X Advertisement
IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


‘ලංකා ආර්ථිකයට හොඳයි‘

ශ්‍රී ලංකාවේ ආර්ථීකය 2013 - 2014 කාලසීමාවේදී සැළැකිය යුතු වර්ධනයක් අත්කර ගනු ඇතැයි ආසියා  සංවර්ධන බැංකුව මත පළ කරයි.

ආසියා  සංවර්ධන බැංකුවේ ‘2013 වසර සදහා විමසුම‘වාර්තාවේ මේ බැව් සදහන් වේ.

වාර්තාවට අනුව ශ්‍රීලංකාව ඉදිකිරීම් හා සේවා සැපැයුම් ක්ෂේත්‍ර වල ඉහළ වර්ධනයක් පෙන්වයි.එහෙත්
ඒවායින් රටට ලැබිය යුතුව තිබූ ප්‍රතිලාභ නොලැබී ගොස් ඇත්තේ ගෝලීය ආර්ථීක අර්බුදය හමුවේ රජයට ගැනීමට සිදුව ඇති පියවරයන් නිසාය.කෘෂිකර්මාන්තයෙන්ද මෙවර වැඩි දායකත්වයක් ලැබී නොමැත.ඊට හේතුව ලෙස වාර්තාවේ සදහන් වන්නේ නියග හා ගංවතුර තත්ත්ව නිසාවෙන් වගා විනාශ වීමයි.

පෙර ශ්‍රීලංකා ආර්ථීකයට ඉහළ දායකත්වයක් සැපැයූ ඇගලූම් කර්මාන්තයේද කඩා වැටීමක් මේ වාර්තාවේ පෙන්වයි.ඊටද හේතුව ලෙස දැක්වෙනුයේ ගෝලීය ආර්ථීක අර්බුදයයි.

මේවා හමුවේ රජයටද නිකම් සිටීමට බැරියැයි වාර්තාවේ සදහන්ය.වඩා හොද බදු පද්දතියක් ස්ථාපිත කිරීම”ප්‍රායෝගික මුූල්‍ය කළමණාකරණ සැළැසුම් සැකැසීම ඇතුලූ වගකීම් රාශියක් රජය මත පැවැරී ඇත.

මේ තත්ත්වය ක්‍රමයෙන් යහපත් අතට හැරනු ඇතැයි ආසියානු සංවරධන බැංකුවේ අපේක්ෂාවයි.එවිට ඉහළ ආර්ථීක වර්ධන වේගයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.

 



අදහස් (0)

‘ලංකා ආර්ථිකයට හොඳයි‘

උදාර Tuesday, 23 April 2013 09:13 AM

කාටද හොද? කවුද හොද? ලංකාවේ එහෙම තමයි. (නි)

:       0       0

සේන Saturday, 20 April 2013 12:07 AM

අනේ මන්දා! (නි)

:       0       0

ද සිල්වා Saturday, 20 April 2013 01:10 AM

ගුවන් තොටුපල තිබෙනවා, අපිට ටිකට් ගන්න සල්ලි නැහැ. අධිවේගී මාර්ග තිබෙනවා, අපිට එවගේ යන්න වාහන නැහැ. පෙට්‍රෝල් මිල වැඩියි. නමුත් මන්ත්‍රිලට ,රජයේ නිලධාරීන්ට වාහන තීරුබදු රහිතව ගෙන්වන බලපත්‍ර තිබෙනවා. නොමිලයේ ඉන්ධන ලැබෙනවා. ඒ ගොල්ලන්ගේ ආර්ථිකය වේගයෙන් වර්ධනය වෙනවා. නමුත් අපේ ආර්ථිකය??? (නි)

:       0       0

ලලිත් Saturday, 20 April 2013 01:53 AM

සාමාන්‍ය මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නැහැ. බඩුමිල අහස උසට. (නි)

:       0       0

අජිත් Saturday, 20 April 2013 10:07 AM

කෙහෙම්මල් ආර්ථික කතාවක් එලියට දැම්මට පස්සේ තමයි, විදුලි බිල අමු අමුවේම වැඩිකළේ. මීට පස්සේ ඔය මගුල් වාර්තාව එලියට දාන්න ඕනේ නැහැ. තේරුනාද?(නදී)

:       0       0

ඛාන්, කුවෛට් Sunday, 21 April 2013 01:41 AM

දුම්රිය හරහා පාලමක් දාන්න වත්කමක් නැති රටක්.( බේරුවල සිද්ධිය) නමුත් ඇමති, මන්ත්‍රීලා හොදට ජීවත් වෙනවා. (නි)

:       0       0

චතුරංග Sunday, 21 April 2013 12:18 PM

අනේ මම දන්නෙ නැහැ. අපේ ගෙදර දේශපාලන රැස්වීම් පාව තියලා තිබියදීත්, මම මෙච්චර ඉගෙනගෙන තිබියදීත් මට තවස රස්සාවක් නැත්තේ ඇයි කියලා (නි)

