X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


අනුන්ට උදව් කරන්න ගිහින් මිනියක් බාරගන්න වෙලා

(රුවන් පතිරණ, ජයරත්න විල්ලර)

විවාහක බිරිය සැමියාගේ මළ සිරුර බාර ගැනීමට අකමැති වූ නිසා අසනීප තත්ත්වයෙන් සිටියදී ඔහු රෝහලට බාර දුන් පුද්ගලයාටම මළ සිරුර බාර ගැනීමට සිදු වූ පුවතක් වරකාපොළ පොලිසියෙන් වාර්තා වෙයි.

මෙසේ මිය ගොස් ඇත්තේ ගංගොඩවිල ආරච්චිලාගේ ශාන්ත කුමාර (58) නමැති පුද්ගලයකු බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන ඇත.

වරකාපොළ නගරයේ පාවහන් අලූත්වැඩියා කිරීම මොහු රැකියාව වශයෙන් කරගෙන ගොස් ඇති අතර පසුගිය දින කිහිපයක් තිස්සේ අසනීප තත්ත්වයෙන් වරකාපොළ ශ‍්‍රී ලංගම බස් නැවතුම්පළෙහි ලැගුම් ගෙන සිටියද කිසිවකුත් ඔහුට උදව් කිරීමට ඉදිරිපත් වී නොමැත.

එම ස්ථානයෙන් ගමන් කරමින් සිටි වරකාපොළ ප‍්‍රාදේශීය සභාවේ සුළු සේවකයෙකු වන මූකන් අලගිරි ගුනාලන් යන අයෙකු විසින් මොහු වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඊට දින කිහිපයකට පසු ශාන්ත කුමාර යන අය මියගොස් ඇති නමුත් මෘත ශරීරය බාර ගැනීමට කවුරුන් හෝ ඉදිරිපත් නොවීම හේතුවෙන් මොහුගේ ඥාතීන් සොයා යාමට වරකාපොළ පොලිසියේ පොලිස් සැරයන් (17170) ජයසේන මහතාට සිදුවිය.

දින කිහිපයකට පසු මිය ගිය අයගේ බිරිය වේයන්ගොඩ බාදුරාගොඩ ප‍්‍රදේශයේ සිටියදී සොයා ගැනීමට හැකිවී ඇති අතර වරකාපොළ රෝහලේදී මියගිය අය තමාගේ සැමියා බවට ඇය හඳුනා ගත්තද ඇය විසින් පොලිසියට පවසා ඇත්තේ මෘත ශරීරය ඇයට භාර ගැනීමට නොහැකි බවයි.

 පසුව මියගිය අය රෝහල වෙත භාරදුන් ගුනාලන් යන අය මෘත ශරීරය භාරගෙන ඔහුගේ වියදමින් වරකාපොළ අඹේපුස්ස පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදුකර තිබිණ.

වරකාපොළ පොලිස් ස්ථානාධිපති එච්.එච්. ජනකාන්ත මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් (17170) ජයසේන මහතා පරීක්ෂණ  පැවැත් විය.



අදහස් (3)

අනුන්ට උදව් කරන්න ගිහින් මිනියක් බාරගන්න වෙලා

bamunu Wednesday, 26 July 2017 06:37 AM

ඔන්න ඔය හේතු නිසා තමයි අනතුරක් වෙලා පාරේ වැටී සිටින කෙනෙකුව කෙනෙක් ඉදිරිපත් වී ඉස්පිරිතාලයකට ගෙනියන්නේ නැත්තේ. නමුත් කියන්නේ මිනිස්සු පොටෝ ගහ ගහ ගියා මිස ඉස්පිරිතාලයකට ගෙනියන්න උදවු වුණේ නැහැ කියලා. නියම හේතුව උදව් වෙන්න ගිය කෙනා උසාවි ගානේ යන්නත් ඕනේ සාක්කි දෙන්න.

:       0       125

de silva berlin Thursday, 27 July 2017 09:28 PM

මෙතන නිතිය හරියට ක්‍රියාත්මක වෙලා නැහැ ,පුරවැසියෙක් අසනීපයක් වෙලා හෝ අනතුරක් වෙලා මහමග වැටිලා ඉන්නවනම් තම දැනුමේ හා ශක්ති ප්‍රමාණයෙන් ඔහුට උදවු කිරීමට හෝ පොලිස් නිලධාරියකුට හෝ වගකිවයුත් කෙනෙකුට දැන්වීමට පුරවැසියන් නීතියෙන් බැදී සිටිති , පුරවැසියෙක් මිය ගියහම ඔහුගේ මෘත ශරීරය අයිති රජයට , නෑයෙකු ගේ හෝ වෙන යම් අයකුගේ ඉල්ලීමට මෘත ශරීරය අවසාන කටයුත් කිරීමට භාර දුන්නත් එහි පරම අයිතිය ඇත්තේ රජයට , ලෙඩාව රෝහලට ගෙන ගිය පුද්ගලයට හෝ නෑයෙකුට බලහත්කාරයෙන් මෘත ශරීරය භාරදීමට රෝහල් බලධාරීන්ට නීතියෙන් අවසර නැත , කිසිවකු ඉදිරිපත් නොවුවොත් රජයේ වියදමින් අවසාන කටයුතු කල යුතුය ,

:       0       5

aravinda Friday, 28 July 2017 01:40 AM

බමුණු ගේ කතාව සම්පූර්ණ ඇත්ත. ප‍්‍රාදේශීය සභාවේ සුළු සේවකයෙකු වුවත්, ඔහු මේ අවස්ථාවේදී කල දේ ගැන අප සියලු දෙනාම අගය කල යුතුයි.

:       0       253

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site