දිගු කලක සිට ඇසුරු කරන පෙම්වතාගේ යතුරුපැදියෙන් පෙම්වතිය උදේ වැඩට ගොස් සවස වැඩ ඇරී ගෙදර එන්නීය. හරියට දෙන්නාම කුරුල්ලයි කිරිල්ලියි වගේලූ. ඒ මෑතදී කැදැල්ල කැඩුනාලූ. ඇය යතුරුපැදියේ යන්නේ තනියමලූ. අසල්වැසියන්ගෙන් ඔවුන්ගේ පේ‍්‍රම සබඳතාවයට බාධා තිබී නැත. ඒ නිසා දෙදෙනාම ළඟදීම යුග දිවියට ඇතුළු වීමට දින ගණන් කරමින් සිටියාලූ.
පෙම්වතා දිනපතාම තම යතුරුපැදියෙන් ඇය රැකියාව කරන තැනට ගෙන ගොස් දමා වැඩට යන්නේය. වෙනදා මෙන් වැඩට ගිය පෙම්වතිය ඔහු හමුවීමට පසුදින නොපැමිණි නිසා පෙම්වතා ඒ ගැන සොයා බැලීය. ඇගේ ජංගමේ ද ගොළුවී ඇත. පෙම්වතා දහ අතේ කල්පනා කළේය. පෙම්වතියගේ නිවසින් ද විමසූ විට දුවට මොකද වුණේ කියලා අපි මේ ඔයාගෙන් අහන්න හිටියේ. කරදරයක් වෙලාද දන්නේ නෑ. එහෙනම් සොයමු කියා දෙපිරිසම එක්වී සොයා බලද්දී ඇය වැඩ කරන ස්ථානයේම තරුණයෙක් සමග ගිහින්ලූ. පරණ පෙම්වතාට හොඳ බූට් පාරක් දීලාලූ. කලබලයට පත්නොවූ උගත් පෙම්වතා උඹට එපානම් මට දහස් වරක් එපා යැයි කියමින් මිදි තිත්ත කතාව කාටත් කියා සැනැසෙනවාලූ.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අතුරුදන් වූ පෙම්වතිය අලූත් පෙම්වතාගේ සෙවණේ
සිරි Tuesday, 23 April 2013 07:39 AM
දැන් කාලේ ගැණු ළමයින්ගේ හැටි!! (නි)
අමිල කටුනායක Sunday, 21 April 2013 07:19 AM
පෙරදිනයක මා පෙම් කළ තරුණිය වෙනකෙකු හා යනවා... මගේම කලිසම අගේට ඇදගෙන ඌගේ වගේ යනවා... (නි)
පහන් Sunday, 21 April 2013 10:35 AM
අමිල එහෙම නෙමෙයි. පෙරදිනයක මා පෙම්කළ යුවතිය රටකජු විකුනනවා මගේම ලියුමක රටකජු ඔතලා මාහට විකුනනවා රටකජු කනවද ලියුම බලනවද සිත මා විමසනවා මගේම ලියුමක මොනවා බලන්නද මා රටකජු කනවා (නි)
දයානන්ද Sunday, 21 April 2013 12:00 PM
සමහර කෙල්ලෝ කරන මේ වගේ වැඩ මෙලොවදිම පළ දෙනවා. (නි)
බණ්ඩා Sunday, 21 April 2013 03:21 PM
අලුත් පෙම්වතාගෙන් පලිගන්න තියන හොදම විදිහ එයාට ඒ ගෑනි තියාගන්න දෙන එක (නි)
හේරත් Sunday, 21 April 2013 04:19 PM
රට කජු කන කොට මා නලියනවා - නෝනා දකිනවා දත්මිටි කනවා මොනවා කොරන්නද කන් දෙක බේරන් -තැඹිලි බලන්නට මං පැන යනවා. (නි)
හර්ෂන් Sunday, 21 April 2013 09:16 PM
ඔය වගේ ගැණු තව කීදෙනෙක් එක්ක යාවිද කියල දෙවියෝ තමා දන්නේ.(නදී)
රාජු Monday, 22 April 2013 07:27 AM
අනේ මන්දා මොනවා කියන්නද කියලා? තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කිව්වලු. (නි)
ශෂී Monday, 22 April 2013 02:45 PM
අලුත් කොල්ලා ටික කාලයක් බන්ධනාගාර ගතවෙලා වගේ ඉදිවී,අනේ පව් (නි)
ලාල් පෙරේරා Monday, 22 April 2013 02:45 PM
වරුණ උඹ නියම කොල්ලෙක්. හරිදේ ඔයා කළා. (නි)
ඉන්දික Monday, 22 April 2013 10:26 PM
මිදි තිත්ත කථාව ගැලපෙන්නෙ නෑනේද?(නදී)
රියාල් Monday, 22 April 2013 11:01 PM