:       0       0

ඛාන් Monday, 22 April 2013 09:41 AM

ලංකාවේ අපිට හොඳයි. අපි කාටවත් ණයත් නැහැ. බයත් නැහැ. ලංකාව දැන් දියුණුයි. සංචාරකයෝ පිරිලා, ඇගේ හැප්පෙන ගානට. අනිත්වා අපිට වැඩක් නැහැ. (නි)

:       0       0

පාලිත Monday, 22 April 2013 11:06 PM

ආර්ථිකය හොඳ කෙනෙක් ඉන්නව නම් වහාම මට දන්වන්න.(නදී)

:       0       0

දම්මි Friday, 19 April 2013 02:26 PM

ලොකු ලොක්කො නම් සංවර්ධනය වෙනවා, ජනතාව හිගාකනවා (නි)

:       0       0

දම්මි Tuesday, 23 April 2013 05:59 PM

දේශපාලකයන්ගේ ආර්ථිකයට හොදයි නම් තමයි. (නි)

:       0       0

අමිතඅමිත Friday, 26 April 2013 04:40 PM

රටක ආර්ථිකය මනින සම්මත ක්‍රම තියෙනවා. උදාහරණ විදියට, දල දේශිය නිෂ්පාදනය,දල දේශිය ආදායම, ඒක පුද්ගල ආදායම වගෙ දේවල්. ලෝකයෙ ධනවත්ම ආර්ථිකය තියෙන්නෙ ඇමෙරිකාවට. අපි ඉන්නෙ 70 වැනි ස්ථානයෙ. වසර 2001 ට පෙර ලංකාවෙ ආදායම් ඩොලර් 1000 ට අඩුයි. (නි)

:       0       0

අමිත Friday, 26 April 2013 05:33 PM

ලෝකයේ ආර්ථික අවපාතයක් 2008 සිට පවතිනවා. මෙය සියලුම රටවලට බලපාලා තිබෙනවා.අපේ ආර්ථිකය ගැන එතරම්ම සතුටු වෙන්න බැහැ. විශේෂයෙන්ම අපේ කෘෂිකර්මාන්තය දුර්වලයි. රජයටම දොස් කීමෙන් පලක් නැහැ. අවිවාදයක් නැහැ දූෂණය නැතිකළ යුතුයි. රට වැසියන් වශයෙන් අපටත් වගකීමක් තිබෙනවා. හැම දෙයක් ම රජයෙන් දෙනකම් ඉදිමම සුදුසු නැහැ. (නි)

:       0       0

අමිතා Friday, 26 April 2013 06:10 PM

අලුත්ම වාර්ථා අනුව දැන් රටක වර්ධනය මනින්නෙ ආර්ථික සාධක මතම නොවෙයි. මානව සංවර්ධන දර්ශකයක් කියා මිනුමක් තියෙනව. එයට අනුව රටවල් ප්‍රබේද කීපයක් තියෙනවා. ඉතා උසස්, උසස්, මධ්‍යම සහ පහල කියා. අපි සිටින්නෙ උසස් දර්ශකයේ (92 ස්ථනය ) වන අතර සිංගප්පූරුව ඇතුලු සංවර්ධිත රටවල් ඉතා උසස් දර්ශකයෙ (රටවල් 47 ක් ). ඉන්දිඅයව මධ්යම දර්ශකයෙ.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 28 April 2013 10:29 AM

මම කිව්වාය කියලා හිතාගත්තොත් හොඳයි. (නි)

:       0       0

රොෂාන් Sunday, 28 April 2013 11:00 PM

එන්න එන්න හැම අතින්ම අපිට පහර වදිනවා. දැන් කළුවරේ ඉන්නත් වෙයි ඉස්සරහට.(නදී)

:       0       0

සන්වනී Monday, 29 April 2013 08:54 PM

ඉස්සර ගමක පාපැදියක් තිබුණෙ කලාතුරකින් අයෙකුට අද හැම නිවසකම යතුරු පැදියක් තියනවා. ඉස්සර මෝටර් රථයක් තිබුණ ගමක් හොයන එකයි අමාරු. අද සෑම පුද්ගලයින් පස් දෙනෙකුගෙන් එක් අයෙකුට වාහනයක් තියනවා. දියුණුව කියන්නෙ ඒක. මිනිසුන් අතර මුදල් ගැවසීම වැඩිවන විට සුඛෝපභෝගී භාණ්ඩ හා උපකරණ මිළ දී ගන්නවා. පෙරට වඩා රටේ යම් ආර්ථික දියුණුවක් ඇතත් අධ්‍යාත්මික දියුණුව පිරිහිලා.(නදී)

