X Advertisement
IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


‘සහන ණය සිරිලකට දැන් අමාරුයි’

යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතීන්ට දැරීමට සිදුවිය ඇති අධික වියදම නිසා වර්ධනය වී ඇති ආර්ථික පීඩනය අවම කර ගැනීමට සහනදායී ක‍්‍රම යටතේ මුදල් ලබා ගැනීමේ මාර්ග සොයාගැනීමට ශී‍්‍ර ලංකාවට සිදුව ඇතැයි මුදල් හා ක‍්‍රමසම්පාදන අමාත්‍යංශය ශී‍්‍ර ලංකාවේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් 2013 වසර සදහා නිකුත් කර ඇති වාර්තාවේ දැක්වේ.

එම වාර්තාවේ සදහන් පරිදි ශී‍්‍ර ලංකාව සිටින්නේ රටෙහි කි‍්‍රයාත්මක වන යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතී මෙහෙයවන රටවල් හා ආයතනයන් හා සහනදායී ක‍්‍රම යටතේ ආධාර ලබා ගැනීම සදහා සාකච්ඡා පවත්වමිනි.චීනය,ජපානය වැනි රටවල්ද ලෝක බැංකුව,ආසියා සංවර්ධන බැංකුව වැනි ආයතනයන්ද මේවා අතර සිටී.

ශී‍්‍ර ලංකාව අඩු ආදායම්ලාභී රටක තත්ත්වයේ සිට අඩු මධ්‍ය ආදායම්ලාභී රටක තත්ත්වයට අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් දැන් වර්ග කර තිබීම නිසා සහනදායී ක‍්‍රම යටතේ ආධාර ලබාගැනීමට ශී‍්‍ර ලංකාවට දුෂ්කර වී තිබේ.

ශී‍්‍ර ලංකාවේ සමස්ත ණය බර රුපියල් ටි‍්‍රලියන 6.79 කි.

2008 - 2013 අතර කාලයේ සංවර්ධන ව්‍යාපෘතීන් සදහා ඩොලර් බිලියන 15.38 ක ආධාර ශී‍්‍ර ලංකාව ලබාගෙන ඇත.රටට වැඩි බරක් නොදැනෙන පරිදි මුදල් ආපසු ගෙවීම සිදුකෙරෙමින් පවතින බව අමාත්‍යංශය කියයි.

2017 වසර වන විට ගෙවීමට නියමිතව ඇති ණය සදහා ඩොලර් බිලියන 6 කට අධික මුදල් ප‍්‍රමාණයක් ශී‍්‍රලංකාවට අවැසි වනු ඇතැයි ඇස්තමේන්තු ගත කර තිබේ.



අදහස් (0)

‘සහන ණය සිරිලකට දැන් අමාරුයි’

සෑම් Saturday, 31 May 2014 03:31 AM

"රටට වැඩි බරක් නොදැනෙන පරිදි මුදල් ආපසු ගෙවනවා " කියන එක නම් ඇත්ත තමා. මොකද මේවා ආපසු ගෙවන්නෙත් නැවත පිටරටින්ම ණය අරගෙන නේ. ඉතින් රටට බරක් වෙන්නේ කොහොමද? (ස)

:       0       0

සේන Saturday, 31 May 2014 06:38 PM

අපිනේ දන්නේ තිබෙන අපහසුකමක තරම... (නි)

:       0       0

සහන් Monday, 02 June 2014 12:48 AM

ප්‍රමාද වී හෝ මෙය වැටහීම ගැන සතුටුයි (නි)

:       0       0

පෙරේරා Tuesday, 03 June 2014 02:19 AM

එතකොට ඔය එක එක වාර්තාවල ලංකාවේ ආර්ථිකය ඉතාමත් හොඳය කියන කතාව මොකක්ද?(නදී)

:       0       0

ලලිත් - එස්.එල් Tuesday, 03 June 2014 01:59 PM

අනේ මන්ද කිරිපිටි නම් වැඩිවෙන හැඩ පේනවා.(නදී)

:       0       0

ජයාන් Tuesday, 03 June 2014 02:51 PM

දකුණු ආසියාවේ තිබෙන අඩුම ආදායම් ලබන එකම රට ශ්‍රී ලංකාව වෙන්න ඇති (නි)

:       0       0

රංජිත් සිල්වා Wednesday, 04 June 2014 01:16 PM

එතකොට අර ඇමතිතුමෙක් කියල තුබුන දෙය හරි නේද? අඩු පොලියට නය ගන්න බලන්නේ නැතුව ඔහේ ගන්න ක්‍රමය වෙනස් කරන්න. බඩු මිල අඩු කරන්න බැරිනම් පඩියවත් වැඩි කරන්න වියදම් පියවා ගන්න. (නදී)

