ගැණුම්කරුවෙක් තම බැංකු කාඞ්පත යොදා ඒටීඑම් යන්ත්‍රයෙන් රුපියල් දහසක් ලබා ගත්විට ලදුපත ද ලැබිණි. නිවෙසට පැමිණ ලදුපත පරීක්ෂා කිරීමේදී ශේෂය රුපියල් 11203 ශත 27 ක් බව සඳහන් විය.
ඔහු බියට පත්විය. ගිණුමේ ශේෂය රුපියල් පනස් දහසක් පමණ තිබිය යුතු බව ඔහුට විශ්වාසය. විදේශිකයන් තිදෙනකු හොර කාඞ්පත් යොදා ලක්ෂ ගණනින් සොරාගත් අයුරු ඔහුට සිහිවිය. වහාම අදාළ බැංකුව වෙත පිවිසි හෙතෙම, නිලධාරියෙකුට තම හැඳුනුම්පත ඉදිරිපත් කර කාරණය පැවසීය. පරිගණකයෙන් දත්ත ලබාගත් නිලධාරියා, සර්ගේ බැලන්ස් එක රුපියල් 50741 ශත පනස් තුනයි යනුවෙන් පැවසීය. ඒටීඑම් යන්ත්‍රයෙන් ලැබුණු ලදුපත පෙන්වූ ගැණුම්කරු, මේකේ තියෙන්නේ බැලන්ස් එක 11203 ශත 27 ක් කියලනේ යැයි කීවිට ලදුපත පරීක්ෂා කළ බැංකු නිලධාරියා මේ රිසිට් එක සර්ගෙ නෙමෙයි යැයි පවසා එහි ගිණුම් අංකය පරිගණකයට ඇතුළුකර මේක සර්ට කලින් ඒටීඑම් එකෙන් සල්ලි ගත්ත කස්ටර්මගේ. සර් සල්ලි ගන්න විනාඩි පහකට කලින් තමා එයා සල්ලි අරන් තියෙන්නේ. රිසිට් එක එයා අරගෙන නැහැ. සර්ගේ රිසිට් එක එළියට එද්දී උඩින් තිබුණේ එයාගේ රිසිට් එක. ඒක තමයි සර් ගෙනත් තියෙන්නේ. නිලධාරියා කරුණු පැහැදිලි කළේය. දැන් තමයි ඇඟට පනක් ආවේ. ගැණුම්කරු පැවසීය.
ක්‍රිස්ටෝපර් සීපියන්
අනුරාධපුරය
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අනුන්ගේ බැංකු රිසිට් පතක් අරන් බැලන්ස් එක අඩුයි කියලා
පිටබැද්දර ජයා Wednesday, 11 May 2016 12:13 PM
ඇත්ත නේන්නම් , අද කාලේ වෙන දේවල් ඇහුවම කතාව හරියට කියවන්න කලින් මටත් හීන් දාඩිය දැම්ම , කවුරු වුනත් දහදිය මහන්සියෙන් උපයා ගන්න දේ හොරා කන්නේ බලන් ඉන්නේ (බ)
අජිත් Wednesday, 11 May 2016 12:51 PM
අන්න ඒක නම් දෙයියෝ සාක්කිම තමයි. (ර)
සුජිත් නිශාන්ත හේවගේ Thursday, 12 May 2016 02:36 AM
ප්‍රායෝගික අවබෝධයක් ඇති සියලු දෙනාම යන්ත්‍රයෙන් මුදල් ගැනීමේදී එහි දත්ත නිවැරදිදැයි පරීක්ෂා කර බලා පමණක් තමන්ට අදාළ ලදුපත ලබාගත යුතු වේ. අහෝ ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ සිහිකල්පනාවක තරම! (නි)
සංජීව -හොරණ Friday, 13 May 2016 03:10 AM
මටත් ඔය වැඩේම වුණා මේ ළඟදි. ගොඩක් කලබල වුණා. පස්සෙ බිරිඳ තමයි පෙන්නුවෙ වෙන කෙනෙක්ගෙ එකක් කියලා. එතකොටයි ඇඟට ලේ ටිකක් ඉනුවෙ. මෑතකදී සවිකළ ඇතැම් ඒටීඑම් යන්ත්‍රවල ඔය ප්‍රශ්නෙ තියෙනවා. කලින් මුදල් ගත් කෙනාගෙ රිසිට් එක තමයි අපිට එන්නෙ (නි)