X Advertisement
IMG-LOGO

2025 අගෝස්තු මස 13 වන බදාදා


‘වැඩ හොඳනම් බක්කරේට පඩිය ලක්ෂ තුනයි‘

වර්තමානයේදී නාගරික මෙන්ම අර්ධ නාගරික ජනතාවගේ ක්ෂණික හා ප්‍රධාන ආහාරයක් ලෙස පාන් සඳහා හොඳ ඉල්ලුමක් පැවතියද පාන් නිෂ්පාදනයට අඩාල විය හැකි බව ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එම්.කේ.ජයවර්ධන මහතා පවසයි.

පාන් නිපදවීමේදී පුහුණු ශ්‍රමිකයන්ගේ (බක්කරේ) හිඟය කර්මාන්තයේ ඉදිරි පැවැත්මට බලපා ඇති බවත් එය දියුණු කිරීමට හෝ පුහුණු වීමට තරුණයින් උනන්දු නොවීම මීට හේතුව බවත් ඔහු කියයි.

පාන් නිපදවීමේ පුහුණු ශ්‍රමිකයකුට ඇතැම් සුපිරි හෝටල් ආශ්‍රිතව වෘත්තියට එකතුවී මාසික ආදායම රුපියල් ලක්ෂ තුනක් පමණ උපයා ගැනීමට හැකි බවද සභාපතිවරයා කීය.



අදහස් (0)

‘වැඩ හොඳනම් බක්කරේට පඩිය ලක්ෂ තුනයි‘

පිටිගල මිලානෝ Sunday, 27 March 2016 10:41 AM

මා බොහෝ අදහස් වලට යමක් පාදක කරගන්නේ ලංකාවේ විරැකියාවෙන් පෙලෙන්නන් දැනුවත් කිරීමටයි. මේ රටට ඔවුන්ට පැමිණ යම් රැකියාවක් කරමින් අධ්‍යාපනයක් ලැබුවොත් තම දුප්පත් දෙමාපියන් ඇතුළු හතර වරිගයම ගොඩ දැමිය හැකි බව මම අත්දැකීමෙන් දන්නා නිසයි. මෙරටේ රැකියා නැහැ, එන්න එපා කියන ඊර්ෂ්‍යාවන්තයින්ට නම් මගේ වචන රිදෙනවා ඇති. (ර)

:       0       0

සමරසිංහ Monday, 21 March 2016 01:30 PM

විදුලි රැහැන් අදින කම්කරුවකු වටා ගෙතුනු රුසියානු කතාවක් මම කියවල තියෙනව ඒකේ කියන්නෙ මොන රැකියාව කලත් වැඩපෙන්න්න පුලුවන් දවසක් එනව කියලා. (ර)

:       0       0

රාධා Monday, 21 March 2016 02:14 PM

මම දන්නා වයසක ජපන් මහත්මයෙක් හිටියා. ඔහුට ජපන් ලියන්න කියවන්න බැහැ. හැබැයි ලෝකෙටම පිඟන් භාණ්ඩ සපයනවා. දෑතේ රැකියාවට භාෂාව ප්‍රශ්නයක් නොවේ (නි)

:       0       0

රාධා Monday, 21 March 2016 02:15 PM

මම දන්නා වයසක ජපන් මහත්මයෙක් හිටියා .ඔහුට ජපන් ලියන්න කියවන්න බැහැ.හැබැයි ලෝකෙටම පිඟන් භාණ්ඩ සපයනවා . කොලේ වටේම ඇවිදිනවා. දැතේ රැකියාවට භාෂාව ප්‍රශ්නයක් නොවේ . (ර)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Wednesday, 23 March 2016 05:40 AM

