ඔහු අවුරුදු පහක සේවා කාලය ඇති පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙකි. පෞද්ගලික ආරක්‍ෂක නිලධාරීන්ට බෝනස් ගෙවීමක් සිදු නොවන අතර දිනක් ඔහුගේ නෙත ගැටුණු ප්‍රවෘත්තියකි.
“බෝනස් මුදල ලක්‍ෂ එකහමාරක් කරන්නැයි ඉල්ලා වරාය සේවකයින් සටනක” එහි සඳහන් විය. සේවයට පැමිණිදා සිට ආරක්‍ෂක නිලධාරියා සිංහල අවුරුද්දට ගමේගොස් තිබුණේ නැත. මව්පියන් බිරිඳ ඇතුළු දරුවන් අවුරුද්ද සැමරුවේ ඔහු නොමැතිවය.
සංචාරක නිලධාරියා හමුවුණු ඔහු “සර් මම වැඩට ඇවිල්ලා අවුරුදු පහයි. එක අවුරුද්දකවත් බෝනස් ලැබිලා නැහැ.” යනුවෙන් පැවසීය. “කවුද සෙකියුරිටි සර්විස්වලට බෝනස් දෙන්නේ” සංචාරක නිලධාරියා විමසීය. “ඒ වුණාට වෙන ආයතනවල බෝනස් දෙන්නේ රුපියල් පනස් දහස් ගණන්. ඒකත් මදිලු” ආරක්‍ෂක නිලධාරියා ප්‍රවෘත්තිය පෙන්වීය. “ඒවා ලාභ ලබන ආයතන” සංචාරක නිලධාරියාගේ පිළිතුර විය.
“සර් අපේ ආයතනත් ලාභ ලබනවානේ. සේවකයෙකුට අඩු ගානේ අවුරුද්දට රුපියල් එක්දහස් පන්සීයක් දෙන්න බැරිදැයි” ආරක්‍ෂක නිලධාරියා පැනයක් නැඟීය.
“මේක මගේ සර්විස් එකක් නෙවෙයිනේ” සංචාරක නිලධාරියා කීය. “සර් රුපියල් එක්දාස් පන්සීයක් නැත්නම් මම අවුරුද්දට ගමේ යනවා” ආරක්‍ෂක නිලධාරියා පැවසීය.
සංචාරක නිලධාරියා බියට පත්වූයේ ආරක්ෂක නිලධාරියා නිවාඩු ගියොත් සිංහල අවුරුද්දට ඔහු වෙනුවෙන් යෙදවීමට වෙනත් අයෙක් සොයාගත නොහැකි හෙයිනි. තම දරුවාට බෙහෙත් ගැනීමටගෙනා රුපියල් එක්දාස් පන්සීය අතට ගත් සංචාරක නිලධාරියා. “මේ එක්දාස් පන්සීය මගෙන් බෝනස් එකක් කාටවත් කියන්න එපා හරිද” යනුවෙන් පවසා පිටව ගියේය.
ප්‍රදීප් සර් පුදුම කෙනෙක් ආරක්‍ෂක නිලධාරියා තමාටම පැවසීය.
(ක්‍රිස්ටෝපර් සිපියන්)
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අවුරුද්දට ගෙදර යන්න හැදූ සේවකයා වැඩට තියාගත්ත ලොක්කා 1500 ක පගාවක් දීලා
චාමර Friday, 22 April 2016 08:13 AM
කාටවත් කියන්න එපා කිව්වහම පත්තරේටම දාල. (අ)