:       0       0

සරත් Thursday, 11 April 2013 01:35 PM

ඔව් ඉතින් ආගම දර්මයට පටහැනි ගණිකා මඩම් ,කැසිනෝ ,මතට තිත වඩාත් පුළුල්ව ක්‍රියා කරීම නිසා ආණ්ඩුවේ සහ දනකුවේරයන්ගේ ආර්ථික වර්දන වේගය ඉතාමත් ඉහල නිසා ඕක රටේ ජනගහනයෙන් බෙදලා ඔය වගේ මෝඩ කතා කියනවා. (ස)

:       0       0

හේවාවිතාරණ Friday, 19 April 2013 01:34 PM

පිටරට වල රැකියා කරන ලාංකිකයන් උපයන විදේශිය විනිමය හොඳටම ඇති ලංකාවේ ආර්ථිකය නංවාලන්න. කොහෙද ඉතින් ඒ වුණත්??? (නි)

:       0       0

පාලිත Friday, 19 April 2013 11:37 AM

වාර්තාවලට අනුව ආර්ථික වර්දනයක් සිදුවෙලා නම් ඇයි අපට ජීවත් වෙන්න මෙපමණ කරදර .(ස)

:       0       0

නෙතුමිණි Friday, 19 April 2013 08:41 AM

ආර්ථිකය හොඳයි වාර්ෂික වාර්තාවලට විතරක්. ප්‍රයෝගික ආර්ථිකය තියෙන මට්ටම ගැන අමුතුවෙන් කියන්න අවශ්‍ය නැනේ. දැන් ජනතාවට ජීවිතය ගැටගහ ගන්නේකත් අමාරුවෙන්.(නදී)

:       0       0

කීර්ති Thursday, 18 April 2013 06:39 PM

මහජනතාව රටවාගෙන පාරිභෝගික භාණ්ඩ වලට බදු අය කරලා රටේ සංවර්ධනය ගැන ජාත්‍යන්තරයට පෙන්නන්න හදනවා. රටේ සියලු ජනතාව එකමුතු කරලා රටට ගැලපෙන පාලකයින් පත් වුණා නම් හොදයි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 18 April 2013 01:10 AM

ලංකාවේ ඇමතිලා පරිවාරක රථ පිරිවරාගෙන තමන්ගේ අධි සුඛෝපභෝගී වාහන වලින් යන වේගය දැක්කම ලංකාවේ ආර්ථික වර්ධන වේගයත් ඒ වගේ ඇති කියලයි මට හිතෙන්නේ. ජර්මනියේ සමහර ඇමතිලා පාර්ලිමේන්තුවට එන්නේ පාපැදි වල. සමහරු එන්නේ බස් වල. කරපටි,කෝට් ඇදගෙන පාපැදි පැදගෙන එන හැටි දැක්කම හිනා යනවා (නි)

:       0       0

බන්දුල Tuesday, 16 April 2013 06:48 PM

රටේ ජනතාව ජීවිතේ ගැටගහගන්න අපමණ දුක් විදිනකොට රටේ ආර්ථිකය හොදයි කියන්නෙ කොහොමද? (නි)

:       0       0

සරත් Tuesday, 16 April 2013 04:32 PM

ආර්ථිකයට නම් හොඳ ඇති. නමුත් අපේ රටේ මිනිස්සුන්ගේ බඩවල් දන්නවා ඇති ඒක හරියටම. (නි)

:       0       0

හේවාවිතාරණ Tuesday, 16 April 2013 01:08 AM

කවුරු මොනවා කිව්වත් මම නම් අවංකවම ප්‍රීති වෙනවා (නි)

:       0       0

දයා Monday, 15 April 2013 09:07 AM

අපිට නම් කිසිම දෙයක් වැඩක් නැහැ. කැසිනෝ තිබුනම ඇති. (නි)

:       0       0

නදී Monday, 15 April 2013 12:41 AM

ලංකාවට හොදද ? නැත්නම් වෙන කට්ටියකට හොදද ? අනේ මන්දා... (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 14 April 2013 05:57 PM

ඔය කියන හැමදේම ඇත්තද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

අජිත් Saturday, 13 April 2013 03:31 PM

මක් කිව්වා ?(නදී)

:       0       0

මෝරලා Saturday, 13 April 2013 01:55 PM

කැසිනො වලින් වෙන්නේ දුප්පත් මිනිහා හම්බකරන සොච්චමත් පිටරට මුදලාලිලාට බිල්ලට දෙන්නයි (නි)

:       0       0

සමීර සාලින්ද Thursday, 11 April 2013 05:03 PM

ඇමති මණ්ඩලය වැඩේ.(නදී)

:       0       0

ගාමිණී Thursday, 11 April 2013 02:23 PM

කෘෂි, පලතුරු, ධීවර, ඇගළුම්, ඖෂධ නිෂ්පාදන, කුඩා කර්මාන්ත නගා සිටුවීමේ කඩිනම් සංවර්ධනයක් වහා අවශ්‍යයි. ආධුනිකත්ව මණ්ඩලයේ පුහුණු කිරීම් දැනට වඩා වේගවත් වුණොත් තවත් හොදයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site