තම සැමියා නිවසේ නොමැති විටෙක නිවසට ඇතුළු වූ අයෙකු විසින් ඇයට අතවර කරන ලදැයි පවසමින් එක්තරා ප‍්‍රදේශයක තැනැත්තියක් පොලිසියට පැමිණිලි කළාය.
ඒ අනුව පරීක්‍ෂණ පැවැත්වූ පොලිසිය සැකකරු ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්‍ෂිත බන්ධනාගාර ගත කර ඇත. සිද්ධිය පිළිබඳව රාජකාරි කටයුතු නිසිපරිදි ඉදිරියට යමින් තිබුණි.
මෙම සිද්ධිය පිළිබඳව සැලවූ අතවරයට ලක්වූ බව කියන කාන්තාවගේ අතිජාත මිතුරියක ඇය හමුවීමට පැමිණ සිදුවූ කරදරය පිළිබඳව විමසුවාය. එම අවස්ථාවේ නිවසේ වෙනත් කිසිවෙකු හෝ නොසිටි බැවින් සිද්ධිය පිළිබඳව මිතුරියන් දෙදෙනා එක දිගට කතාව ඉදිරියට පවත්වාගෙන ගියහ.
”ඇත්තටම උඹට කරදර කරන්න හදපු නිසා ද නැත්තං කරදර කරපු නිසා ද පොලිසියට පැමිණිලි කළේ’’. මිතුරිය එසේ විමසුවාය. මෙහිදී වටපිට බැලූ අතවරයට ලක්වූ බව කියන තරුණිය සිය මිතුරියගේ කනට කොඳුරා මෙසේ කීවේය.
”ඒ එකක්වත් නිසා නොවෙයි”
”ඈ... එහෙනං...” මිතුරිය විමතියෙන් ඇසුවාය.
”කාටවත් කියන්න එපා. ඒ එකක්වත් නිසා නොවෙයි අල්ලපු ගෙදර මිනිහ දැකපු නිසා”
තම අනියම් සම්බන්ධය හෙළවීම වළක්වා තමා නිර්දෝශී වීමට කරන ලද උප්පරවැට්ටියක් බව දැනගත් මිතුරියගේ ඇස් උඩ ගියේය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අනියම් පෙම්වතා නිවෙසට ගෙන්වා අතවර කළැයි බොරු කියලා
ජේමිස් Tuesday, 22 April 2014 07:05 AM
මේ වගේ ගැහැනුන්ව උල තියන්න ඕනෑ මහත්තයෝ.අපේ කාලේ වෙන දේවල්ද දැන් මේ රටේ වෙන්නේ? (නි)
නාරගල Wednesday, 23 April 2014 08:30 PM
මේවා අතේ පැලවෙන බොරු කියලා වට පිටේ අය දන්නවා (දී)