X Advertisement
IMG-LOGO

2025 ජුලි මස 03 වන බ්‍රහස්පතින්දා


අමුතු වෙසින් ඇවිදින් අමුතු උපා යොදා රන්මාලයට විදලා

සුඛෝපභෝගී බස්රථයකි. එහි හිස් අසුනක් ළඟ අසුනක මැදිවියේ කාන්තාවකි. ඇයට බසයේ ජනේලයක් විවෘත කරන ලෙස ඇයද අවධානය ඒ සඳහා යොදවා අහුකුන්ටික කාන්තාවක් විසින් එම කාන්තාවගේ ගමන් බෑගයේ පැවැති රුපියල් ලක්ෂ තුනහමාරක රන්මාලයක් සොරා ගැනීමේ පුවතක් අවිස්සාවේල්ලට නොදුරු කොස්ගමින් වාර්තා වෙයි.


විස්තර වන අන්දමට සිද්ධිය මෙසේය.


බදුල්ලේ සිට කොළඹ දක්වා ධාවනය වන පෞද්ගලික බසයකි. ස්ථිර නිවහනක නොසිට තාවකාලික කුඩාරම්වල  තාවකාලකිව දිවිගෙවමින් නයි නටවමින් දිවිගෙවන පිරිසක් මේ දිනවල කළුඅග්ගල ප්‍රදේශයේ ජීවත් වෙති. එම පිරිසේ කාන්තාවන් කණ්ඩායම්ක් තම  දරුවනුත් වඩාගෙන මේ  බසයට ගොඩ වූහ. 


ඔවුහු තම අන්‍යතාව නොපෙනන  ලෙස හොඳ ඇඳුම්  පැළඳුම් වළින් සැරසී සිටියහ. 


ඇතැමුන් තම වර්ගයා අතර පැවති පාරම්පරික ඇවතුම් පැවතුම් බැහැර කර ඇත. ඇතැම් අය රෑනෙන් මිදී ගෙවල් දොරවල් හදා ඒවායේ ජීවත් වෙති. නයි නැටවීම, ශාස්තර කීම අතහැර ඇඟලුම් කම්හල් හෝ පෞද්ගලික ආයතනවල රැකියාව කිරීමට පුරුදුව සිටිති. ඇතැම් තරුණ තරුණියන් සිංහල නම් පවා තබාගැනීම සහ සිංහල සිරිත් විරිත්  අනුව ජීවත්වීම සුවිශේෂී කරුණකි. 


එක අසුනක වාඩි වී  බදුල්ලේ සිට කොළඹ  දක්වා යන මැදිවියේ කාන්තාවකි. ඇය බදුල්ල ප්‍රදේශයේ රජයේ හෝ  පෞද්ගලික ආයතනයක රැකියාවේ නිරතව සිට සති අන්තයේ නිවාඩුවට නිවෙස් බලා යන කාන්තාවක විය හැකිය. මෙදින පැය ගණනක් බසයේ ගමන් කිරීම නිසා විඩාපත් නිදිමත ඇයගේ මුවින් දකින්නට ලැබිණි.


 එක් අසුනක තනිව ගමන් ගත් ඇය අසල අසුනේ වාඩිවී  හුන් අහිකුණ්ඨික කාන්තාව ... අනේ! මිස් බස් එකේ ජනේලය වහලා තියෙන්නේ. ඒක නිසා මගේ දරවාට හුස්ම ගන්න අමාරුයි. පොඞ්ඩක් ජනේලය අරිනවා දැයි විමසුවාය.


“හා අරින්නම්”යි ඇය පැවසුවාය.


එම අවස්ථාව ප්‍රයෝජනයට ගත් කාන්තාව බදුල්ලේ සිට පැමිණෙමින් සිටි කතකගේ  ගමන්  බෑගය රහසිගත අයුරින් විවෘත කර රුපියල් ලක්‍ෂ තුන හමාරක් වටිනා රන්මාලය පැහැරගෙන තිබේ.


 සැකකාරිය තවත් කාන්තාවක් සමග පොලිස් භාරයට ගත් කොස්ගම පොලීසිය ඔවුන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු සලසා තිබිණි. 


නොයෙකුත් උප්පර වැට්ටි යොදාගනිමින් කන්තාවන්ගේ රන්මාල සොරාගත් පුද්ගලයකු  රුවන්වැල්ල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද එම පුද්ගලයා මෙම මාලය සොරාගත් කාන්තාවගේ සැමියා බව වාර්තා වන බවද අවිස්සාවේල්ල අධිකරණ සංකීර්ණ පොලිස් මුරපොළේ නිලධාරීහු පවසති.
(අවිස්සාවේල්ල විශේෂ සෝමසිරි හිඟුරලආරච්චි)

 



අදහස් (0)

අමුතු වෙසින් ඇවිදින් අමුතු උපා යොදා රන්මාලයට විදලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site