(කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම)
මව්පියන්ගේ බලකිරීම මත මනාලියක් බැලීමට යාම වැළැක්වීම සඳහා බොරු ලෙඩක් මවා පා රෝහල් ගතවූ තරුණයකුට සිදුවූ අකරතැබ්බයකි මේ.
සිද්ධිය මෙසේය
ඔහු පෙම්කළ යුවතියක් සිටියද ඇයට ගෙදරින් කැමැත්ත ලැබී නැත. ඔහුගේ මව්පියන් මෙම පේ‍්‍රමය නැවැත්වීම සඳහා විවාහ යෝජනාවක් ගෙනවිත් තිබේ. මනාලිය බැලීමට යාම ඔහු ප්‍රතික්ෂේප කළත් මව්පියන්ගේ බල කිරීම නිසා ඔහුට එම ගමන නතර කිරීමට නොහැකිව ඇත.
මෙයින් ගැලවීම සඳහා ඔහු මනාලිය බැලීමට යාමට කලින් දිනයේ බොරු බඬේ අමාරුවක් මවා පා දැඩි අමාරුවක් පෙන්වීම නිසා ඔහුගේ මව්පියන් ඔහු රෝහල් ගත කර තිබේ.
රෝහල් ගත කළ පසු ඔහු නොසිතූ පරිදි එන්නත් සහ සේලයින් ලබාදීමට රෝහල කටයුතු කර තිබේ. මහත් අපහසුතාවයෙන් සිටි ඔහු රාත්‍රි කාලයේ මුත්‍රා බර සෑදී වටපිට බලා සේලයින් බෝතලයද සමඟ වැසිකිළියට ගිය අතර බෝතලය පහත් වීම නිසා බටය දිගේ ඉහළට ලේ ගමන් කිරීමට පටන් ගෙන තිබේ.
කලබල වූ ඔහු සේලයින් බෝතලයද රැුගෙන ඇඳ වෙත පැමිණ බෝතලය ඉහළට ඔසවා සේලයින් ලබා දෙන බටයේ ඇති අඩු වැඩි කරන කරාමය වැඩිකර තිබේ. ටික වේලාවක් ගත වෙද්දී සේලයින් බෝතලය අවසන් වී ඇති අතර මෙය දුටු හෙදියක් නැවත අලූත් සේලයින් බෝතලයක් සවි කර තිබේ.
පසුවදා උදෑසන රෝගීන් පරීක්ෂා කර බැලීමේදී බඬේ අමාරුව සෑදුනු අසාධ්‍ය ලෙඩා අතුරුදන් වී ඇත. ඔහු පිළිබඳ සොයා බලද්දී කාන්තා වාට්ටුවක සිටි පිරිසක් පවසා ඇත්තේ මුහුණ පුරා සුදු රෙද්දකින් වසාගෙන සේලයින් බෝතලයක් අතින්ගත් අවතාරයක් දිව යනු තමන් දුටු බවයි.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අම්මලා රවටන්න ගිහින් රෝහලේ නවතින්න වෙලා