X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 27 වන සිකුරාදා


අපල දුරුකරගන්න ආ කට්ටඩියා අසූදාහක මාලයට විදලා

 

ග‍්‍රහ දෝෂ සුව කිරීම සඳහා පැමිණි කට්ටඩියකු පූජා පිටියේ ව්‍යාපාරිකයකුගේ රුපියල් 80,000කට වඩා වටිනා රන් මාලයක් සමඟ අතුරුදහන් වී ඇති බවට කටුගස්තොට පොලිසියට පැමිණිලි කරනු ලැබ තිබේ.

සිද්ධිය මෙසේය.

පූජාපිටිය නගරයේ සුළු වෙළෙඳ සලක් අසළට පසුගියදා පැමිණි පුද්ගලයකු ටික වේලාවක් එම ව්‍යාපාරිකයා සමඟ කතාකර සිට ඇති අතර පසුව ඔහු එක්වරම ව්‍යාපාරිකයාගේ මුහුණ දෙස බලා ඔහුට ග‍්‍රහදෝෂ අපල තිබෙන බවත් එය ඉක්මනින් සුව කළහොත් ඉතා ඉක්මනින් දියුණු විය හැකි බවත් තමන් මේ ප‍්‍රදේශයේ බොහෝ දෙනකුට එවන් යන්ත‍්‍ර මන්ත‍්‍ර කර ඇති බවත් කියා තිබේ.

මේ ගැන පැහැදුණු ව්‍යාපාරිකයා ඒ සඳහා කැමති වී ඇත. පසුව දින කිහිපයකට පසු ව්‍යාපාරිකයාගේ දුරකතනයට ඇමතුමක් දී ඇත. මෙම පුද්ගලයා යන්තරය සූදානම් කර ඇති බවත් පසු දින එය රැුගෙන පැමිණෙන බවත් කියා තිබේ. ඒ අනුව පසුදින පස්වරුවේ වෙළෙඳ සලට පැමිණ ඇති කට්ටඩියා සකස් කර තිබූ යන්තරය සහිත සුරය ද ව්‍යාපාරිකයාට පෙන්වා තිබේ.

එම යන්තරය මැතිරිය යුතු බව පවසා ඇති ඔහු එය රත්තරන් මාලයකට සම්බන්ධ කළ යුතු බැවින් ව්‍යාපාරිකයාගේ ගෙලේ තිබූ රුපියල් 80,000කට වඩා වටිනා රන් මාලය ඉල්ලාගෙන එම අවස්ථාවේදීම ඒ මාලය යන්තරය තුළට දමා තිබේ. පසුව එය බුලත් කොළයක තබා ඔබා සෙම්බුවක් රැුගෙන එයට දමා වෙළෙඳ සලේ මුල්ලකට තනිවම ගොස් මතුරා තිබේ. ඉන් අනතුරුව යන්තරය සහිත මුට්ටිය රැුගෙන බෝධීන් වහන්සේ වටා 21 වරක් ගමන් කළ යුතු බැවින් එම ස්ථානයට යෑමට ව්‍යාපාරිකයාට කතා කර තිබේ.

ව්‍යාපාරිකයාට වෙළෙඳ සලෙන් යාමට නොහැකි නිසා ඔහුගේ ළඟම හිතවතකු මේ සඳහා යවා ඇත. එම හිතවතා යන්තරය සහ රන් මාලය ඇතුළත් මුට්ටිය රැගෙන 21ක් වරක් බෝධීන් වහන්සේ වටා ගමන් කර එම ස්ථානයේ සෑහෙන වේලාවක් නැවතී සිටිය ද කට්ටඩියා පෙනෙන්නට නොසිටි බැවින් වහාම වෙළෙඳ සලට පැමිණ තිබේ. ඒ වන විට ඔහු වෙළෙඳ සලෙත් නොසිටියේය. වෙළෙඳ සලේ දී මෙම මුට්ටිය ලිහා බැලූව ද එහි තිබුණු රන් මාලය සහ යන්තරය ද අතුරුදන්ව තිබූ අතර එහි තිබී ඇත්තේ පොල් කටු කිහිපයක් පමණි.