කොච්චර හොඳද තමන්ටම කෑම හදාගන්න පුලුවන් එක. බක්කරේ කියන රස්සාව කොච්චර හොඳයිද? රසට කෑම හදන්න පුලුවන් කම කොයි තරම් උසස් දැනුමක්ද? දැනුමට උසස් පහත් බේද දකින්නේ ලංකාවේ ඉන්න ලිං මැඩියෝ විතරමයි. ලංකාවේ ඉන්න අයට ශ්‍රම අභිමානය නැහැ. (බ)

:       0       0

ශ්‍රීසර Thursday, 24 March 2016 05:18 AM

සරත් ඔයත් ටිකක් හිතුවොත් රුවන් කියන්නේ මොකද්ද කියලා තේරෙයි. අපේ රටේ ඉන්න උගත්තු ටික පවා රැකියාව ගැන තෘප්තිමත් නොවී පිටරට යනවා. තමන්ගේ දේ හරියට කරගෙන කාටවත් අතනොපා, යටත් නොවී ඉන්න පුළුවන් කාලෙක ලංකාවේ මිනිස්සුත් ඕනම රස්සාවක් ලැජ්ජා නැතුව කරයි. මිනිස්සු පිටරට ගිහින් ඔය රස්සා කරන්නේ ඒවගෙන් හොඳ මුදලක් ලැබෙන නිසා සහ එවැනි රස්සාවක් කරනවා කියා කිසිම කෙනෙක් ඔවුන්ව පහත්කර නොසිතන නිසා. (ර)

:       0       0

ශ්‍රීසර Thursday, 24 March 2016 05:18 AM

සරත්, ඔයත් ටිකක් හිතුවොත් රුවන් කියන්නේ මොකද්ද කියලා තේරෙයි. අපේ රටේ ඉන්න උගත්තු ටික පවා රැකියාව ගැන තෘප්තිමත් නොවී පිටරට යනවා. තමන්ගේ දේ හරියට කරගෙන කාටවත් අතනොපා, යටත් නොවී ඉන්න පුළුවන් කාලෙක ලංකාවේ මිනිස්සුත් ඕනෑම රස්සාවක් ලැජ්ජා නැතුව කරයි. (නි)

:       0       0

මහින්ද Friday, 25 March 2016 03:00 PM

මිලානෝ, යූරෝ 5000ක් බේකරියක අයිතිකරුවෙකුටවත් ඉතුරුකරන්න අමාරුයි (නි)

:       0       0

ජයා Saturday, 26 March 2016 11:29 AM

ලංකාවේ රැකියා ගැන තියන තත්වෙය නිසි ක්‍රමයකට නැති කම තමයි වරද (බ)

:       0       0

අප්පු Saturday, 26 March 2016 05:57 PM

මිලානෝ, ඔබ හරි. නමක් දිනාගත් බේකරිවල, චොකලට්, පේස්ට්‍රි රෙස්ටුරන්ට් වල ශ්‍රී ලාංකිකයෝ රැකියා කර හොඳ වැටුප් ලබනවා. ලංකාවේ ඉන්න ළිං මැඩියන් දන්නේ අනුන්ට ගරහන්න විතරයි. හැමදේම ආණ්ඩුවෙන් දෙනතුරු බලාඉන්නේ නැතුව හොරකම් වංචා නොකර කුමක් හෝ රැකියාවක් කරන්නේ කීයෙන් කී දෙනාද? (නි)

:       0       0

ධම්මික Sunday, 20 March 2016 10:01 PM

මෙහෙම බලද්දී මොන රස්සාවත් වැදගත් තමයි (නි)

:       0       0

මංගල Monday, 28 March 2016 11:53 PM

අපේ මිනිස්සුන්ගේ සිතුවිලි තම අපිට හැමදාමත් විනෙට හිටියේ.(අ)

:       0       0

සංකල්ප Tuesday, 29 March 2016 12:14 PM

ලංකාවේ බොහොමයක් බේකරි වැඩ උසස් ප්‍රමිතියෙන් කෙරෙන්නේ නැහැ.බොහෝ බේකරි වල ඇතුළත හා බාහිර පරිසරය ගැන ප්‍රියත්වයක් පෙන්නටවත් නැහැ. පාවිච්චි කරන්නේ අපිරිසිදු වතුර. ඒ මදිවට වතුර දාන්නේ මළකඩ ඇති බැරල්වල (නි)

