(මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
තම ප්‍රේම සම්බන්ධයට මාපියන්ගෙන් සිදුවන බැණවැදීම් ඉවසා ගැනීමට නොහැකි වූ බාලවයස්කාර තරුණියක් ඒ බව තම පෙම්වතාට පැවැසීමෙන් පසුව පෙම්වතිය රැගෙන ගොස් තම මවට භාරදුන් පෙම්වතකු පිළිබඳ පුවතක් කොට්ටාව පොලිසියෙන් වාර්තා විය.
පෙම්වතිය අවුරුදු පහළොවක සිසුවියක් වන අතර පෙම්වතා අවුරුදු විසි දෙකක තරුණයෙකි.
පාසල් වයසේ පසුවන තම දියණිය පවත්වාගෙන යන ආදර සම්බන්ධයට මාපියන් නිතර නිතර විරුද්ධත්වය පළකර ඇත. පසුගිය දිනක දියණියගේ මව ඉතා තදින් ඊට විරුද්ධ වී බැණවැදී ඇත. මේ බව පෙම්වතාට පැවසීමෙන් පසුව පෙම්වතා අපූරු පිළියමක් යෙදුවේය.
පෙම්වතියට තමා හමුවීමට එන්නැයි ආරාධනා කොට, චාරිත්‍ර වාරිත්‍ර අමතක කොට පෙම්වතිය තම නිවසට කැඳවාගෙන ගොස් තතු පවසා තම මවට භාර දී ඇත.
ඉන්පසුව මේ බව දියණියගේ පාර්ශ්වයෙන් පොලිසියට පැමිණිල්ලක් කොට ඇත. ඒ අනුව දෙපාර්ශ්වයම පොලිසියට කැඳවා පැමිණිල්ල විභාග කොට දියණිය වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කොට ලද වාර්තාව අනුව දැරියට කිසිදු අනතුරක් නොවූ බව පැවසීමෙන් පසුව දැරිය ඇගේ මවට භාර දී නීතියට අනුව ගැටලුව විසඳූ බව සඳහන්ය.
මුදල් නොගෙවා කොත්තු කෑමට එන පොලිස් රාලහාමිලාට අපූරු පොලිස් කොත්තුවක් දෙන ආපනශාලා හිමියකු පිළිබඳ කතාවක් දකුණේ නගරයකින් අසන්නට ලැබේ.
දියණියගේ යැයි කියා අම්මාගේ හදහන ඉදිරිපත් කොට දුව දීග දීමට තැත් කළ පුවතක් වයඹ හා මධ්‍යම අතරට අයත් මායිම් ගම්මානයකින් අසන්නට ලැබුණි.
වයෝවෘද්ධ හිමි නමට ඇප උපස්ථානය කරනවා යයි මුහුණු පොතේ දමමින් විහාරස්ථානය සූරා කෑ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට එම විහාරස්ථානයේ පස් පෑගීමත් තහනම් කෙරු
තම පුතුට කටයුත්තක් කතා කරන්නට නෑගම් ගිය පියකු පදම වැඩිවී අනාගත ලේලියගේ මව සමග අනග රැඟුම් පාන්නට ගොස් පුතුගේ කසාදයට ද කණකොකා හැඬූ බව කියන පුවතකි.
මිතුරියකුගේ නිවසේ පැවැති පින්කමක් සඳහා සහභාගීවීමට යාමේදී සීනි වෙනුවට යූරියා කිලෝ දෙකක් රැගෙන ගිය කාන්තාවක පිළිබඳව දකුණු පළාතේ ගම්මානයකින් වාර්තා ව
මුහුණු පොතෙන් හඳුනා ගත් පෙම්වතා නිවෙසට ගෙන්වාගත් කාන්තාවකට මුහුණ දීමට සිදුවූ අපූරු සිදුවීමක් දකුණු පළාතේ ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
Amrak වෛද්‍ය විද්‍යා අධ්‍යාපන ආයතනය, බර්මින්හැම් සිටි විශ්ව විද්‍යාලය සමග අත්වැල් බැඳගනී!
