X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 26 වන බ්‍රහස්පතින්දා


අතවර සිද්ධියේ සැකකරු සරම දමා ගෙදර ගිහින්

(ගම්පොල සුරංග රාජනායක)
රාත‍්‍රී කාලයේ නිවසට ඇතුළු වූ පුද්ගලයකු එහි නිදා සිටි දෙදරු මවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කර යට ඇඳුම හා සරම දමා පලා ගොස් තිබිය දී මහනුවර නිල සුනඛ අංශයේ නයිනා එම සැකකරු අල්ලා දීමට සමත්ව ඇත.


මෙම දෙදරු මවගේ සැමියා වෙනත් කාමරයකත් දරුවන් සමග ඇය තවත් කාමරයකත් නිදාගෙන සිටිය දී සැකකරු රාත‍්‍රී 1 ට පමණ නිවසේ ජනේලයෙන් පැනවිත් ඇයට මෙසේ අතවර කර ඇති බව පැමිණිල්ලේ සඳහන් වේ.


බිරියගේ කාමරයෙන් ඇසුණු ශබ්දයකට ඇහැරී පැමිණෙන විට සැකකරු සරම හා යට ඇඳුම දමා පලා ගොස් තිබුණි.


නයිනා සුනඛයා විසින් සැකකරුගේ නිවෙසට ගොස් ඇඳේ නිදා සිටි ඔහු අල්ලා දී ඇත. මොහු එම ගමේම පදිංචිකරුවකු වන අතර සැකකරු ගම්පොළ මහේස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 වැනිදා දක්වා රිමාන්ඞ් කරන ලෙස නියෝග කළේය.


ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගාමිණී පෙරේරා, සහකාර පොලිස් අධිකාරී චූලනී වීරරත්න, පොලිස් ස්ථානාධිපති යාපා බණ්ඩාර, අපරාධ අංශ ස්ථානාධිපති ටී.ආර්. තල්වත්ත යන නිලධාරීන්ගේ උපදෙස් මත උ.පො.ප. මිත‍්‍රසේන, පො.සැ. (6371) බණ්ඩාර, පො.සැ. (28946) රෝහිත, කා.පො.සැ. (759) කමලා යන නිලධාරීහු පරීක්ෂණ සිදුකළහ.



අදහස් (0)

අතවර සිද්ධියේ සැකකරු සරම දමා ගෙදර ගිහින්

චන්ද්‍ර වීරසිංහ Thursday, 26 March 2015 07:21 PM

සුදත්ගේ කවිය නියමයිනේ!! (නි)

:       0       0

නුවන් Tuesday, 24 March 2015 11:00 PM

අනේ ඇත්තට, අද කාලේ අහන්න ලැබෙන දේවල්! (නි)

:       0       0

චන්ද්‍රා Wednesday, 25 March 2015 12:26 AM

මේ ලෝකේ ගැහැණු සියල්ල එක මිම්මෙන් මනින්න එපා දොඩන්ගොඩ. (නි)

:       0       0

හර්ෂ Wednesday, 25 March 2015 03:19 AM

මේ කමෙන්ට් දාපු අය කවුරුවත් ඔය වැඩේ කරල නැද්ද?(නදී)

:       0       0

අජිත් Wednesday, 25 March 2015 01:00 PM

කමෝන් සරත්! හොඳ කවියකින් සංග්‍රහ කිරීම ගැන ඔබට ස්තුතියි. (නි)

:       0       0

සෙලිනා Wednesday, 25 March 2015 05:19 PM

අපි මේ වගේ දෙයකට අදහසක් ලියලා තමයි පුංචි සතුටක් ලබන්නේ (නි)

:       0       0

සුදත් Wednesday, 25 March 2015 09:32 PM

" පුන්සඳ පායා ඇති රැයක. ජනේලයෙන් පැන්නා ගෙයක . දුරුකරගන්නට දුක ශෝක. හැමදාමත් සිදුවිය මේක" (නි)

:       0       0

අරුණ Thursday, 26 March 2015 02:36 AM

ළමයි පව්! (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Thursday, 26 March 2015 07:20 PM

ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන.........ඒකනේ අපි බැන්දේ නැත්තේ! (නි)

:       0       0

නලීන් Tuesday, 24 March 2015 06:30 PM

මේක කියවලා මට නම් හිනාගියා (නි)

:       0       0

‍කෝලිත Thursday, 26 March 2015 07:47 PM

සරම නැතුව කොහොම ගෙදර ගියාද දන්නෙ නැහැ (නි)

:       0       0

සංජීව Friday, 27 March 2015 10:56 AM

මේක ඇවිල්ල අලුත්ම පිචැර් එක. (දිල්)

:       0       0

පෙරේරා Friday, 27 March 2015 11:57 AM

මේ වගේ සිද්ධි කොච්චර වෙනවද?(හේ)

:       0       0

මල්ටි Saturday, 28 March 2015 06:31 AM

රටකට ගිය කල??????? (ම)

:       0       0

දිසානායක Saturday, 28 March 2015 05:46 PM

අහුවෙන කම් පණ දෙන්න ආදරේ. (ත)

:       0       0

සෙනරත් Sunday, 29 March 2015 05:08 PM

අන්දබුත ජාතකය මතක් වෙනවා ....හොද ටොක්කක් අන්නින්න ඊ ළඟ පාර (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Sunday, 29 March 2015 08:26 PM

සරම යට ඇඳුම් ගළවා පැත්තකින් තියා බොහොම විවේකයෙන් සිදුවූවක් නම් මේක අනෝන්‍ය ආදර ගිවිසුමක් මඟින් සිදුවී ඇති බව ඉතා කණගාටුවෙන් ප්‍රකාශ කරමි (නි)

