(නිකවැරටිය - ප්‍රියාණි මංගලිකා)
තරුණයින් දෙදෙනකු තරුණියක ද රැගෙන ඉකුත් 10 දා රාත්‍රී 12ට පමණ යතුරුපැදියකින් යමින් සිටියදී නම්මුවාවේදී පොලිසිය දැක තරුණිය සහ යතුරුපැදිය ද මග දමා පළාගිය පුවතක් රස්නායකපුර පොලිසියෙන් වාර්තා වෙයි.
මෙදින රාත්‍රියේ මාර්ග සෝදිසියේ සිටි නිලධාරීන් දෙදෙනා තරුණයින් දෙදෙනා පැමිණි යතුරුපැදිය නම්මුවාව ප්‍රදේශයේදී සෝදිසි කිරීම සඳහා නැවැත්වූ අවස්ථාවේ තරුණයින් දෙදෙනා මෙලෙස ගොස් ඇත.
වයස අවුරුදු 18 සහ 22 වයස්වල පසුවන තරුණයින් දෙදෙනා එකම පවුලේ අයියා, මල්ලී වන අතර, ඔවුන් සමඟ සිටි තරුණිය (18) මල්ලීගේ පෙම්වතිය බව ද මල්ලී විසින් මෙදින ඔහුගේ පෙම්වතිය නිවෙසින් පන්නාගෙන රාත්‍රියේ අයියාගේ යතුරුපැදියෙන් තම නිවෙසට යමින් සිටියදී මෙලෙස පොලිසිය දැක පැනගොස් ඇති අතර පසුව අයියා මලෝ දෙදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
පසුව සිදුකළ වැඩිදුර පරීක්‍ෂණවලදී තරුණයින් දෙදෙනා රස්නායකපුර ප්‍රදේශයේ පදිංචි අය බව ද තරුණිය දණ්ඩුවාව ප්‍රදේශයේ පදිංචිකාරියක බව ද මල්ලීට තම පෙම්වතිය සමඟ හොරෙන් පැන යාම සඳහා උදව්වට අයියා පැමිණ ඇති බව අනාවරණය වූ බව ද පොලිසිය සඳහන් කරයි.
පසු දින ඔවුන්ගේ මව්පියන් දෙපාර්ශ්වයම කැඳවා දරුවන් බාර දී ඔවුන් නීත්‍යනුකූලව විවාහ කරවීමට ද උපදෙස් දී පිටත් කර යැවූ බව ද පොලිසිය සඳහන් කරයි.
කොට්ඨාස බාර පොලිස් අධිකාරී උපුල් චන්දන මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී සමරකෝන් බණ්ඩාර මහතාගේ අධීක්‍ෂණයෙන් ස්ථානාධිපති ප්‍ර.පො.ප. මඩවල මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශ ස්ථානාධිපති උ.පො.ප. හේවාවසම්, පො.සැ. මධුශංක (36237), පො.කො. ඉන්දික (23605) යන නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අයිය මලෝ පොලිසිය දැක පෙම්වතියත් යතුරුපැදියත් දමා පැන ගිහින්