(දේවහුව ප්‍රසාද් ජයකොඩි)
අයියනායක කවිපන්තිය කට පාඩම් කර ගැනීමට අමතක වූ දරුවෙකු දේශපාලනඥයෙකුගේ පියෙකු විසින් ලියන ලද කවියක් පන්ති කාමරය තුළ ගායනා කිරීම නිසා එම දරුවා දණ ගැස්සූ පුවතක් මාදිපොළ පාසලෙන් වාර්තා විය.
මෙම දරුවාගේ පියා මැතිවරණ කාලයට ගසට පොත්තමෙන් බැඳී කටයුතු කළ අයෙකි. මෙම දේශපාලන කටයුතු සඳහා ලියා තිබෙන බැනර් හා කවිකොළඅ ගෙදර රැගෙනගොස් දරුවන්ට පෙන්වීම ඔහුගේ දින චර්යාවක් විය. එම දරුවන් ද එම කවිකොළ කියවා කට පාඩම් කර ගැනීම සිදු කරන්නේ ඉතා ආශාවෙන් හා උනන්දුවෙන් යුතුය.
දිනක් එම සිසුවාට පාසලේ සිංහල විෂය උගන්වන ගුරුවරයා පවසා ඇත්තේ අයියනායක කවි පන්තිය කටපාඩම් කරගෙන එන ලෙසය. පසුදින සිංහල විෂය භාර ගුරුවරයා පන්තියට පැමිණ එක් එක් සිසුවා නැගිටුවමින් කවිපන්තිය ගායනා කරන ලෙස පැවසීය. සිසුන් කීප දෙනෙකු නිවැරදිව ගායනා කළ ද ඉහතකී සිසුවා එම කවි පන්තිය වෙනුවට දේශපාලනඥයාගේ පියා විසින් රචිත කවිපන්තිය ගායනා කළේය.
එම අවස්ථාවේ සිංහල විෂය භාර ගුරුවරයා විසින් එම සිසුවාව කනෙන් ඇදගෙනගොස් අව්වේ දන ගස්සා ඇත. දන ගසාගෙන සිටින විට ඔහුගේ පෙම්වතිය ඒ අසලින් ගොස් ඇති අතර කාරණාව තේරුම්ගෙන ලැජ්ජාවට පත් ඇය එම මොහොතේම ප්‍රේම සම්බන්ධය නවත්වා ඇත. මේ පිළිබඳව එම සිසුවා අදද එම මතකය අවදි කරන්නේ හැඟීම්බරවය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අව්වේ දණගසාගෙන සිටි පෙම්වතා දැක පෙම්වතිය පෙමටත් තිත තියලා