X Advertisement
IMG-LOGO

2025 මැයි මස 12 වන සඳුදා


‘‘අයවැයේ ඡන්ද ගුණ්ඩු නෑ‘‘

මෙවර ඉදිරිපත් කෙරෙන අයවැය රටෙහි අනාගත ආර්ථික සංවර්ධන කි‍්‍රයාවලිය ඉලක්කකර ඉදිරිපත් කෙරෙන්නක් විනා ඇතැමුන් පවසන ආකාරයට ඡන්ද ගුණ්ඩු මල්ලක් නොවන බව ජනාධිපති උපදේශක හා මහා භාණ්ඩාගාරයේ ලේකම් පී.බී ජයසුන්දර පවසයි.

ඔහුට අනුව අයවැයෙන් සියයට 8.2 ක ආර්ථික වර්ධන වේගයක් අත්පත් කරගැනීම හා රටේ නිෂ්පාදිතය හා ලබාගෙන ඇති ණය අතර පරතරය සියයට 4.4 ක් දක්වා පහත හෙළීම ඉලක්ක කර ඇත.

ආර්ථික සංවර්ධනය වෙනුවෙන් යොදාගත හැකි මහා පරිමාන ව්‍යාපෘතීන් වෙත මෙවර අයවැයෙන් වැඩි ඉඩක් වෙන්ව ඇති බව සඳහන් කරන මහා භාණ්ඩාගාර ලේකම් වරයා ගල් අඟුරු බලාගාර,අධිවේගී මාර්ගයන්,දුම්රිය මාර්ගයන්,නගර සංවර්ධනය කිරීම් ආදී ව්‍යාපෘතීන් ඉදිරියටත් කි‍්‍රයාත්මක කෙරෙනු ඇති බව කියයි.

මහබැංකු වාර්තා වලට අනුව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පාලනය ආරම්භ කළ 2005 වසරේ සිට මේ දක්වා ගතව තිබෙන කාලයේ රටේ නිශ්පාදනය හා ලබාගෙන ඇති ණය අතර පරතරය සියයට 90 සිට සියයට 78.3 ක් දක්වා පහත හෙළීමටත්, වසර 5 ක් පුරාවට උද්ධමනය අංක එකක අගයකින් යුතුව පවත්වාගැනීමටත්, ණය සඳහා පොලී පහත හෙළීමටත් හැකිව ඇත.

රජයේ පැත්තෙන් එසේ පැවසුණත් රජය බොරු අගයන් මවා පාමින් රටේ ජනතාව රවටමින් සිටී යැයි විපක්ෂය චෝදනා කරයි.

ආර්ථික විශේෂඥයින්ද මත පළකරමින් පවසා සිටින්නේ ජනාධිපතිවරණයක් ළඟ එන බැවින් කොතෙක් කීවද මෙවර අයවැයෙන් ජනතාවට සහන ලැයිස්තුවක්ම ලබාදීමට රජය කටයුතු කරනු ඇති බවයි.



අදහස් (0)

‘‘අයවැයේ ඡන්ද ගුණ්ඩු නෑ‘‘

විරාජ් Monday, 13 October 2014 02:39 AM

පෙට්‍රල් මිල බහිනවා, ගෑස් මිලත් පහළ යනවා, අරක්කු මිල නගිනවා, සිගරට් මිල උඩට යනවා. ඉතින් මේවා මොන ගුණ්ඩුද කියන්නකෝ.... පැට්‍රල් හදිසියේම පහළ දැම්මේ ඇයි? මට තේරෙන්නෙ නැහැ ඇයි කියලා (නි)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 13 October 2014 04:25 AM

අයවැයෙන් සහනවත් ගුණ්ඩුවත් නැතුවට අපිට කමක් නැහැ. අර වයඹ සහ ඌවට වගේ අපිටත් මුකුත් තෑගි නොදුන්නොත් ඡන්දෙ නම් දෙන්නේ නැහැ කාටවටත්ම. (නි)