:       0       0

සංකල්ප Tuesday, 29 March 2016 01:27 PM

ලංකාවේ බොහොමයක් බේකරි වැඩ උසස් ප්‍රමිතියෙන් කෙරෙන්නේ නැහැ.බොහෝ බේකරි වල ඇතුලත හා බාහිර පරිසරය ගැන ප්‍රියත්වයක් පෙන්නටවත් නැහැ. පාවිච්චි කරන්නේ අපිරිසිදු පෙනුම තිබෙන වතුර.ඒ මදිවට වතුර දාන්නේ මලකඩ ඇති බැරල්වල....සේවකයන්ගේ අපිරිසිදු බවත් සඳහන් කළ යුතුමය.ඒ වගේම ඇතැම් බක්කරේ ල ඇතුළු සේවකයින් අහාර අත පත ගාන විදියත් සුදුසු මදි....ලංකාවේ සුළු බේකරි කර්මාන්තය මෙසේ පසුගාමී නොවී නවීකරණය විය යුතුයි. එදාට මේ බේකර්ස් ලාට නිතැතින්ම හොඳ පිළිගැනීමක් ලැබේවි. (බ)

:       0       0

සංකල්ප Tuesday, 29 March 2016 01:28 PM

ලංකාවේ බොහොමයක් බේකරි වැඩ උසස් ප්‍රමිතියෙන් කෙරෙන්නේ නැහැ.බොහෝ බේකරි වල ඇතුලත හා බාහිර පරිසරය ගැන ප්‍රියත්වයක් පෙන්නටවත් නැහැ. පාවිච්චි කරන්නේ අපිරිසිදු පෙනුම තිබෙන වතුර.ඒ මදිවට වතුර දාන්නේ මලකඩ ඇති බැරල්වල....සේවකයන්ගේ අපිරිසිදු බවත් සඳහන් කල යුතුමය.ඒ වගේම ඇතැම් බක්කරේලා ඇතුළු සේවකයින් අහාර අත පත ගාන විදියත් සුදුසු මදි....ලංකාවේ සුළු බේකරි කර්මාන්තය මෙසේ පසුගාමී නොවී නවීකරණය විය යුතුයි. එදාට මේ බේකර්ස්ලාට නිතැතින්ම හොඳ පිළිගැනීමක් ලැබේවි. (බ)

:       0       1

ඉම්රාන් සිද්ධික් Thursday, 31 March 2016 08:27 AM

පාන් නිපදවීමට පෝරණුවට විදුලිය ඉතාමත්ම අවශ්‍යයි,එකෙන් විදුලි වැඩිවෙනවා,එකෙන් පාන්වල මිලත් වැඩිවෙනවා,(හේ)

:       0       0

පෙරේරා Thursday, 31 March 2016 05:49 PM

ඕක මොකද්ද? නවසීලන්තේ කාර් පිළිසකර කරන කෙනෙකුටත් ලංකාවේ සල්ලි වලින් ලක්ෂ 3ක් ලැබෙනකොට. (නි)

:       0       0

ජයවික්‍රම Friday, 01 April 2016 04:24 AM

මිලානෝ පිටිගල- ඔබ හිතන විදිය ගැන මට ආඩම්බරයි. (ර)

:       0       0

නුවන් Friday, 08 April 2016 07:33 AM

මම කාලයක් මගේ බිරිද සමග නවසිලන්තේ හිටිය මුලින්ම නැවතුනේ එහෙ බක්කරේ වැඩ කරන කෙනෙක්ගේ ගෙදර ඒ මනුස්සය එයාගේ යාළුවා එක්ක එකතු වෙලා නාන කාමරේ වීඩියෝ කැමරාවක් සවි කරලා තිබිල මගේ අතටම අහු වුනා.පස්සේ පොලිසි උසාවි ගිහින් නැවතුනේ! (බ)

