X Advertisement
IMG-LOGO

2025 පෙබරවාරි මස 24 වන සඳුදා


කොවිඩ් රෝගී දරුවකු නිවසේදී රැක බලා ගන්නා අයුරු

(බොරැල්ල, රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා)

කොරෝනා වයිරසය හමුවේ තරුණ, වැඩිහිටි සේම කුඩා දරුවන්ද මේ වනවිට ආසාධිතයෝ බවට පත්වෙමින් සිටිති, විශේෂයෙන් කුඩා දරුවන්ට කොරෝනා වයිරසය ආසාදනය වුවහොත් නිවසේදී ඔවුන්ව රැක බලා ගන්නා අන්දම, ප්‍රතිශක්තිය වඩවන ආහාර පාන සහ අතුරු ආබාධ පහත ලිපියෙන් සාකච්ඡා කෙරේ.

කොවිඩ් ආසාධිත දරුවන් නිවසේදී රැකබලා ගන්නා අයුරු

පළමුකොටම අප මතක් කර දිය යුතු වන්නේ රෝගී දරුවාට සුවපත් වීම සඳහා නින්ද, විවේකය සේම පෝෂ්‍යදායී ආහාර වේලක් අත්‍යවශ්‍ය බවයි.

රෝගී ලක්ෂණ නොපෙන්නුවද දරුවා කොරෝනා ආසාධිතයකු නම් නිවසේ පිරිසගෙන් වෙන්වූ ස්ථානයක, කාමරයක දරුවා රඳවා තබන්න. මනාව හිරු එළිය වාතාශ්‍රය ලැබෙන ස්ථානයක් මේ සඳහා උචිතය. රෝගී දරුවා සමග ගනුදෙනු කළ හැක්කේ මවට හෝ පියාට පමණි. ඔවුන් දෙදෙනාද නිදන්ගත රෝග නොමැති වඩාත්ම නිරෝගී කෙනාට රෝගී දරුවාගේ කටයුතු සඳහා සම්බන්ධ වීමට පුළුවන.

දරුවා අවුරුදු 02ට වඩා වැඩිනම් ඔහුහට මාස්ක් එකක් පැළැඳිය හැකියි. ඔහු හා සම්බන්ධ වන මව හෝ පියා නිවැරැදිව මාස්ක් 02ක් පැළැඳිය යුතුවේ. දරුවා හමුවට යන කවර අවස්ථාවකදී වුව මාස්ක් 02 පැළැඳ සිටිය යුතු අතර ඔහුගේ අසූචි, මුත්‍රා සේම ඉවත් කරන ඇඳුම් පැළැඳුම් භාවිත කරන පිඟන් , කෝප්ප, ඇඳ ඇතිරිලි , තුවාය වැනි දෑ හොඳින් සෝදා පිරිසුදු කළ යුතුය. දරුවාගේ කාර්යභාරවලින් ඉනික්බිති තමාද හොඳින් දෑත් පිරිසුදු කර ගත යුතුය. රෝගී දරුවා නිවැසියන් සමග කටයුතු කිරීමේදී මීටරයක දුර පවත්වා ගැනීම, සෙස්සන්ද මාස්ක් එක පැළැඳ සිටීම අනිවාර්ය වේ. එසේම ඔහුට නිවසේ සෑමතැනම රිසි සේ ඇවිදීමට ඇති නොහැකියාවත්, අන් අයගේ බඩු භාහිරාදිය ස්පර්ශ නොකරන මෙන් ආදරයෙන් කියා දෙන්න. නිදන්ගත රෝග ඇති වයෝවෘද්ධ පුද්ගලයන් සේම කුඩා දරුවන් නිවසේ සිටී නම් දරුවා ඔවුන්ගෙන් ඈත් කර තබන්න. මේ කාලය තුළදී නිවැසියන් පිටස්තර නිවෙස්වලට යාමත් බාහිර පුද්ගලයන් නිවසට යාම ඒම නොකළ යුතුයි.

රෝගී දරුවාගේ පෝෂණය

මාස 06ට අඩු දරුවකුට එය සම්ප්‍රේෂණය විය හැකි ප්‍රධානතම මාර්ගය තම මවුපියන් ආසාධිතයන් වීමෙනි. එවන් දරුවකුට ප්‍රතිශක්තිය ලැබෙන ප්‍රධානම දේ මවුකිරි පමණි. ඒ හැර වෙනත් කිසිදු දෙයක් දරුවාට ලබා නොදෙන්න. කෙසේ වුවද මුල් මාස 06 මවු කිරි පමණක් ලබා දීම වෛද්‍ය නිර්දේශයද බැවින් ලෙඩ රෝගාදියට එරෙහිව සටන් කිරීමේ හැකියාව මවු කිරිවල ඇත.