අළුත් කොල්ලා මෝඩයි. (නි)
රකිත් Tuesday, 23 April 2013 04:30 AM
මටත් අපේ දිවංගත ගුණදාස කපුගේ ශුරීන්ගේ ගීයක් මතක් වුණා. "ඔබ පෙම් කරනා, ඔබේ කුමාරි..මටද ආදරේ කියා තිබේ.." (නි)
මීගහතැන්න Sunday, 21 April 2013 07:10 AM
මොනවා උනත් කොල්ලා ලක්කාරයා. රත්තරන් කෙල්ලො අතරේ ඔය වගේ වල් ගෑණුත් ඉන්නවා.........හී හී (නි)
වරුණ Tuesday, 23 April 2013 10:14 AM
ගැහැණු කොතනද වරදේ නොබැඳෙන, ඍෂිවරයෝ කිව්වේ කට කහනවට නෙමෙයි (නි)
මහී Tuesday, 23 April 2013 12:49 PM
දෙන්නගේ නොගැලපෙන මොකක් හෝ දුර්වලකමක් තියෙන්න ඇති. ඒක නිසා කෙල්ල ගත්ත තීරණය සමහරවිට සාදාරණ වෙන්න ඇති.(ස)
ජයන්ත Tuesday, 23 April 2013 01:38 PM
මෙයා හරියට ප්‍රේමකරලා නැහැ වගේ. ගෑනු බලාපොරොත්තු වෙන දේවල් නොදුන්නොත් ඕක තමයි වෙන්නේ. (නි)
අමල් Tuesday, 23 April 2013 02:48 PM
නියම සීනි බෝල කතාව..(ස)
අසංක Tuesday, 23 April 2013 02:49 PM
පෙර දිනයක මා පෙම් කල යුවතිය .....(ස)
ශාමන් Tuesday, 23 April 2013 02:50 PM
පලතුර මාරු කරා නම් හරි...(ස)
ජානුක Tuesday, 23 April 2013 02:54 PM
බලන්න හසන්ත මහත්තයෝ ....අපේ රටේ හැදියාව...(ස)
ෆ්ස්රුල් ගෆූර් - කටාර් Wednesday, 24 April 2013 01:21 PM
වැදගත් මෙගා ටෙලි නාට්‍ය තව දාන්න. එතකොට අපිට පුළුවන් සුපිරි සාමාජයක් බිහිකරන්න. අම්මා, පුතා, දුව, තාත්තා, අයියා, නංගි, මල්ලි ඔක්කොම ඉදලා බලන්න පුළුවන්. ඒ වගේ අපිට නොගැලපෙන දේවල් අපේ සංස්කෘතියට මේ වගේ තමා බලපාන්නේ. කලාව තුලින් අපිට ලැබිය යුත්තේ යහපත් දේ පමණි. අද තත්වය ගොඩක් වෙනස්. (නි)
ෆස්රුල් ගෆූර් - කටාර් Wednesday, 24 April 2013 09:54 PM
බිරිඳ "රූපවාහිනියක්" නම් පෙම්වතිය "ජංගම දුරකථනය" ගෙදර ඉන්නකොට බිරිඳව බලාගන්න පුළුවන්. එලියට ගියාම පෙම්වතිය.(නදී)
හිරාන් Friday, 26 April 2013 10:05 AM
යතුරු පැදියක් තිබ්බොත් කාර් එකක් තියෙන මිනිහෙක් එක්ක යයි. කාර් අකක් තිබ්බොත් ගුවන් යානයක් තියෙන මිනිහෙක් එක්ක යයි. ගුවන් යානයක් තිබ්බොත්, රොකට් එකක් තියෙන මිනිහෙක් එක්ක යයි. හෙහ් හෙහ් හෙහ්... (නි)
අමිල Tuesday, 16 July 2013 11:36 AM
කොල්ලෝ උබ 99න් බේරුනේ. ඔය කෙල්ල බැදගත්තා නම් උබට සොරිම තමා (දී)
මනෝජ් Friday, 19 April 2013 11:39 PM
නදී කොල්ලෝ කීදෙනෙක් බේරිලා තියනවද ?.(නු)
සරත් Friday, 19 April 2013 11:00 AM
ඔබ නිවැරදියි. යනවා නම් කොහොමද තියාගන්නේ. අනෙක ඕක පුරුද්දකට යනවා සිකුරුයි. (නි)
අමිල Friday, 19 April 2013 11:02 AM
අනේ මන්දා මේ අදහස් ලියන මිනිස්සුන්ගේ භාෂා දැනුම. කිරි හොදියි හැට්ටකටුයි වගේ ගැලපෙන උපමා තමා දෙන්න දන්නේ. (නි)
හේරත් Friday, 19 April 2013 12:09 PM
පරණ අයිතිකරුගේ පිනක් පල දීලා. අලුත් අයිතිකරුගේ පව පල දීලා. නාරිචිත්තන් නවිච්චති. (නි)