:       0       0

සුමුදු Sunday, 20 March 2016 04:58 AM

දුක තමයි කරන්න දෙයක් නෑ.(හේ)

:       0       0

රුවන් Saturday, 19 March 2016 04:20 AM

ලලිත් මහත්තයාට ලෑජ්ජාවක් වගේ පෙනුනට හොරකම් වංචා නෑතිව කරන ඕනෙම රෑකියාවකින් ලෑබෙන රුපියලට අගය කරන්න පොල්ගස් නෑග්ගත් එකයි ඒ අයට අපහස නොකරන්න (බ)

:       0       0

සංජීව Saturday, 19 March 2016 05:30 AM

බය වෙන්න එපා දැන් ඉන්දියානුවන් එනවනේ 5000 දුන්නම ඇති පඩිය, (බ)

:       0       0

මිලානෝ Saturday, 19 March 2016 07:55 AM

ඉතාලියේද ඉතා ඉහළ තත්වයේ බේකරි වල ලංකාවේ අය සේවය කරනවා. නමක් දිනාගත් චොක්ලට් නිෂ්පාදන ආයතනවල පවා ලංකාවේ පුද්ගලයින් සේවය කරමින් මසකට යුරෝ පන්දහසක පමණ පඩියක් ලබනවා. මෙරටේ මේ වෘත්තීන් සඳහා ලොව උසස් තත්වයේ පාඨමාලා තිබෙනවා. (නි)

:       0       0

කින් බෙනට් Saturday, 19 March 2016 08:35 AM

ලංකාවේ ගොඩක් සල්ලිකාරයන්ගේ ළමයි ඇමරිකාවේ එංගලන්තේ ඉගෙනගන්න ගිහින් රස්සා කරන්නෙත් බක්කරේලා යටතේ තමයි. ගොඩක් ළමයි බක්කරේලගේ අත්උදවුකාරයෝ (නි)

:       0       0

උපුල් Saturday, 19 March 2016 01:01 PM

එ්ක හරියට හරි. නමුත් බටහිර රටවල රැකියා වල උස් පහාත් බේදයක් නැහැනේ (නි)

:       0       0

බන්දුල Sunday, 20 March 2016 01:05 AM

එසේම ලංකාවේ බොහොමයක් සල්ලිකාර මහත්වරුන්ගේ දරුවෝ ලංකාවෙන් බොරු බේකරි සහතික අරගෙන ඕස්ට්‍රේලියාව නවසීලන්තයට විසා ගන්නවා. අාවහම බේකරි වැඩ බැරි නිසා කුලී වැඩ කරගෙන ඉන්නවා. ලංකාවේ හොඳ බක්කරේලට ඉංග්‍රීසි බැරි නිසා රට එන්න බැහැ (නි)

:       0       1

සුකුමාලි Sunday, 20 March 2016 04:58 AM

ලංකාවේදී මිනිස්සු ඇතැම් රැකියාවන් කරන්න අකමැති සිංහල වචන නිසා නොවේ මෙහෙ තියන උග්‍ර පන්ති බෙදේ නිසා. නිකන් හුදු සිංහල වචන හරඹයකට අන්දලා මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ.මොකෝ ලංකාවේ උග්‍ර පන්ති බේදේ නිසා සමහර මිනිස්සුන්ට කසාදයක් වත් කරගන්ට බෑ (බ)

:       0       0

සුමුදු Sunday, 20 March 2016 04:58 AM

එහෙනම් පාන් කාලත් ඉවරයි.(හේ)

:       0       0

මාධවී Sunday, 20 March 2016 04:58 AM

ඉදිරියේදී බේකිරි වැහෙන තත්ත්වයටම පත්වෙයි.(හේ)