ශ්‍රී ලාංකීය ජනතා විශ්වාසය දිනූ කීර්තිමත් ව්‍යාපාර සමූහයක් වන සී. ඩබ්ලිව්. මැකී පීඑල්සී විසින් සමුද්‍ර දුෂණය වැළැක්වීමේ සය වැදෑරුම් තිරසර ආකෘතියේ එක
ඉන්දියාව නිදහසේ 75 වන සංවත්සරය සමරන මෙම අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ මාගේ සහෝදර සහෝදරියන්ට උණුසුම් සුභාශිංසන පිරිනමමි. ශ්‍රී ලංකාව ද නිදහසේ 75 වන වසරෙහි පසුව
අවු. 22 පෙම්වතා 15 පෙම්වතිය රැගෙනගොස් මවට බාරදීලා
ඉන්දු Thursday, 02 June 2016 10:20 PM
සැබෑ පෙම්වතෙක්. මම මේ ගැහැණු ළමයාගේ අම්මා වුණා නම් කලවයස ආවහම මේ පිරිමි දරුවාටම දුවව බාරදෙනවා. (නි)
සමන්ති Friday, 03 June 2016 12:22 AM
අම්මලාද දරුවන් ගැන ආදරයෙන් සිටිය යුතුයි (නි)
යසෝධරා Friday, 03 June 2016 02:16 AM
මෙන්න නියම ආදරවන්තයෝ! (නි)
පිටිගල Friday, 03 June 2016 06:35 AM
මේ දෙන්නට දෙපැත්තෙන්ම ආශීර්වාද කොට කල වයස උදා වූ පසු විවාහය සිදු කර දෙන්න.හොඳ ආදර වන්තයෝ දෙන්නෙක්. (ම)
භද්‍රානි Friday, 03 June 2016 08:05 AM
පුදුමේ කියන්නේ, අපේ බොහෝ වැඩිහිටියන්ට ඔවුන්ගේ ළමා කාලය හා සුන්දර තරුණ විය ඉතා ඉක්මනින්ම අමතක වීමයි. (බ)
චින්තක Friday, 03 June 2016 08:08 AM
අවුරුදු 15 කියන්නේ ජීවිතේ යමක් තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් වයසක් නොවේ. මේ ළමයට පස්සේ වයසකදී තේරේවි දෙමුපියන්ට අකීකරු වෙලා එදා කරපු දෙය. පිරිමි දරුවා කරලා තියෙන්නේ යහපත් දෙයක්. (බ)
මනෝරි Friday, 03 June 2016 10:14 AM
මෙතන නීතිමය වශයෙන් වැරැද්දක් තියෙනවා. නමුත් පිරිමි ළමයා කරලා තියෙන්නේ තමන්ගේ දැනුමේ හැටියට කරන්න පුළුවන් හොදම දේ. ප්‍රශ්නය ලංකාවේ ළමයෙකුට මෙවැනි අවස්ථාවක වෙනත් පිහිටක්, උපදේශන සේවාවක් නෑ. (බ)
කෞශල්‍යා Friday, 03 June 2016 05:00 PM
සැබෑ ආදරවන්තයෙක්. අද කාලෙ නරුමයො ඉන්නෙ. ඒත් මේ කෙනා රටට ආදර්ශයක්. වැරදි සිදුවුණත් කාන්තාවකගෙ ගෞරවය ආරක්ෂා කිරීම උතුම් දෙයක් (නි)
අජිත් Saturday, 04 June 2016 09:09 AM
ෂා!! අද කාලේ හොයාගන්න බැරි හොඳ කොල්ලෙක්. එ්ත් ඉතින් ගැහැණු ළමයා කරපු දේ නම් අනුමත කරන්න බැහැ. පළමුව අධ්‍යාපන කටයුතු කරගන්න ළමයිනේ. දෙවනුව පුළුවන් ඔය ඕනෑම දෙයක් කරගන්න. (නි)
සාගර Sunday, 05 June 2016 10:35 AM
ලංකාවේ මිනිස්සුන්ගේ මනස හදන්න වැඩ පිළිවෙලවල් සකස් විය යුතුයි. දැන් ලංකාව කියන්නේ පන්සිල් පද 5 රැකගන්න බැරි බෞද්ධයෝ ඉන්න මහා දුෂණය වෙච්ච රටක්. නමට බෞද්ධ රටක් උනාට, දැන් ලංකාව කියන්නේ නියම බෞද්ධ දර්ශනය අල්ප මාත්‍රයක්වත් හරියට ක්‍රියාත්මක නොවන වල වැදිච්ච රටක්. ඒ නිසා සියලුම ආගමික නායකයන්ගේ විශේෂ අවධානය හැකි ඉක්මනින් මේ සඳහා යොමු විය යුතුයි.(හේ)
බුද්ධි Sunday, 05 June 2016 11:10 AM
අජිත් නම් කියාවි. ඒත් කසාදයක් කරගන්න බැරුව ලතවෙනකොට තේරෙයි. (නි)
හර්ෂ Monday, 06 June 2016 12:57 PM
අවුරුදු 15 ක් මේ දරුවා හදන්න දෙමාපියෝ කොච්චර මහන්සි වෙන්න ඇද්ද? (නි)
චම්පික Tuesday, 07 June 2016 01:45 AM
බොහොම හොඳ අාදර්ශවත් වැඩක්නේ කරලා තියෙන්නේ (නි)