උණ හෝ වයිරස් තත්ත්වයකදී එසේත් නැත්නම් වෙනත් අසනීප තත්ත්වයකදී දරුවාට ඒ සඳහා ඔරොත්තු දීමට සමබල, සමතුලිත ආහාර වේලක් අත්‍යවශ්‍යයි. කොරෝනා තත්ත්වයේදී වුවද එය එසේමය.

ඒ අනුව කාබෝහයිඩ්ඩ්‍රේට්, ප්‍රෝටීන, ලිපිඩ අඩංගු ආහාර සේම ක්ෂුද්‍ර පෝෂක එනම් විටමින්, ඛනිජ ලවණ අඩංගු ආහාර වේලක් දරුවාට මේ කාලයේදී ලබාදීම යෝග්‍ය වේ. විටමින් ‘ඒ‘,විටමින් ‘බී‘,විටමින් ‘සී‘,විටමින් ‘ඩී‘, විටමින්‘ඊ‘ සහ විටමින්‘කේ‘ඇතුළත් වන පරිදි සින්ක් යකඩ සහ කැල්සියම් අහාරද ඇතුළත් කළ යුතුයි. ඉහත පෝෂක කොටස් දරුවාගේ පෝෂණය සම්බන්ධයෙන් ඉතා වැදගත් මෙහෙවරක් ඉටු කරයි.

සාමාන්‍යයෙන් දරුවා රෝගීව සිටින මේ අවදියේදී ප්‍රධාන ආහාර වේල් 02ක් වන පරිදි සියලුම ආහාර වේල් 05ක් වන පරිද්දෙන් දිනක පෝෂණ අවශ්‍යතාව පිරිමැසිය යුතුයි.

නිවසේදී පිසින ලද ආහාර පමණක් හොඳින් රත්කර දරුවාට ආහාරයට ලබා දෙන්න. ඒ වගේම මඳ උණුසුම් ජලය පානය කිරීමටත් හුරු කරවන්න. ඒ අතරට දෙහි,දොඩම්,නාරං,බැදි හාල් කැඳ,ජීවනී වැනි දියර වර්ග ලබා දෙන්න. කිසි විටෙකත් දරුවා විජලනය වගේ තත්ත්වයකට පත් නොවීමට වග බලා ගන්න.

දරුවාගේ රෝග ලක්ෂණ ගැන විමසීමෙන් සිටින්න

දරුවා වෙතින් පහළ වෙන හිසරදය, උණ,කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, සමහරුන්ට බඩඑළිය යාම,පාචනය, ඇඟපත රුදාව,සෙම ගතිය වැනි රෝග ලක්ෂණ වර්ධනය වීම කෙරෙහි මවුපියන් දැඩි අවධානයකින් පසුවන්න.

උණ ඇත්නම් නියමිත පැරසිටමෝල් මාත්‍රාව පැය 06න් 06ට ලබා දෙන්න. දරුවාගේ රෝග ලක්ෂණ අනුව වෛද්‍ය උපදෙස් මත පමණක් ඖෂධ ලබා දිය යුතුයි.

අතුරු ආබාධ ගැනත් සැලකිලිමත් වන්න

කුඩා දරුවන්ට රෝගී තත්ත්ව ගැන කීමට තරම් හරිහැටි අවබෝධයක් නැත. එය තේරුම් ගනිමින් මවුපියන් නිරන්තරයෙන් දරුවාගේ රෝග තත්ත්වය ගැන විමසිල්ලෙන් පසුවන්න. අතුරු ආබාධ ලෙස රුධිරයේ කැටි ගැසීමක් පවතීද, පෙනහළුවල නිව්මෝනියා තත්ත්වයක් ඇති වුව හොත් එය ද්විතීක බැක්ටීරියා ආසාදනයක් විය හැකිය. එවිට දරුවාගේ රුධිර පරීක්ෂණයක් සඳහා යොමු කෙරේ. හුස්ම ගැනීමේ අපහසුතාවක් පවතී නම් එක්ස් රේ පරීක්ෂණයක් සඳහාද යොමු කෙරේ. ඒ අනුව කෘතිම ස්වසනය ලබා දීමට පවා සිදුවේ. සමහර අවස්ථාවලදී ප්‍රතිජීවක ඖෂධ ලබා දීමට නිර්දේශ කෙරේ.

