X Advertisement
IMG-LOGO

2024 නොවැම්බර් මස 01 වන සිකුරාදා


අන්තර්ජාලයෙන් හමුවූ පෙම්වතා පෙම්වතියට ලක්ෂ 18ක පොල්ලක් තියලා

මාවතගම  කාන්චන මාලා බණ්ඩාර
අන්තර් ජාලයේ සැරි සැරූ ඇයට මිතුරකු මුණ ගැසිණි. ඒ ඉන්දියානු ජාතිකයෙකි.


ඇය කුරුණෑගල  ප්‍රදේශයේ පදිංචිකාරියකි. රජයේ රැකියාවක් කළ 38 හැවිරිදි ඈ තරමක රූමතියකි. ඇගේ විවාහය දිනෙන් දින කල්ගත වීමට හේතු වූයේ හැමවිටම කඩවසම් සැමියකු සෙවූ නිසාමය.


අන්තර්ජාලයෙන් හමු වූ මිතුරා ඇය සමග තොරතුරු හුවමාරු කර ගත්තේය. වැඩිකල් නොගොස්ම ඇය ඔහුගේ පෙම්වතිය බවට පත් වූවාය. තමා ඉන්දියාවේ ව්‍යාපාර රැසක හිමිකරුවකු බව පැවසීමෙන් ඇගේ සිතට මහත් සැනසිල්ලක් ලැබුණි.


රට පෙම්වතා ඇය ඉක්මනින් විවාහ කර ගන්නා බව පැවසූ නිසා ඇයට තම මවුපියන්ගේ ද කැමැත්ත ලැබුණි. ඒ සඳහා දින ද නියම කෙරිණි. ඔහු ඇය වෙනුවෙන් මිලදී ගත්  රන් ආභරණ ද ඔහු වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඇයට පෙන්වනු ලැබිණි.


ඔහු පැවසුවේ විවාහයට පෙරදින තමා ශ්‍රී ලංකාවට පැමිණෙන බවය. එබැවින් විවාහයට අවශ්‍ය සියලු කටයුතු සූදානම් කරන ලෙස ද ඔහු දැන්වීය. දින ගෙවී ගියෙන් විවාහ දිනය එළඹිණි. අලුයම එන ගුවන් යානයේ තමා ඒම සඳහා පිටත් වූ බව ඔහු දැනුම් දුන්නේ ඇයට සතුට ද එක් කරමිණි.


තම අනාගත සැමියා කලින් කතා කරගත් පරිදි ගුවන් තොටුපළ වෙත එන නිසා ඔහු පිළිගැනීමට නෑදෑ පිරිසක් යැවීමට ඈ අමතක නොකළාය.


විවාහ නැකතට තව ඇත්තේ පැය කීපයකි. හදිසියේ ඇගේ දුරකථනය නාද විය. ඇගේ සතුට නිමක් නැත. ඒ ඔහුගේ හඬය. ‘‘මම ඔයාට ගෙනාව රන් බඩුවල වටිනාකම වැඩි නිසා ඉන්දියානු පොලිසිය මාව අත්අඩංගුවට ගත්තා. ඒව ගැන මට දුකයි. ඒ ටික නිදහස් කරන්න ලක්ෂ දහ අටක් ඕනෑ. පුළුවන්නම් මගේ ගිණුමට දැන්ම දාන්න.’’  ඈ හඬා වැළපුණාය. 


අවසානයේ ඔහුගේ ගිණුමට මුදල් බැර කළේ මවුපියන් ඈ වෙනුවෙන් වසර ගණනාවක් ඉතිරි කළ මුදල් වලිනි. 


පසුව ඇය ඔහු ඇමතීමට ගත් උත්සාහයන් සියල්ල නිෂ්ඵල විය. එතැන් සිට ඔහුගේ දුරකථනය ද නිහඬය. හඬා වැළපෙමින් ඇය පොලිසියේ සහාය පැතුව ද ඇය රැවටු මෙම ජාත්‍යන්තර වංචාකාරයා සෙවීම ලෙහෙසි පහසු කාර්යයක් නොවීය. 

 



අදහස් (0)

අන්තර්ජාලයෙන් හමුවූ පෙම්වතා පෙම්වතියට ලක්ෂ 18ක පොල්ලක් තියලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site