:       0       0

සඳුන් Friday, 06 June 2014 11:04 AM

සහන ණය ගන්න බැරි නම් වැඩි පොලියට ගමුකෝ. (නදී)

:       0       0

සෑම් Friday, 06 June 2014 02:01 PM

මීට අවරුදු තිහ හතළිහකට පෙර ළමා පත්‍රයක තිබුණ කතාවක් මතක් උනා. එක මිනිහෙක් කෙනෙකුගෙන් සතියකින් ආපසු දෙන බව කියා මුදලක් ණයට ඉල්ලා ගෙන වියදම් කර ගත්තාලු. ඒකේ ණය බේරිය යුතු දවසේ වෙන කෙනෙකුගෙන් මුදල් ඉල්ලා ගෙන ණය බේරුවාලු. නැවතත් දෙවන පුද්ගලයාගේ ණය බේරන්න පළමු පුද්ගලයාගෙන් ණයට සල්ලි ඉල්ලා ගත්තාලු. නියමිත දිනයට නොවරදවා ආපසු දෙන නිසා ඔහුත් මුදල දුන්නාලු. ඒකෙන් නැවතත් ණය බේරුවාලු. මේ විදියට හත් අට ගමනක් දෙපැත්තට ණය වෙවී නියමිත දිනට ණය බේරුවාලු. පසු දිනක ණයට මුදල් දෙන මිනිසුන් දෙදෙනාටම එන්න කියලා අර පළමු පුද්ගලයා කිව්වාලු ""මෙච්චර කලක් ඔය දෙන්නාගේ මුදල් මම ඒ අතට මේ අතට ගෙනිච්චා. දැන් ඉතින් මම මේකට මැදිහත් වෙන්න ඕනේ නැහැ. හැම සුමානේකම නියමිත දිනේට ඔයා මෙයාට මුදල් දෙන්න එයත් නියමිත දිනේට ඔයාට දේවි කියලා. අපිටත් ඉන්දියාවටයි චීනේටයි එහෙම කරන්න පුළුවන් නම් ගොඩේ ගොඩ. (ස)

:       0       0

රමේෂ් Saturday, 07 June 2014 12:44 PM

යටි තල සංවර්ධනය. හැබයි අපිට ආදරේට නෙවෙයි .එයාලට ගැන හොයාගන්න ඕන නිසා හතර අතේ ණය වෙලා. අපිට තියෙන්නේ නිවන් දක්නා ජාති දක්වා ණය ගෙවන්න තමයි.(අ)

:       0       0

ශාන සෞදි Saturday, 07 June 2014 03:40 PM

මෙහෙම ලංකාව රජය සහන නය අරන් ජනතවට හොදටම බරපතලයි (දී)

:       0       0

චමින්ද Sunday, 08 June 2014 03:41 PM

ඕස්ට්‍රේලියානු රජය අරගෙන තියෙන ණය වල ප්‍රමාණයට,මාසෙකට පොලිය විතරක්, ඩොලර් බිලියන 1 ක් ගෙවනවා කියලා මම පත්තරයක කියෙව්වා. බලනකොට හැමෝම ණයට අරගෙන.මම අහලා තියෙන විදියට ඇමරිකාව තමයි ලෝකයේ ඉන්න ලොකුම ණය කාරයා. (ස)

:       0       0

නුවන් Thursday, 12 June 2014 03:46 PM

චමින්ද,ඕස්ට්‍රේලියා රජය ණය අරන් තියෙන්නේ පියවන්න මාර්ග තියෙන නිසා.ඔවුන්ගේ අපනයන ඉතා ඉහළ මට්ටමක තියෙනවා.නිෂ්පාදනය වගේම.ඒ නිසා අපේ රටත් එක්ක සංසන්දනය කිරීම වැරදි.(දිල්)

:       0       0

රොකී Monday, 16 June 2014 08:17 AM

ලෝක බැංකුවට වුනත් ණය දෙන්න තරම් සල්ලි හම්බු කර ගත්තු ගරු උතුමාල අපේ රටේ ඉන්න පුළුවනි. උන්නැහේලා හොර ජාවාරම් කරලා, කුඩු, එතනෝල් බිස්නස් කරලා කොමිස් ගහලා ගම කාලා රට උගස් තියලා පිටරට බැංකුවල ගබඩා කරලා තියන සල්ලිවලින් ණය ගහන්න බැරි වෙන එකක් නැහැ නේද? ඊට පස්සේ ඒ සල්ලි වලින් පුළුවනි ගරු උතුමලාට අහසින් වඩින්න. ගුවන් යානා ටිකක් අරන් ඒ ගනුදෙනුවෙනුත් කොමිස් පාරක් ගහන්න! (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site