දරුවාගේ පවතින රෝග ලක්ෂණවල යම් වර්ධනයක් හුස්ම ගැනීමේ අපහසුතාවක් දැඩිව පෙන්නුම් කරයි නම් ළඟම ඇති රජයේ රෝහලක් වෙත වහාම දරුවා රැගෙන යන්න.

ප්‍රතිශක්තීකරණයට දරුවන්ටත් එන්නත්

වයිරසයේ බලපෑමෙන් ආරක්ෂා වීමටත්, ප්‍රතිශක්තීකරණය වැඩි කර ගැනීම උදෙසාත් විදේශ රටවල නම් අවුරුදු 12ට වැඩි ළමයින් උදෙසා ෆයිසර් එන්නතත්, අවුරුදු 16ට වැඩි ළමයින් සඳහා සයිනොෆාම් එන්නතත් ලබා දෙයි. ඒ අනුව මෙරටේ දරුවන්හටත් සාර්ථක එන්නත්කරණ වැඩපිළිවෙළක් කාලීන අවශ්‍යතාවකි. මෙයාකාරයෙන් දෛනිකව වාර්තා වෙන රෝගී සංඛ්‍යාව අඛණ්ඩව වර්ධනය වුවහොත් සෞඛ්‍ය අංශ , රෝගීන් පවා පත් වන්නේ දැඩි අසීරුතාවකටයි. ඉදිරියේදී මෙය තවත් රැල්ලක් ආකාරයෙන් වුවද පැමිණිය හැකියි.

-සටහන- මාධවී ධර්මරත්න

 



අදහස් (0)

කොවිඩ් රෝගී දරුවකු නිවසේදී රැක බලා ගන්නා අයුරු

ඔබේ අදහස් එවන්න

සුව දිවියට අත්වැලක්

වඳුරු පැපොලෙන් වලකින්නේ කොහොමද?
2022 නොවැම්බර් මස 25 420 0

ලොව සෙසු රටවල වඳුරු පැපොල රෝගයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හමුවේදී අපි විටින් විට මෙකී රෝගය ගැන ඔබව දැනුම්වත් කළෙමු. ඒ වනවිට කිසිඳු ආසාදිතයකු මෙරටින් වාර්තා නො


කැස්ස, හෙම්බිරිස්සාව සහ උණෙන් වලකින අයුරු
2022 නොවැම්බර් මස 23 1339 0

මේ දිනවල කැස්ස, හෙම්බිරිස්සාව මෙන්ම වයිරස් උණ ආදී රෝග තත්ත්ව ඉතා ඉක්මනින් පැතිරී යන වකවානුවකි. අධික වැස්ස, සීතල දේශගුණය බොහෝ පුද්ගලයන් රෝගී වීමට හේතුව


විලාසිතා කරමු: සනීපාරක්ෂාව රැකගමු
2022 නොවැම්බර් මස 17 1673 0

තම සුවතාව රැක ගත යුත්තේත්, පවත්වා ගත යුත්තේත් අප විසින්මයි. සුවතාව ගිලිහුණු විටෙකදී විවිධ ලෙඩ රෝගවලට ගොදුරු වීමට , දෛනික ජීවන රටාවෙන් බැහැර වීමට , මානසි


’’දැනුවත් වෙමු, ආරක්ෂා වෙමු: රැකුමට සුවය හෙට දින’’
2022 නොවැම්බර් මස 14 808 0

අද( 14) ලෝක දියවැඩියා දිනයයි. මෙවර තේමාව වන්නේ ‘ දැනුවත් වෙමු, ආරක්ෂා වෙමු. රැකුමට සුවය හෙට දින‘ යන්නයි. බෝ නොවන රෝගයක් වශයෙන් දිනෙන් දිනම දියවැඩියා රෝගයට ග


හදිසි අනතුරු වලකන එදිනෙදා සරල පුරුදු
2022 නොවැම්බර් මස 11 873 0

අපි හිතාමතා නොකරන, අපේ අවධානයෙන් ගිලිහෙන පොඩි දේවලින් පවා බොහෝ විට අනතුරු සිදු වේ. විශේෂයෙන් කාන්තාවන් අතර පවා අනතුරු සිදු වීමේ වර්ධනයක් දක්නට ලැබේ. එම


වයිරස් උණක් පැතිරෙනවා: සැලකිලිමත් වන්න
2022 නොවැම්බර් මස 09 1568 0

විශේෂයෙන්ම මේ කාලයේදී වැඩිපුර වයිරස් රෝගවල ව්‍යාප්තියේ දැඩි බවක් පෙන්නුම් කොට ඇත . ඒ අනුව මේ දිනවල බහුලව කුඩා දරුවන් අතර වයිරස් උණ රෝගී තත්ත්වයක් එනම්


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site