ෂෙරිෆ් Friday, 19 April 2013 01:20 PM
සීනී බෝලේ වගේ කෙල්ලන්ගේ ආදරේ, එයාලා ඇයි මේතරම් කොල්ලන්ට කෑදරේ, (ස)
විහඟ Friday, 19 April 2013 01:20 PM
පරණ පෙම්වතාගේ පිනක් පල දීල තමයි. කසාද බදින්න කලින්ම ගිහින් තියෙන්නේ නැත්නම් බැරි වෙලා හරි බැන්දට පස්සේ ගියානම් අර අහිංසක කොල්ල මාර අමාරුවක වැටෙන්නේ චපල කෙල්ලෝ . චපල කෙල්ලොන්ට වෙනදේ රොෂාන් ප්‍රනාන්දුගේ ඔය නිසා හඬලා හා පෙරදා හධවා ගිය ඔයා කියන සින්දු දෙකේ තියෙනවා.(ස)
සම්පත් Friday, 19 April 2013 02:06 PM
උගත් බුද්ධිමත් කොල්ලෙක්. මෝඩ කෙල්ලන්ට මරාගන්නේ නැතුව ඉවසපු එක හොදයි. (නි)
උපුල් Friday, 19 April 2013 02:29 PM
" මිදී කොහෙද තිත්ත . . . නරි කියිද ඇත්ත " කිව්වලු (නි)
උපුල් Friday, 19 April 2013 02:31 PM
ඇත්තටම ආදරේ කලා නම් දාලා යන්නේ කොහොමද ? දාලා යන්න පුලුවන්ද ? (නි)
නදී Friday, 19 April 2013 06:10 PM
අර කොල්ලා බේරුනා... (නි)
පහන් Friday, 19 April 2013 08:07 PM
දෙවෙනි පෙම්වතා එක්ක ගියාට කසාද බැදලා ගියා කියල නැහැනේ .කවද හරි ගණිකා මඩමක හරි මසාජ් සෙන්ටර් එකක හරි අවසානය සටහන් කරගෙන සමාජයට දොස් කියයි .(නදී)
ජිනේන්ද්‍ර ධනංජය Friday, 19 April 2013 10:41 PM
ඔහොම තමයි කෙල්ලෝ..!(නු)
වරුණ Friday, 19 April 2013 10:53 AM
ඔය වගේ කට්ටිය ගැනනේ අර විජය කුමාරතුංගයන් මේ ගීතය ගායනා කළේ. එක වරක් ඔබට මා එපානම් ....... (නි)
චන්දා Saturday, 20 April 2013 06:04 AM
පහන් කියනවා වගේ වෙච්ච සිදුවීම් කිහිපයක්ම පසුගිය කාලේ පුවත් පත් වල පළ වුණා. (නි)
යොහාන් Saturday, 20 April 2013 07:37 AM
මිදී කොහෙද තිත්ත නරි කියයිද ඇත්ත.(නදී)
ආනන්ද ආර් Saturday, 20 April 2013 09:13 AM
අලුත් අවුරුද්දට කාන්තාවෝ හුඟක් දේවල් මාරු කරනවානේ .(නදී)
දයා අලහකෝන් Saturday, 20 April 2013 10:02 AM
ඔය දෙන්නට අමතරව මේ තරුණියට තව පෙම්වතෙක් දෙන්නෙක් ඉන්නත් පුළුවන්.(නදී)
සචී Saturday, 20 April 2013 11:11 AM
ඒ කොල්ලට මොලේ තියන හින්දා බේරුනා.(නදී)
ගිම්හානි Saturday, 20 April 2013 12:38 PM
මොලේ ඇති කොල්ලෙක් සහ කාලකන්නි කෙල්ලක්.(නදී)
හේවාවිතාරණ Saturday, 20 April 2013 05:38 PM
කැදැල්ල විසල් ගස මුදුනක හදන්නේ නැතුව තුත්තිරි ගහක හැදුව නම් කුණාටුවට කඩා වැටෙන්නේ නැහැ.(නදී)
හැරිස් Saturday, 20 April 2013 08:46 PM
මැරෙනතුරා විස්වාස කරන්න බැරි එකම වස්තුව ගැහැණිය පමණකි.(නදී)
හේරත් Saturday, 20 April 2013 09:14 PM
සියලු දෙය තාවකාලිකයි. ආදරෙත් එහෙම තමයි. ඒ සෙවනත් තාවකාලිකයි. ඒකනේ රට පුරා තාවකාලික සෙවනවල් හදන්නේ.(නදී) .
නිරෝෂන් Saturday, 20 April 2013 09:23 PM
ඇත්තටම ඔහු වාසනාවන්තයි. බැදලා ගියානම් ඒක ලොකු දුකක් නේද?(නදී)
ඛාන් Sunday, 21 April 2013 12:28 AM
වරුණ, ඔබ හරියටම හරි. (නි)