(මීරිගම විශේෂ පුෂ්පකුමාර මල්ලවආරච්චි)
උප්පත්තියෙන් හිමි වූ නාමකරණය නිසා වසර ගණනාවක් තිස්සේ වෛද්‍යවරයකු ලෙස සමාජයේ පෙනී සිටීමේ වාසනාව උදාකරගත් පුද්ගලයකු පිළිබඳව පුවතක් කල්යාණි නදී තෙර අසබඩ ගම්මානයකින් වාර්තා වෙයි.
මේ ගම්මානයේ පදිංචිව සිටි යුවළකට උපන් මේ දරුවා වෛද්‍ය රත්ත නමදාන ලෙස ගමේ පන්සලේ නායක හාමුදුරුවෝ උපදෙස් දුන්නෝය. මේ දරුවා අධ්‍යාපනය ලබා කල මේරූ පසු විධායක ශ්‍රේණියක රැකියාවක් ද හිමි විය. මහා ලොකුවට මංගල්ලයක් ද ගත්තේය.
ඒ වනවිට මේ තරුණයා නිවස ඉදිරිපිට සිය නම සහිත පුවරුවක් ප්‍රදර්ශනය කළේය. සමාජයේ කාගෙත් ගරු බුහුමන්වලට කැමති වූ ඔහු ඊට උපක්‍රමයක් කල්පනා කළේය. සමාජයේ ගරු නම්බු ලබාගත හැකි ක්‍රමයක් සිහියට ආවේය. ඊට ඔහුගේ නම උපයෝගී කරගත් ඔහු ‘‘වෛද්‍ය රත්න’’ යනුවෙන් නිවස ඉදිරිපිට ප්‍රදර්ශනය කරන නාම පුවරුවේ සනිටුහන් කළේය.
මේ නිසා මේ පුවරුව දකින අයට හැඟීගියේ මේ නිවසේ වෛද්‍යවරයකු වෙසෙන බවයි. ඒ නිසාම කවුරුත් ඔහු අමතනු ලැබුයේ ‘ඩොක්ටර්’ යනුවෙනි.
ප්‍රදේශයේ සමිති සමාගම්වලින් හා යාළු ඥති මිත්‍රාදින්ගෙන් ද ලැබෙන නොයෙක් ලිපිවල ද වෛද්‍ය රත්ත මහතා යනුවෙන් සඳහන් කරන්නට විය. මෙය කා අතරත් තවමත් රහසකි. වෛද්‍යවරයා වුවත් කාටවත් බෙහෙත් කරන පාටක් නැතැයි යහළුවන් කල්පනා කළාලු. යාළුවන්ටත් ටිකක් දැන් මෙම රහස එහෙන් මෙහෙන් කණින් කොනින් දැනගෙන ඇත. එහෙත් එය එළිවේයයි ඔහු දහ අතේ කල්පනාකරමින් සිටිනවාලු.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අම්මා තාත්තා උපන් දා දුන් නමින්ම වාසනාවට පුතා දොස්තර වෙලා
pakeer Thursday, 02 September 2021 01:14 PM
ලංකාවේ ඉන්න ඕනෙ බූරුවෙක් දන්නවා... වෛද්‍ය රත්න කියන්නේ වාසගමක් කියලා...
zeylanicus Thursday, 02 September 2021 04:15 PM
අනිත් අයට බූරුවන් කිව්වාට ඔබ තමයි වරදවා තේරුම් අරන් තියෙන්නේ.. වෛද්‍යරත්න කියලා දාලා තියෙන්නේ මුලින් එන නම්, නැතුව වාසගම නෙමෙයි.
pakeerFriday, 03 September 2021 01:56 PM
ඕනෙ ඕනෙ කෙනා ... ඕනෙ ඕනෙ විදිහට නම්, වාසගම් දානවා කියලා මම හිතන්නේ නෑ.