X Advertisement
IMG-LOGO

2025 මැයි මස 15 වන බ්‍රහස්පතින්දා


‘මාර්ග සංවර්ධන වැඩ නැවත අරඹනවා‘

පසුගිය රජය සමයේ ආරම්භ කළ මහා පරිමාණයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතීන් නුදුරේදීම නැවත ආරම්භ කෙරෙනු ඇති බව රජය පසුගියදා සහතික කළේය.

නව රජය බලයට පත්වූ වහාම එම ව්‍යාපෘතීන් අත්හිටුවීමට කටයුතු කෙරුණේ හිටපු රජය ව්‍යාපෘතීන් ආරම්භ කර තිබුණද අයහපත් ආර්ථික ප‍්‍රතිපත්ති වල ප‍්‍රතිඵලයක් ලෙස එම ව්‍යාපෘති කි‍්‍රයාත්මක කරන රටවලට හා කොන්ත‍්‍රාත්තුකරුවන්ට ඩොලර් බිලියන 28 ක පමණ මුදලක් ගෙවීම අතපසු කර තිබුණු නිසාවෙන් බව මහාමාර්ග හා ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය.

තමන් භාණ්ඩාගාරයෙන් කළ ඉල්ලීමකට අනුව ව්‍යාපෘති නැවත කි‍්‍රයාත්මක කිරීම සදහා දැන් ක‍්‍රමයෙන් මුදල් නිදහස් කෙරෙමින් පවතින බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා වන දිගුවේ වැඩ කටයුතු ජූලි මස 4 වෙනිදා ආරම්භ කිරීමටත්,කොළඹ නුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කටයුතු තවත් දෙසතියක් ඇතුළත ආරම්භ කිරීමටත්,කොළඹ රත්නපුර යෝජිත අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සදහා තරඟකාරී ටෙන්ඩර් කැදවීමක් සිදුකිරීමටත් සැළසුම් කර තිබෙන බව අමාත්‍යවරයා කීය.

ග‍්‍රාමීය මාර්ග සංවර්ධනය සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමුව තිබෙන බව කී අමාත්‍යවරයා එම කටයුතු වෙනුවෙන් දැනට රුපියල් ලක්ෂ 300 ක මුදලක් වෙන්කර ඇතැයි ද පැවසීය.



අදහස් (0)

‘මාර්ග සංවර්ධන වැඩ නැවත අරඹනවා‘

දීපාල් නිරෝෂ් Thursday, 25 June 2015 02:29 PM

කවුරු කරත් කමක් නෑ, විධිමත් ටෙන්ඩර් පටිපාටි ඔස්සේ කොන්ත්‍රාත් ප්‍රදානයට ක්‍රමයක් ස්ථාපිත කිරීමයි පළමුව සිදුවිය යුත්තේ, ජාතික ප්‍රසම්පාදන කොමිසමක් ස්ථාපිත කරානම් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ.(හේ)

:       0       0

ද සිල්වා බර්ලින් Wednesday, 01 July 2015 04:52 AM

කරුණාකර හම්බන්තොටට අධිවේගී මාර්ගය හදන්න ඉස්සෙල්ල දක්ෂිණ අධිවේගී මාර්ගය කොළඹ කටුනායක මාර්ගයට සම්බන්ධ කරන්න. එතකොට මාර්ග තද බදය විශාල ලෙස අඩුවේ. මාතර සිට හම්බන්තොටට හොඳ මාර්ගයක් ඇත. වාහන තද බදයක්ද නැත. ඒවා පස්සේ හදාගන්න පුළුවන් (නදී)

:       0       0

ඇන්ටන් Tuesday, 30 June 2015 03:34 PM

සංවර්ධන කටයුතු ඉක්මන් වෙනවා නම් ගොඩක් හොදයි.(හේ)

:       0       0

කල්ප Tuesday, 30 June 2015 03:32 PM

ජය වේවා.(හේ)

:       0       0

ඇන්ටනි Tuesday, 30 June 2015 03:33 PM

මැද පෙරදිග ගිහින් බිමට දාන කාර්පට් හොරකම් කළා (බ)

:       0       0

ඇනටනි Tuesday, 30 June 2015 03:30 PM

මැද පෙරදිග ගිහින් බිමට දාන කාර්පට් හොරකම් කරපු අය ලංකාවේ පාරට දාන කාර්පට් හොරකම් නොකර ඉඳීවිද කියලා (අ)

:       0       0

ඩීන් Monday, 29 June 2015 02:23 PM

රෝහණ ඔබ හරි ! ඒක නේද වුනේ ? (බ)

:       0       0

ඩීන් Monday, 29 June 2015 02:24 PM

රෝහණ ඔබ හරි ! ඒක නේද වුනේ ? (බ)

