(කුණ්ඩසාලේ - පී.එම්. රාජපක්ෂ)
කලක් තිස්සේ පැවති ප්‍රසිද්ධ රහසක් ‘විසිල් අහස් කූරූ’ නිසා එළිවීමේ සිද්ධියක් මහනුවරට නුදුරු ගම්මානයකින් අවුරුදු දිනයේ අසන්නට ලැබිණි.
ඔහු පාරම්පරික පවුලකින් පැවතෙන බලවතෙක් වූ අතර සිය බලය ප්‍රදේශය පුරා පතුරවා සිටින අයෙකි. එමෙන්ම ඔහු තම බලවත්කම රිසි සේ බවලතුන් ඇසුරු කිරීමට ද යොදා ගන්නා අයකු බවටත් ප්‍රදේශයේ කා අතරත් රහසක් නොවීය.
අවුරුදු උදාවත්ම නොනගතයද නොතකා එසේ රහස් ගමන් යාමට අමතක නොකළ ඔහු තෑගි බෝගත් ගෙන තම අනියම් පෙම්වතිය බලන්න යන්නට විය.
අලුත් අවුරුදු දිනයේ ප්‍රදේශයේ තරුණ පිරිස් රාත්‍රිය වනතෙක් විවිධ වූ අවුරුදු කෙළි සෙල්ලම්වල නිරතව සිටි අතර බලවතාගේ නොමනා ගමන ගැන ද ගමේ තරුණ පිරිසට ඉව වැටුණි.
ඔහුට කදිම පාඩමක් ඉගැන්වීමට සිතු ඔවුන්, බලවතාගේ නිවස අසල කඳු ගැටයේ සිට අහස් කුරූ සහ රතිඤ්ඤා දැල්වීමට පටන් ගත්තේය.
අහස් කුරූ හා රතිඤ්ඤා දැල්වීම හා අහස් කූරු යැවීම එතරම් ගණනකට නොගත් බලවතා තවදුරටත් රාත්‍රිය එළඹෙන් තෙක් එම නිවසේ කල් මරන්නට විය.
බලවතා එම නිවසින් පිටත් නොවන බව දැනගත් තරුණයන් මේදිනවල වෙළෙඳපළේ ජනප්‍රිය ‘විසිල් අහස් කූරූ’ දැල්වූහ.
අමුතු විසිල් හඬක් නැගෙන රතිඤ්ඤා හඬ කෙරෙහි බලවතාගේ අවධානය යොමු විය. මඳක් මදුවිතෙන් ද සප්පායම් වී සිටි ඔහුට දැනුනේ කවුරුන් හෝ තමන් සමච්චලයකට ලක්කරමින් විසිල් ගසන බවකි.
තමන් නිරතව සිටි කටයුතු නවතා වහා නිවසින් එළියට පැමිණි ඔහු කවුද යකෝ මේ විසිල් ගහ ගහ රතිඤ්ඤා දාන්නේ. එක්කෝ විසිල් ගහපන් නැත්තම් රතිඤ්ඤා දාපන්, මං කවුද කියල දන්නවනේ යැයි, තර්ජනය කරමින් කෑ ගසන්නට විය.
මෙය ඇසුණු තරුණ පිරිස හූ හඬ තබා තවත් ‘විසිල් අහස් කූරු’ හා රතිඤ්ඤා දල්වන්නට වූ අතර බමන මතේ සිටි බලවතා ඇඟේ නූල්පටක් ද නොමැතිව දුවන්නට විය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අවුරුදු දා අනියම් පෙම නිර්වස්තර වෙලා
sampath Thursday, 22 April 2021 02:13 PM
මේ රටේ මිනිස්සුන්ට අනුන්ගේ කුණු නොසොයා ඉන්න බැරි හැටි. ඒ මනුස්සයා කැමැති නම් ගමේ මිනිස්සුන්ට ඇති රුදාව මොකක්ද? මේවා විතරක් නෙවෙයි... රැකියා ආගන්තුකයන් ගැන අසල්වැසියන්, ගම්මුන් හරියට වැඩ වෙනවා. තමන්ගේ වැඩක් බලාගත්තා නම් නරකද මේ මනුස්සයාගේ ක්‍රියාව වගේම අනෙක් අයගේ ක්‍රියාවත් හොද නැහැ. දෙපිරිසම එකයි.