ඒ සමඟ මෙම කට්ටඩියා ද අතුරුදන්ව ඇත. පසුව සියලූ දෙනා එක් වී මුළු නගරයේම සෙව්ව ද ඔහු සොයා ගැනීමට නොහැකි වී ඇති අතර සිද්ධිය කටුගස්තොට පොලිසියට පැමිණිලි කරනු ලැබ තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා කටුගස්තොට පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

අපල දුරුකරගන්න ආ කට්ටඩියා අසූදාහක මාලයට විදලා

වික්‍රම Thursday, 10 March 2016 04:44 AM

නියම මාතර යකදුරෙක් හොයගත්ත නම් වැඩේ හොර බොරු නැතුව කිරි ගහට ඇන්නා වගේ සිද්ධ වෙනවා, නැද්ද ජයා..(බ)

:       0       0

චාමර Thursday, 10 March 2016 05:24 AM

හැබැයි කට්ටඩියා දක්ෂයා. වෙළෙන්දාගේ මුහුණ බලලා අපලකාරයෙක් බව දැනගෙන ඒක තමාගේ ප්‍රයෝජනය සඳහා යොදාගෙන. (නි)

:       0       0

විශ්ව Thursday, 10 March 2016 05:42 AM

අපි තාම ගොන්කම් කරනවා නේද? මෙය කියවන හැම කෙනෙක්ම මේ වගේ හොරුන්ට අහුනොවෙන්න වගබලාගත යුතුයි. මමත් අහුවුණා දේකට. හැබැයි කට්ටඩියෙකුට නොවෙයි, සැළසුම් අඳින කෙනෙකුට. දන්නේ නමයි දුරකථන අංකයයි පමණයි. දැන් දුරකතනයට උත්තර දෙන්නෙත් නැහැ. (නි)

:       0       0

වික්‍රම Thursday, 10 March 2016 06:00 AM

නියම මාතර යකැදුරෙක් හොයාගත්තා නම් වැඩේ හොර බොරු නැතුව කිරි ගහට ඇන්නා වගේ සිද්ධ වෙනවා, නැද්ද ජයා (නි)

:       0       0

තිලිනි Thursday, 10 March 2016 06:26 AM

CCTV කැමරාවක් හයි කර තිබ්බා නම් ලෙසියෙන් අල්ලගන්න තිබ්බා. (ර)

:       0       0

සෑම් Thursday, 10 March 2016 06:54 AM

තවමත් මෙවැනි අන්ධ විශ්වාසයන් තියන මිනිසුන් ගැන අහන්න ලැබෙනවානේ (හේ)

:       0       0

හර්ෂි Thursday, 10 March 2016 07:18 AM

ග්‍රහ අපලයට රන් මාලය පොල්කටුවලට හැරෙන්න ඇති. කට්ටඩියගේ වැරද්දක් නෑ. (ර)

:       0       0

දිලිප් Thursday, 10 March 2016 09:47 AM

මමනම් මේකේ වැරද්දක් දකින්නේ නෑ. ඇයි ඕවා පස්සේ යන්නේ හොදම වැඩේ... (ර)

:       0       0

අබය Friday, 11 March 2016 01:12 AM

වික්‍රම, මෙයා නියම මාතර යකැදුරෙක්. කිරි ගහට ඇන්නා වගේ වැඩේ දීලා තියෙන්නේ. ආයේ හොයන්න බැරිවෙන්න. (නි)

:       0       0

කිත්සිරි Friday, 11 March 2016 04:21 AM

80 මාලයක් කරේ දාගෙන ඉන්න තරම් ආදායම් තිබෙන ව්‍යාපාරයක් ගොඩනැඟුවා නම්, ග්‍රහයෝ ගැන හොයන්න ගියේ මොකටද? (නි)

:       0       0

සෑම් Sunday, 13 March 2016 03:54 AM

අනේ පවු! මෝඩපහේ මුදලාලි කෙනෙකුයි ගෝලයෙකුයි... මෙහෙම අයත් ඉන්න එපැයි (නි)

:       0       0

පද්මිණී Monday, 14 March 2016 06:02 AM

අද මුළු ලංකාවම අවිද්‍යාවෙන් මංමුල වෙලා. රජුන්ගෙන් ලැබුණු ආදර්ශය. මෙය නීතියෙන් තහනම් කරන්ට ඕන. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site