:       0       0

රෝහණ Sunday, 28 June 2015 04:09 AM

රාජපක්ෂලා කළේ 100 ණයට අරන් 75 සාක්කුවේ දාගෙන 25 ක වැඩ කරන එක ඒ අය සැප වින්දේ අපේ සල්ලි වලින් අන්තිමට හරි එ්ක ලංකාවේ අයට තේරුන එක ගැන සතුටුයි. (බ)

:       0       0

රුවන් Friday, 26 June 2015 08:06 AM

කාපට් කන්නද කියලා අහපු අයත් ඉන්නවා මේ රටේ. (නි)

:       0       0

දීපාල් Thursday, 25 June 2015 02:29 PM

කවුරු කළත් කමක් නැහැ. විධිමත් ටෙන්ඩර් පටිපාටි ඔස්සේ කොන්ත්‍රාත් ප්‍රධානයට ක්‍රමයක් ස්ථාපිත කිරීමයි පළමුව සිදුවිය යුත්තේ. ජාතික ප්‍රසම්පාදන කොමිසමක් ස්ථාපිත කළා නම් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ. (නි)

:       0       0

දීපාල් Thursday, 25 June 2015 02:29 PM

කවුරු කරත් කමක් නෑ, විධිමත් ටෙන්ඩර් පටිපාටි ඔස්සේ කොන්ත්‍රාත් ප්‍රදානයට ක්‍රමයක් ස්ථාපිත කිරීමයි පළමුව සිදුවිය යුත්තේ, ජාතික ප්‍රසම්පාදන කොමිසමක් ස්ථාපිත කරානම් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ.(අ)

:       0       0

සුමිත් Thursday, 25 June 2015 08:39 AM

බොරු වැඩ.(හේ)

:       0       0

දීපාල් Thursday, 25 June 2015 02:29 PM

කවුරු කරත් කමක් නෑ, හරියට කෙරෙනවා නම්.(හේ)

:       0       0

අසේල Thursday, 25 June 2015 02:30 PM

කෙරෙනවානම් හොද වැඩක්.(හේ)

:       0       0

කපිල Thursday, 25 June 2015 02:29 PM

ජාතික ප්‍රසම්පාදන කොමිසමක් ස්ථාපිත කරානම් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ.(හේ)

:       0       0

නිරෝෂ් Thursday, 25 June 2015 02:29 PM

එහෙම වෙනවා නම් හොදයි.(හේ)

:       0       0

නලීන් Thursday, 25 June 2015 02:30 PM

වෙන්නේ නැති වැඩ ගැන කතා කරලා වැඩක් නෑ.(හේ)

:       0       0

මහේෂි Thursday, 25 June 2015 02:30 PM

අනේ අපේ පාරවල් ටිකත් කාර්පට් කරන්න ඕනේ නෑ තාර ටිකක් දාලා දෙන්න.(හේ)

:       0       0

දීපාල් Thursday, 25 June 2015 02:30 PM

ජය වේවා.(හේ)

:       0       0

අසේල Thursday, 25 June 2015 02:29 PM

මොන දේ වුනත් කමක් නෑ පාරවල් ටික හැදෙනවා නම් ලොකු දෙයක්.(හේ)

:       0       0

දීපාල් Thursday, 25 June 2015 02:30 PM

කවුරු කරත් කමක් නෑ, විධිමත් ටෙන්ඩර් පටිපාටි ඔස්සේ කොන්ත්‍රාත් ප්‍රදානයට ක්‍රමයක් ස්ථාපිත කිරීමයි පළමුව සිදුවිය යුත්තේ, ජාතික ප්‍රසම්පාදන කොමිසමක් ස්ථාපිත කරානම් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ.(හේ)

:       0       0

කැළුම් Thursday, 25 June 2015 02:29 PM

විධිමත් ටෙන්ඩර් පටිපාටි ඔස්සේ කොන්ත්‍රාත් ප්‍රදානයට ක්‍රමයක් ස්ථාපිත කිරීමයි පළමුව සිදුවිය යුත්තේ, (හේ)

:       0       0

දීපාල් නිරොෂ් Thursday, 25 June 2015 02:30 PM

කවුරු කරත් කමක් නෑ, විධිමත් ටෙන්ඩර් පටිපාටි ඔස්සේ කොන්ත්‍රාත් ප්‍රදානයට ක්‍රමයක් ස්ථාපිත කිරීමයි පළමුව සිදුවිය යුත්තේ, ජාතික ප්‍රසම්පාදන කොමිසමක් ස්ථාපිත කරානම් ඔය ප්‍රශ්න එකක්වත් නැහැ.(අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site