:       0       0

ශාන්ත Monday, 13 October 2014 07:11 AM

අපිට ඡන්ද ගුණ්ඩු අවශ්‍ය නැහැ.අවුරුදු ගණනාවක් තිස්සේ පොඩි මිනිස්සු බලාගෙන ඉන්න දේවල් තියනවා. ඒවා ඉටුකළාම ඇති. (නි)

:       0       0

වින්සන්ට් Monday, 13 October 2014 03:00 PM

ගල් අගුරු බලාගාර, දුම්රිය මාර්ග ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් වෙනවා ඇත. අදිවේගී මාර්ග,නගර අලංකාරයට වඩා මුල්තැන ලබා දිය යුතු සංවර්දන කටයුතු රටේ නැතිද? දින දෙකක් වැස්සොත් වාහනයක් නොයන මාර්ග ගම්වල කොපමණ තිබෙනවාද? වාහනයක් පැමිණිය හැකි තැනට තේ දළු ගෝනිය හෝ තමන්ගේ ගොවි නිෂ්පාදන කරතියා ගෙන කිලෝමීටර් කිහිපයක් පැමිණෙන ගොවින් කොපමණ රටේ සිටිනවාද? උද්ගෝසන පවත්වා බලදාරීන්ට හඩා වැටුනත් මීටර් සියක් පාර සාදා ගැනීමට නොහැකි රටක මේවගේ මහා පරිමාන අදිවේගී මාර්ග තැනීමට මුල් තැන ලබා දෙන්නේ,ගම සංවර්ධනය වී සියලු යටිතල පහසුකම් ලබා දී අවසන් කර ඇතැයි සිතන නිසාද?(අ) "

:       0       0

ගාමිණී සිරිවර්දන Monday, 13 October 2014 04:10 PM

ජනතාවට අත්‍යාවශ්‍ය සීනි,පිටි.සහල්,කිරිපිටි ,පරිප්පු මිලද අඩුවිය යුතුයි. රබර් කිරි මිල පහළටම ගිහිල්ලා.ඇයි ටයර්,ටියුබ් වලට පාලන මිලක් නැත්තේ? සිමෙන්ති,යකඩ ,වැලි ,බ්ලොක් ගල් මිල ඉහළයි.පැල්පත් හිමියා හැමදාම පැල්පතේ.චන්ද ගුණ්ඩු කෙසේවෙතත් ගමේ ගොඩේ දැන් කියන්නේ චක්.. ගුඩු.. ගහනවා කියලයි ! (නි)

:       0       0

හේමන්ත Monday, 13 October 2014 04:46 PM

අපිටත් ගුණ්ඩු නම් ඕනෑ නැහැ (නි)

:       0       0

නිශාන්ත Monday, 13 October 2014 04:50 PM

ගුණ්ඩු අවශ්‍ය නැහැ. ආර්ථසාධක අරමුදලේ සියයට තිහ නිදහස් කිරීම,1994ට විශ්‍රාම ගිය අහිංසකයන්ගෙන් අදට ජීවත්වෙන කීපදෙනාටවත් හිඟ මුදල් සහිතව විෂමතාව නිවරුදි කිරීම, සුළු සේවකයන්ට සාධාරණ මුලික වැටුපක් යන කරුණු ඉටුකළොත් අපි සතුටුයි. රගර් මැච්,කාර් රේස්,විදේශීය ගායකයන්ගේ සංදර්ශන අපට අවශ්‍ය නැත. (නි)

:       0       0

වින්සන්ට් Monday, 13 October 2014 08:32 PM

ගල් අඟුරු බලාගාර, දුම්රිය මාර්ග ආර්ථික සංවර්ධනයට ඉතා වැදගත් වෙනවා ඇත. අධිවේගී මාර්ග,නගර අලංකාරයට වඩා මුල්තැන ලබා දිය යුතු සංවර්ධන කටයුතු රටේ නැද්ද? දින දෙකක් වැස්සොත් වාහනයක් නොයන මාර්ග ගම්වල කොපමණ තිබෙනවාද? වාහනයක් පැමිණිය හැකි තැනට තේ දළු ගෝනිය හෝ තමන්ගේ ගොවි නිෂ්පාදන කරතියාගෙන කිලෝමීටර් කිහිපයක් පැමිණෙන ගොවින් කොපමණ රටේ සිටිනවාද? (නි)

