X Advertisement
IMG-LOGO

2025 ජුනි මස 29 වන ඉරිදා


අලුත් ආරක්ෂක නිලධාරිගේ සටහනට සංචාරක නිලධාරියාට තරු පෙනිලා

පිට පළාතකින් පැමිණි තරුණයකුට ආරක්‍ෂක නිලධාරියකු වශයෙන් පත්වීමක් ලැබුණි. කිසිදා ආරක්‍ෂක රාජකාරි කර නොමැති ඔහුට මෙය අලුත් අත්දැකීමක් විය. බඳවාගැනීමේ නිලධාරියා තරුණයා අමතා, “පුතා, හොඳට වැඩකළොත් ඉහළට යන්න පුළුවන්” යැයි පැවැසුවේ කිරි තේ එකකින්ද සංග්‍රහ කරමිනි. “අනෙක පුතා අපි ඊ.පී.එෆ්., ඊ.ටී.එෆ්. කපනවා. කෑම ළඟටම ගෙනත් දෙනවා. මේ යුනිෆෝම් එක ඇන්දම බලන්නකෝ ඔයාගේ ලස්සන.” යැයි පැවසුවේ බටර් ද ගාමිනි. ආරක්‍ෂක නිලධාරී තනතුරට දැන් පැමිණෙන්නේ විශ්‍රාමිකයන් වීම එයට හේතුවය. 


සංචාරක නිලධාරියා පැමිණ තරුණයාද කැටිව ගියේ සිංහල අවුරුද්දට නිවාඩු යෑමට බලා සිටින ආරක්‍ෂක නිලධාරියකු මුදා හැරීමටය. “මේ අයි.බී. එකේ (තොරතුරු ලේඛනයේ) සිද්ධ වෙන හැම දෙයක්ම ලියන්න ඕනේ”යි පවසා සංචාරක නිලධාරියා පිටවිය. හරිබරි ගැසී පුටුවේ වාඩි වූ ආරක්‍ෂක නිලධාරියා සෑම සිදුවීමක්ම ලියන්නට විය. සවස පැමිණි සංචාරක නිලධාරියාට තරු පෙනුණේ තොරතුරු ලේඛනය පරීක්‍ෂා කළ විටය. 09.00 සුදු මහතා අතවනා වාහනයෙන් පිටව ගියා, 10.10 සුදු මහතා ආපසු පැමිණ ඉංග්‍රීසියෙන් මොනවාදෝ කීවා. මට තේරුණේ නැත, 10.30 සුදු මහතා “කම් කම්” කියා මට අත වැනුවා. මම ගියාම ඇපල් ගෙඩියක් දුන්නා, 16.00 සුදු මහතා නාන තටාකයට බැහැලා යට ඇඳුම පිටින් පීනුවා, 16.30 සුදු මහතා නාන කාමරටය ගියා. එයා නෑවේ ඇඳුම් නැතිව. 


“ඊයා ලැජ්ජාවේ බැහැ. මොනාද මේ ලියලා තියෙන්නේ” සංචාරක නිලධාරියා විමසීය.


“සර්නේ මට හැම දෙයක්ම ලියන්න කීවේ” ආරක්‍ෂක නිලධාරියා පැවැසීය. 


සංචාරක නිලධාරියා ප්‍රවේශමෙන් එම සටහන් අඩංගු පිටු ඉවත්කර වෙනත් ආරක්‍ෂක නිලධාරියකු එතැනට යෙදවීය. 


ක්‍රිස්ටෝපර් සීපියන් 

 



අදහස් (0)

අලුත් ආරක්ෂක නිලධාරිගේ සටහනට සංචාරක නිලධාරියාට තරු පෙනිලා

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

පිනට කන රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක්
2022 දෙසැම්බර් මස 01 990 0

මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.


අම්මාගේ හඳහන දී දුව බන්දන්න හදලා
2022 නොවැම්බර් මස 30 2157 3

දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.


හිමිනමට උපකාරෙට ගිහින් පන්සලම සුද්ද කරගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 29 1632 0

වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු


මඟුල් කතා කරන්න ගිය මනාලයාගේ පියා රෙදි ගලවාගෙන ඇවිත්
2022 නොවැම්බර් මස 28 5268 4

තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟු‍ම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.


මිතුරියගේ නිවෙසේ පින්කමට සීනි වෙනුවට යූරියා කිලෝ 2 ක් ගෙනත්
2022 නොවැම්බර් මස 26 3118 0

මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව


ෆේස්බුක් පෙම්වතා පෙම්වතියගේ සේසතටම විදලා
2022 නොවැම්බර් මස 25 4546 1

මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.


වැඩි දෙනා කියවූ පුවත්

මේවාටත් කැමතිවනු ඇති

Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි 2022 ඔක්තෝබර් මස 06 2672 0
Birmingham City University සමග අත්වැල් බැඳ ගනිමින් Amrak Institute දැන් BSc. (Hons) Professional Practice (Nursing) Top-up Degree පිරිනමයි

Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!

පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ 2022 සැප්තැම්බර් මස 27 2652 2
පිරිසිදු වෙරළ තීරයක් උදෙසා පරිසරය සුරැකීමට සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී කැපවේ

ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක

මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය 2022 අගෝස්තු මස 15 3638 0
මහ කොමසාරිස්තුමාගේ පණිවුඩය

ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව

Our Group Site