:       0       0

ලලිත් Saturday, 19 March 2016 12:55 AM

ලංකාවේ බොහොමයක් සල්ලිකාර මහත්වරුන්ගේ දරුවෝ ඔස්ට්‍රේලියාව නවසීලන්තය වගේ රටවලට ගිහින් ලක්ෂ ගණන් ගෙවලා ඉගෙනගන්නෙත් ඔය බක්කරේ වැඩේම තමයි. කිසි ලැජ්ජාවක් නැතුව එහෙදි බක්කරේ වැඩේ කරනවා. මොකද එහෙ එ්කට බේකර් කියලා ඉංග්‍රීසියෙන් කියන නිසා. එයින් කිහිප දෙනෙක් ලංකාවට ගෙන්වාගන්න පුළුවන් නම්? (නි)

:       0       0

විදුර Sunday, 20 March 2016 04:58 AM

දැන් තරුණ පරපුර මේ වගේ රැකියා වලට අකමැතියි.(හේ)

:       0       0

යසිරු Sunday, 20 March 2016 04:58 AM

අපට ලොකු වැටුපක් දෙනවා නම් අපි කැමැතියි.(හේ)

:       0       0

හරිත Sunday, 20 March 2016 04:58 AM

කවුරුත් නැත්නම් අපි ඒ බේකරි රස්සාව කරනවා.(හේ)

:       0       0

විකුම් Sunday, 20 March 2016 04:58 AM

ලාබයක් නැත්නම් ඉතින් බේකරි කරලා වැඩක් නැනේ.(හේ)

:       0       0

සුජිත් Sunday, 20 March 2016 04:58 AM

ලංකාවේදී මිනිස්සු ඇතැම් රැකියාවන් කරන්න අකමැති සිංහල වචන නිසා නොවේ මෙහේ තියන උග්‍ර පන්ති බෙදේ නිසා. නිකන් හුදු සිංහල වචන හරඹයකට ආණ්දලා මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ.මොකෝ ලංකාවේ උග්‍ර පන්ති බෙදේ නිසා සමහර මිනිස්සුන්ට කසාදයක් වත් කරගන්ට බෑ (හේ)

:       0       0

සුකිරි Sunday, 20 March 2016 04:59 AM

ලංකාවේදී මිනිස්සු ඇතැම් රැකියාවන් කරන්න අකමැති සිංහල වචන නිසා නොවේ මෙහෙ තියන උග්‍ර පන්ති බෙදේ නිසා. නිකන් හුදු සිංහල වචන හරඹයකට ආණ්දලා මිනිස්සුන්ට බැනල වැඩක් නැහැ. මොකෝ ලංකාවේ උග්‍ර පන්තිබෙදේ නිසා සමහර මිනිස්සුන්ට කසාදයක් වත් කරගන්ට බෑ. (ර)

:       0       0

සරත් Sunday, 20 March 2016 05:15 AM

රුවන්ට ටිකක් හිතුවොත් ලලිත් කියපු දේ තේරෙයි. අපේ මිනිස්සු ලංකාවේදී ඒ රස්සාව අවතක්සේරු කරන එක ගැනයි ඒ කියන්නේ. පිටරටදී එකවිදිහකටත් තමන්ගේ රටේදී එක විදියකටත් හිතන එක නිසා තමයි අපේ රට තවමත් පහත අඩියක තිබෙන්නේ. පිට රට වලදී කරන විදියටම ලංකාවේදීත් ඒ සේවය ලබා දෙනවා නම් ලංකාවත් සුරපුරයක්. (ර)

:       0       0

ලේක්කෝ ගලබඩ Sunday, 20 March 2016 10:01 AM

මම පොඩිකාලේ අපේ ගමට උදෙන්ම පාන් බයිසිකලයකින් බෙදපු බක්කරේ මාමාගේ උණු පාන් සමඟ ලැබෙන සම්බෝලේ රස මට තාමත් මතකයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site