:       0       0

සමිර Monday, 30 March 2015 05:13 AM

වැඩේ කෙසේ වෙතත්.මේ වගේ දක්ෂ නිල සුනඛයෝ රටට ආඩම්බරයක්.(දිල්)

:       0       0

ලලිත් Monday, 23 March 2015 09:44 AM

මේ මවත් පියාත් සහ දරුවනුත් වෙනවෙනම නිදියනබව මේ සරම දමාගිය කෙනා සෑහෙන කාලයක සිට දැනගෙනම තමයි මේ වාදයට එන්න ඇත්තේ හැබැයි මට එ් හොර අහුවුනානම් අද ඔහු රෝහලේ (බ)

:       0       0

සරත් Monday, 23 March 2015 02:53 AM

හොදම වැඩේ නෝනයි මහත්තයයි කාමර දෙකක නිදාගත්තට! නෝනා මේක කාලයක ඉදලා කරගෙන එනවා වාගේ මොකද නැත්තනම් ජනේලය ඇරලා තියන්න ඕනේ නැනේ! (ම)

:       0       0

දුමින්ද Monday, 23 March 2015 02:58 AM

පුදුමයි ගෙදර අයට නොඇහුන එක මෙච්චර හරියක් කරන තුරු (ම)

:       0       0

රෙජි-සිඩ්නි Monday, 23 March 2015 03:01 AM

සැකකරු පලා ගියේ මොන සද්දෙකටද? බිරිඳගේද එහෙම නැතිනම් ළමයින්ගේද? (ම)

:       0       0

කැළුම් Monday, 23 March 2015 03:22 AM

තව ටික දිනකින් ඇත්ත එලි වේවි.මේක අතවරයක් නම් ගෑනි කෑ ගැසුවේ නැත්තේ මොකද.(ම)

:       0       0

රොෂාන් Monday, 23 March 2015 03:56 AM

මහ රෑ ජාමේ ඒ ගෑනුකෙනාගේ මනුස්සයා ආවද නෑත්නම් වෙන කෙනෙක් ආවද කියලා කරුවලේ පේන එකක්යෑ (ම)

:       0       0

සමන් Monday, 23 March 2015 05:11 AM

පුදුමයි යට ඇඳුමක් අැදලා ගිය එක ගැන (ම)

:       0       0

ආනන්ද Monday, 23 March 2015 05:47 AM

ඇඳුම් දෙකේම අයිතිකාරයා එක්කෙනෙක්ද? (ත)

:       0       0

කළු මල්ලි Monday, 23 March 2015 06:08 AM

ස්ත්‍රී දූෂකයින්ගේ යට ඇඳුම් සහ සරම් ඉඹීම තම රාජකාරිය වීමට තරම් ඔවුන් කළ පාපකර්මය මොකක්ද? (ත)

:       0       0

විපුල Monday, 23 March 2015 02:52 AM

පුදුම වැඩක්, ස්වාමි පුරුෂය ගෙදර ඉඳිද්දී මෙච්චර දෙයක් වෙන්නේ කොහොමද ?. පේනවට වඩා දෙයක් මේකේ තියනව වගේ ...(ම)

:       0       0

ධම්ම Monday, 23 March 2015 11:41 AM

විස්තරයේ හැටියට මේක අතවරයක් වෙන්න බැහැ. අන්‍යෝන්‍ය අවබෝධයෙන් කල දෙයක්. ශබ්දය ඒ නිසාම පිටවූ එකක්. (අ)

:       0       0

මොහමඩ් ෆාරුක් Monday, 23 March 2015 12:28 PM

ශබ්දය ආතල් එක නිසා පිටවූ එකක් , එය එසේ නොවන්නට මෙය අතවරයක් නොව , දෙදෙනා දෙන කාලයක් සිදුව එති දෙයක් බව මගේ අදහස (අ)

:       0       0

වාසනා Monday, 23 March 2015 01:02 PM

නෝනගේ කාමරේ මේක කියාලා දන්නේ කොහොමද ? සැමියාට මේ ගැන ආරංචි වෙලා සැමියා නිදි විදියට කාමරේට වෙලා හිටියා. මෝඩ ගැහැණිය අහුවුණා. මේ මිනිහ නිතරම මේ විදියට එන කෙනෙක් (නදී)

:       0       0

සමන්ති Monday, 23 March 2015 01:41 PM

මොහමඩ් ට අත් දැකීම් බහුලයි .(නදී)

:       0       0

සරත් Monday, 23 March 2015 03:37 PM

"කැඩුනට පසුව ලනුපොට ළිද දිය ඇද්ද"... "ඒ ලිද වසන සිරිතක් නම් කොහි ඇද්ද"... "කැඩුණු ලනු වෙන්නට වැඩ සිද්ද"... "වෙන ලණුවකින් දිය ඇද්දම වරදක්ද". (නදී)

:       0       0

කකද - ඩුබායි Monday, 23 March 2015 05:09 PM

සරත් ඔබගේ වටහාගැනීම සහ උපමාව හරිම අගෙයි.ඇත්ත මොකක්ද කියල අපිට නම් තේරෙනවා. (ත)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Monday, 23 March 2015 08:15 PM

මිස නොලැබෙන බැවින, ගැහැණු කවුරුද වරදේ නොබැ‍ඳෙන... මේක සිරිරාහුල හිමියන්ගේ කවියක කොටසක් (නි)

:       0       0

සජිනි මදුශානි ඉතාලිය Tuesday, 24 March 2015 04:02 PM

කියන්නා කෙසේ කිවුවත් අසන්නා සහ කියවන්නා සිහිබුද්ධියෙන් කියවා තේරුම් ගතයුතුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site