:       0       0

විදුර Tuesday, 14 October 2014 08:43 AM

හිතට එකගව වැඩ කරන්න පුලුවන්නම්, කිසිම ප්‍රශ්නයක් නැහැ.(හේ)

:       0       0

වසන්ති Tuesday, 14 October 2014 09:34 AM

අපිට සහන දුන්නොත් අපි ඡන්දේ දෙනවා.(හේ)

:       0       0

නාලක Friday, 17 October 2014 03:18 AM

අපිට ඕවා නොදී ඉන්න එපා අපේ දෙයියෝ. අපි මැරෙයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සුපර් කිං ඩිටර්ජන්ට් සමාගමට LBA සම්මානය
2022 නොවැම්බර් මස 29 240 0

විෂ බීජ නාශක සහ පිරිසුදුකාරක නිෂ්පාදනයේ සහ අලෙවියේ නැඟි එන ව්‍යාපාරයක් වන Super king Detergents සමාගම Lanka Business Awards (LBA) සම්මාන උළෙලේ දී සුළු හා මධ්‍යම පරිමාණ කාණ්ඩයේ වසරේ


විෂන් කෙයා සිය නවතම ශාඛාව අතුරුගිරියේ
2022 නොවැම්බර් මස 28 749 0

විෂන් කෙයා ආයතනය සිය නවතම ශාඛාව, 175/3 D, පෝරේ, අතුරුගිරිය ලිපිනයෙහි පිහිටි මෙඩිහෙල්ප් රෝහලේ දී විවෘත කරන ලදී. මෙම විවෘත කිරීමේ උත්සවයට විෂන් කෙයා හි කළමනාක


ශ්‍රී ලංකන් ගුවන් සේවය APEX වෙතින් විශිෂ්ටතම සම්මාන
2022 නොවැම්බර් මස 25 348 0

සිංගප්පූරුවේ පැවති 2023 APEX passenger Choice Awards සම්මාන උළෙලේ දී දකුණු ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවා ආහාර පාන සහ ආසන පහසුව සඳහා වූ සම්මානයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පස


ද ආසියාවේ නැගී එන විශිෂ්ටම සරසවිය
2022 නොවැම්බර් මස 24 769 0

SDI කැම්පස් දකුණු ආසියානු ව්‍යාපාර විශිෂ්ටතා 2022 සම්මාන උළෙලේ දී SDTI කැම්පස් (නිපුණතා සංවර්ධන හා පුහුණු කිරීමේ ජාත්‍යන්තර ආයතනය) දකුණු ආසියාවේ නැගී එන විශි


LOLC ෆිනෑන්ස් මහනුවර තවදුරටත් ව්‍යාප්ත වෙයි
2022 නොවැම්බර් මස 23 399 0

LOLC ෆිනෑන්ස් මහනුවර සිය පියසටහන් තවදුරටත් පුළුල් කරමින්, මේ වසර මුලදී සමූහය විසින් අත්පත් කරගත් සුවිශේෂී ස්ථානයක ‘මහනුවර නගර ශාඛාව’ ස්ථාපිත කළේය. මහනුව


කැලණි සවිය’ තවත් පස් වසරකින් දීර්ඝ කරයි
2022 නොවැම්බර් මස 22 366 0

කැලණි කේබල්ස් සමාගමේ සම්මානනීය ආයතනික සමාජ සත්කාරක වැඩසටහනක් වන ‘කැළණි සවිය’ තවත් පස් වසරකින් පසුගියදා දීර්ඝ කෙරුණි. මෙම ‘කැලණි සවිය’ එක් අවුරුදු වි


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site