ටක්ක වවනවා , මේ කෘෂි නිලධාරින් ගොවි සංගම් සමග එකතුවෙලා එක කන්නේට භෝග වර්ග කිහිපයක් වගකරලා සැපයුම පාලනය කරනවා නම් මෙහෙම ප්‍රශ්න වෙන්නේ නැහැ , මේ නිලධාරින් හරියට තම රාජකාරිය නොකරන එක තමා හැම අවුරුද්දේම මේ ප්‍රශ්නෙට මුල .