ආරක්ෂක අංශයේ සේවයේ නියුතු වුවකු වන ඔහුට අවුරුදු නිවාඩුව ලැබුණේ අවුරුද්ද පසුවී දින කිහිපයක් ගිය පසුවය.
ඔහු නිවසට පැමිණි දිනම, අසල්වැසි නිවෙසක ජීවත් වන තම හොඳම මිතුරා ගේ නිවෙසට ගියේ තවත් මිතුරකුද සමඟය. කලකට පසුව හමුවූ තම මිතුරාට ඉහළම අන්දමින් සැලකීම සඳහා මිල අධික මත්පැන් බෝතලයක්ද රැගෙන ආවේය.
කලකට පසුව හමුවූ මිතුරන් අල්ලාප සල්ලාපයේ යෙදී සිටිද්දී, බොමින් සිටි මත්පැන් බෝතලයද නොදැනුවත්වම අවසන් වී තිබිණි. අනෙක් මිතුරන්ට කෙසේ වෙතත්, ආර්කෂක අංශයේ පුද්ගලයාට නිසි පදම පවා ඉක්මවා ගොස් තිබු බැවින් සියල්ල අවසන් වීමෙන් අනතුරුව සුමේධ ඔහුගේ නිවෙසට ඇරලවීමට සිදු වූයේ සිය මිතුරන්ගේද වාරුව ඇතිවයි.
ඔවුන්ගේ හඬ ඈතටම ඇසීමෙන් ඔහුගේ මවත් බිරියත් මිදුලට බැස ඔවුන් එන දෙස බලා සිටියහ. වාරුවෙන් යුතුව ඔවුන් අසලටම පැමිණි සුමේධට සිය මව පිළිබඳව ඇති වුයේ දැඩි සෙනෙහසකි.
‘‘මට සමාවෙන්න අම්මේ......මේ අවුරුද්දේ අම්මගේ කකුල් දෙක අල්ලන් වඳින්නවත් බැරි වුණා. එසේ කී හෙතෙම වහාම බිම වැතිර ‘‘දස මාසේ උරේ කත්වා..... යන මවට වඳින ගාථාව කියමින් වඳින්නට පටන් ගත්තේය.
‘‘මචං....උඹට ගාථාව මාරුවෙලා..........’’ මිතුරකු එසේ කියන විට ඔහු අපහසුවෙන් හිස ඔසවා බලද්දී බීපු මත්පැන් හිදී ගියේය. ඒ තමා සිය මව කියා වැඳ ඇත්තේ තම ආදරණීය බිරියට බව පෙනුන විටය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අවුරුදු සාදයෙන් බීගෙන ඇවිත් මව යැයි සිතා බිරියට වැඳලා
ශාන්ති Tuesday, 22 April 2014 11:42 PM
හත්වලාමේ වෙච්චි දේට මක් කරන්ඩද ? (නදී)
ජාලිය Thursday, 24 April 2014 03:35 PM
අපිත් හොඳට බොනවා. අපිට ඔහොම නෑනෙ. (ස)
ශාන්ති Thursday, 24 April 2014 01:16 AM
ඇත්ත චමිල, අපි කැමතිත් ඒ විදිහට (නි)
චමිල Wednesday, 23 April 2014 06:26 PM
මෙතන අදහස් දක්වලා තිබෙන ස්ත්‍රී පාර්ශවයේ අය නම් වෙලා තියෙන දේට කැමති බවකුයි තේරෙන්නේ. (නි)
කේජී Wednesday, 23 April 2014 02:36 PM
කොහොමත් බිරිද ළඟ දණ ගහනවනේ. ඕක සාමාන්‍ය දෙයක්. (ස)
දුලන්ගනී Wednesday, 23 April 2014 09:54 AM
සමහර තරුණ තරුණියන්ට රැවටිලා. අසරණ මෑණියන්ට වෙනස්කම් කළා. ගෑණු ඕන තරම් ලෝකේ හරිම කරදරේ. එක අම්මයි ඇත්තේ අපට එයයි ආදරේ...... (ස)
කමනි Wednesday, 23 April 2014 08:54 AM
දුක සැප බලන කෙනාට වැන්දම මොකද???? (ස)
හසිත Wednesday, 23 April 2014 06:59 AM
අවුලක් නැහැ. පළවෙනි අම්මා අම්මාමයි. දෙවනි අම්මා ගුරුතුමා. තුන්වෙනි අම්මා බිරිදනේ. ඒ නිසා අවුලක් නැහැ.(නදී)
අසාද් Wednesday, 23 April 2014 07:32 AM
මතට තිත! (නි)
චන්ද්‍රා Wednesday, 23 April 2014 04:20 AM
මත්පැන් බිව්වම මව,බිරිඳ මාරු වෙනවා නම් මෙයාට මත්පැන් පානය සදහටම නවත්වන්න වෙන දවස වැඩි ඈතක නැහැ වගේ. (නි)
ඉන්දු Tuesday, 22 April 2014 10:59 AM
ඉතින් මොකද වෙන්නේ ??? (ස)
ගුණවර්ධන Wednesday, 23 April 2014 12:04 AM
අම්ම කියා කියත හැකි එකම ළදකටයි. භමන මතින් බිරිය දැක්කේ අම්ම වගේ තමයි. (නදී)
පෙරේරා Tuesday, 22 April 2014 08:42 PM
අම්මාට හිතෙන්න ඇති, මේවාගෙ එකෙද්ද, මම මෙච්චර දුක්විදලා හැදුවෙ කියලා. (අ)
පහන්දී Tuesday, 22 April 2014 05:22 PM
කොහොම වුණත් මවට වදින ගාථාව අමතක නොවුණ නිසා මේ මනුස්සයා ගොඩක් හොඳ කෙනෙක් වගේ (නි)
ශාන සෞදි Tuesday, 22 April 2014 04:43 PM
අනේ මම දහදුක් විදලා හදල තියෙන්නේ මේ වගේ බුරුවෙක්නේ කියල හිතෙන්න ඇති. (ස)
නිලූ විදානගේ සෞදි අරාබිය Tuesday, 22 April 2014 03:40 PM
නරකමත් නෑ වැඩේ. සිහිය ආවට පස්සේ හොද සිහියෙන් අම්මාට වදින්න ඇතිනේ. අවසිහියෙන් හරි තම මවට වදින්න උවමනා උන පුතෙක්.සමහරක් අය බිගත්තාම අම්මා,අප්පා මතක නැහැනේ.(නදී)
දයා අලහකෝන් Tuesday, 22 April 2014 12:04 PM
ධම්ම-මම අහල තියෙනේ අම්ම නොවෙයි නැන්දම්මා කියලි. හරි කෝකද මන්ද?(දිල්)
ධම්ම Tuesday, 22 April 2014 11:45 AM
විකල් වූ මනසින් පහළ වූ සිතිවිලි හොඳ පැත්තට ගිය නිසා අම්මා හා බිරිඳ මාරු වීම ලොකු ප්‍රශ්නයක් වුණේ නැහැ. බීම නිසා අම්මා බිරිඳ මාරු වූ තවත් කතා මා අසා තිබෙනවා. (ස)
කුමාරි Tuesday, 22 April 2014 12:14 PM
මේ දිහා බලන් හිටි අම්මට මොනවා හිතෙන්න ඇත්ද? (ස)
සංජීව Tuesday, 22 April 2014 11:51 AM
බිරිඳ කියන්නේ දෙවැනි අම්මට..........වැන්දට පව් නැහැ... (ස)